BREAKING
Top Ad
Life

24වන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළට කෘති බාර ගැනේ

T

The Leader

March 2, 2022 • 3:04 AM

24වන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළට කෘති බාර ගැනේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 24වන වරටත් පවත්වනු ලබන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය සඳහා මුද්‍රිත කෘති බාර ගැනීම ආරම්භ කර තිබේ.
  • දෙමළ භාෂාවෙන් සිංහලට පරිවර්තනය වූ කෘති    06.
  • සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවට පරිවර්තනය වූ කෘති   මෙම සම්මානය උදෙසා 2022 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය, මුදල් ත්‍යාග/ පොත් වවුචර් සහ සහතික පත්‍රයක් ද පිරිනැමේ.
  • මෙම ප්‍රවර්ග නියෝජනය කරන කෘති අතරින් ප්‍රශස්ත යොවුන් දායකත්වය උදෙසා නවකතාව, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ සහ යොවුන් නවකතාව යන අංශ යටතේ ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය, පොත් වවුචර සහ සහතික පත්‍රයක් පිරිනැමෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙම සම්මානය සඳහා නිරීක්ෂණයට බාර දෙන කෘති සියල්ල 2021 වසරේ පළමු මුද්‍රණය ලෙස ප්‍රකාශයට පත් වූ කෘති විය යුතු බවත් එම කෘති 2021 වසරේ ජනවාරි 01වන දින සිට 2021 දෙසැම්බර් මස 31වන දින අතර කාලය තුළ පළමු මුද්‍රණය ලෙස ප්‍රකාකාශට පත් කළ කෘතියක් ලෙස ජාතික ලේඛනාගාරයේ ලියාපදිංචිය ලැබ තිබිය යුතු බවත් සංවිධායකයින් නිවේදනය කර ඇත.

ලියාපදිංචි ප්‍රකාශන ආයතනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද කෘති මෙන්ම කර්තෘ ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශනයට පත් කර ඇති කෘති ද මීට බාර ගනු ලැබේ.

 

තරග ප්‍රවර්ග

 

1. නවකතා, කෙටි කතා සංග්‍රහ සහ කාව්‍ය සංග්‍රහ (සිංහල/දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් රචිත කෘති )

2. සිංහල භාෂාවෙන් පමණක් ප්‍රකාශයට පත් වූ කෘති

යොවුන් නවකතා 2. තීරු ලිපි සංග්‍රහ

3. ශාස්ත්‍රීය සහ විමර්ශනාත්මක/පර්යේෂණාත්මක කෘති

4. පරිවර්තන සාහිත්‍යය (මෙහිදී වෙනත් කර්තෘවරු විසින් පරිවර්තනය නොකරණ ලද නව්‍ය පරිවර්තන ලෙස ඉදිරිපත් කෙරෙන කෘති කෙරෙහි වෙසෙස් අවධානයක් යොමු කෙරෙනු ඇත.)

05. දෙමළ භාෂාවෙන් සිංහලට පරිවර්තනය වූ කෘති   

06. සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවට පරිවර්තනය වූ කෘති

 

මෙම සම්මානය උදෙසා 2022 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය, මුදල් ත්‍යාග/ පොත් වවුචර් සහ සහතික පත්‍රයක් ද පිරිනැමේ.

මෙම ප්‍රවර්ග නියෝජනය කරන කෘති අතරින් ප්‍රශස්ත යොවුන් දායකත්වය උදෙසා නවකතාව, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ සහ යොවුන් නවකතාව යන අංශ යටතේ ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය, පොත් වවුචර සහ සහතික පත්‍රයක් පිරිනැමෙනු ඇත.

කෘති බාර ගැනීමේ අවසාන දිනය වන්නේ 2022 මාර්තු මස 31වැනිදා යි.

ප්‍රකාශන ආයතන මගින් සහ කර්තෘ ප්‍රකාශන මගින් ඉහත කොන්දේසිවලට යටත් වන කෘතිවලින් පිටපත් තුන (03) බැගින් සංවිධායකයින් වෙත බාර දිය යුතු අතර ලිපියක් හෝ ඒ වෙනුවෙන් සකස් කළ ලැයිස්තුවක් එහි පිටපතක් ද සහිතව රැගෙන පැමිණිය යුතුය. මේ පිළිබඳව සකස් කළ ලිපියක් ලියාපදිංචි ප්‍රකාශන ආයතන වෙත තැපැල් මගින් සහ විද්‍යුත් තැපෑල මගින් යොමු කර ඇති අතර අදාළ ආයතන විසින් ගොඩගේ සම්මානය සඳහා පොත් යොමු කර ඇත්දැයි කර්තෘවරුන් විමසිලිමත් වීම අපේක්ෂා කෙරේ. එසේ නොවන අවස්ථාවල දී කතුවර කතුවරියන්ට තමන්ගේ කෘතියේ පිටපත් තුනක් (03) පහත ලිපිනයට ගෙනැවිත් බාර දිය හැකි ය.

මුද්‍රණ වර්ෂය සහ ප්‍රථම මුද්‍රණය යන කොන්දේසිය අනිවාර්ය නියමයක් බැවින් සම්මානය සඳහා සලකා බැලෙමින් තිබෙන කවර මොහොතකදී වුව එය උල්ලංඝනය වී ඇතැයි තහවුරු වුවහොත් තරගයෙන් ඉවත් කිරීමේ බලය සංවිධායකවරුන් හට පවතින බවත් එය ඉදිරි වර්ෂයක් සඳහා සුදුසු නියාම පවතී නම් එය පසු වර්ෂයට යළි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද කතුවර කතුවරියන සතු වන බව වැඩිදුරටත් සංවිධායකයෝ අවධාරණය කරති.

කෘති බාර දිය යුතු ලිපිනය

ගොඩගේ පොත් මැඳුර,

675,

කුලරත්න මාවත,

මරදාන  

කොළඹ 10.

274778334 4820961784685739 8298552400751940216 n

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...