BREAKING
Top Ad
Life

හැම මිනිහෙකුටම පිස්සුවක්: (Hey Jude Malayalam Movie) - ඊෂා කප්පරගේ

T

The Leader

April 3, 2021 • 9:26 AM

හැම මිනිහෙකුටම පිස්සුවක්:  (Hey Jude Malayalam Movie) - ඊෂා කප්පරගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘Hey Jude’ කියන්නේ ඉන්දියානු ශ්‍යාම්ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ මලයාලම් චිත්‍රපටියක්.
  • ජූඩ්ට මානසික ආබාධයක් ඇති බව පවුලේ අයට තේරෙන්නේ නැහැ.    මේ තත්ත්වය තේරුම් ගන්නේ ඔහුට අහම්බෙන් හමුවන මිතුරියක්.
  •   ඇස්පර්ජර් සහලක්ෂණය ඇති අය සමාජය සමඟ කටයුතු කිරීම පිළිබඳ අවබෝධයක් නැහැ.
  • ස්වීඩන් ජාතික පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් එවැනි එක් අයෙක්.    ස්කොට් ඇමරිකන් සංගීතඥ ඩේවිඩ් බර්න් සහ බ්‍රිතාන්‍ය ගොට් ටැලන්ට් හරහා ජනප්‍රිය වූ ගායිකා සුසාන් බොයිල් ද ඇස්පර්ජර් සහලක්ෂණය සහිත අය ලෙස හඳුනාගෙන තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
එය සුවිශේෂ එකක්. චිත්‍රපටයේ තේමාව වන්නේ මානසික ආබාධයක් වන ඇස්පර්ජර් සහලක්ෂණය (Asperger’s syndrome) පිළිබඳවයි. 
 
මලයාලම් සිනමාව මෙවැනි මනෝවිද්‍යාත්මක කාරණා බෙහෙවින් ස්පර්ශ කරනවා.
 
Hey Jude කියන්නෙ බීට්ල්ස් සංගීත කණ්ඩායම මුල් යුගයේ ගායනා කළ ජනප්‍රිය ගීයක්. එය ගීයේ කතානායක ජූඩ්ට තමන් කැමති ආදරය සොයා යන්නට දිරිගන්වන ගීයක්.
 

 
 
මෙහි එන ජූඩ් නම් තරුණයාට සාමාන්‍ය ජීවිතය තේරෙන්නේ නැහැ. ඔහු ඉතා බුද්ධිමත්. එහෙත් සාමාන්‍ය මිනිසුන්  හා සමාජය සමඟ සම්බන්ධතා පැවැත්වීමම පිළිබඳ අවබෝධයක්  ජූඩ්ට නැහැ. 
 
මේ නිසා ඔහුට රැකියාවන් අහිමි වෙනවා. පවුලෙන් කොන් වෙනවා. ජූඩ්ට මානසික ආබාධයක් ඇති බව පවුලේ අයට තේරෙන්නේ නැහැ. 
 
මේ තත්ත්වය තේරුම් ගන්නේ ඔහුට අහම්බෙන් හමුවන මිතුරියක්. චිත්‍රපටයේදී ඇගේ නම ක්‍රිස්ටල්. ඇය සහ ඇගේ පියා මොහු මේ තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා දරන උත්සාහය ලස්සනට මේ චිත්‍රපටියේ  සිනමාත්මකව පෙන්නනවා. චිත්‍රපටය බලන්න.
 
මානසික ප්‍රතිකාර හෙවත් psychotherapy කියන එක හොඳින් පෙන්වන චිත්‍රපටියක් තමයි ‘Hey Jude’. 
 
මට මතක් වුණේ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ විසින් නිර්මාණය කළ ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය. එය ග්‍රස්ථිය නම්වූ රෝගය හෙවත් Obsessive-compulsive disorder (OCD) කියන  මානසික ආබාධය මනාව විදහාපාන චිත්‍රපටයක්. 
 
එහි ප්‍රධාන චරිතය වන විශ්වට රෝගයෙන් එතෙරවීමට සමාධි උදව් කරන්න වගේ තමයි ‘Hey Jude’ හි  ක්‍රිස්ටල් සහ ජූඩ් එකිනෙකාට සහය දෙනවා. උදව් කරනවා.
 
ඇස්පර්ජර් සහලක්ෂණය ඇති අය සමාජය සමඟ කටයුතු කිරීම පිළිබඳ අවබෝධයක් නැහැ. සමාජ සබඳතා පවත්වා ගැනීම පිළිබඳ අවබෝධයක් නෑ. වාචික මෙන්ම වාචික නොවන සන්නිවේදනයේදී දුර්වලයි. පුද්ගලයන් සමග කතාකරද්දී ඇසට ඇස (eye contact) නැහැ. මුහුණෙන් හැඟීම් පෙන්නන්න දන්නෙ නැහැ. 
 
Hey Jude 1
 
මේ හැම ලක්ෂණයක්ම ජූඩ්ගේ චරිතයට පණ පොවන නිවින් පෝලි (Nivin Pauly) ඉතා දක්ෂ ලෙස නිරූපණය කරනවා. 
 
ඒහා සමානව අඩුවක් නොමැතිව ක්‍රිස්ටල්ගේ චරිතය නිරුපණය කරන ට්‍රිෂා ක්‍රිෂ්ණන් (Trisha Krishnan) උපරිම සාධාරණයක් ඉටු කරනවා.
 
ඇස්පර්ජර් සහලක්ෂණය සායනිකව හඳුනාගත් ප්‍රසිද්ධ පුද්ගලයන් ඉන්නවා. ස්වීඩන් ජාතික පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් එවැනි එක් අයෙක්. 
 
ස්කොට් ඇමරිකන් සංගීතඥ ඩේවිඩ් බර්න් සහ බ්‍රිතාන්‍ය ගොට් ටැලන්ට් හරහා ජනප්‍රිය වූ ගායිකා සුසාන් බොයිල් ද ඇස්පර්ජර් සහලක්ෂණය සහිත අය ලෙස හඳුනාගෙන තිබෙනවා.
 
ලංකාවේ මානසික රෝග සාක්ෂරතාවය ඉතාම අඩුයි. මේ නොදන්නාබව නිසාම විශේෂයෙන් දරුවන් බොහෝ විට පීඩාවට පත් වෙනවා. මේ පිළිබඳ අවබෝධයක් ප්‍රාථමික පංතිවල ගුරුවරුන්ට, මාතෘ සායන වලට එන අම්මලාට ලබා දෙනවා නම්  ඉතාමත්ම වැදගත්. 
  
මේ චිත්‍රපටියේ ජූඩ්ගේ දෙමව්පියන් මෙය රෝගයක් බව දැනගත් විට ඉතා දුකට පත්වෙනවා. තම පුතාට  කුඩා කල දඬුවම් කළ හැටි, පුතා නොසලකා හැරිය හැටි මොවුන්ට මතක් වෙනවා. මානසික රෝගීන්ට එම තත්ත්වයෙන් ගොඩ ඒමට නොහැකි වන ප්‍රධාන හේතුවක් වන්නේ පවුලේ උදව් නොමැති වීම. මේ අය තමන්ගේම පවුල තුළ නොසලකා හැරීම් වලට, කොන්කිරීමට, සමච්චලයට ලක්වෙනවා.
 
ලංකාවෙත් හේ ජූඩ් වගේ චිත්‍රපටි හැදෙනවා නම් ගොඩක් හොඳයි. ජයන්ත චන්ද්‍රසිරි තමයි මම හිතන්නේ වැඩියෙන්ම මානසික රෝග, මානසික තත්ත්ව ගැන චිත්‍රපට හදලා තියෙන්නේ. ජයන්තගේ සමනල සන්ධ්වනිය, ඝරසර්ප  දෙකම ඒ වගේ නිර්මාණ.
 
ලංකාවේත් ජනප්‍රිය වූ, අමීර් ඛාන් රඟපෑ සුප්‍රකට තාරේ සමීන් පාර් චිත්‍රපටය ඩිස්ලෙක්ෂියා නම් මානසික ආබාධය පිළිබඳ සාකච්ඡා කළ චිත්‍රපටයක්.
 
 
‘Hey Jude’ චිත්‍රපටය දෙබසක් තියෙනවා. ජූඩ්ගේ තාත්තා කියනවා “හැම මිනිහෙකුට ම මොකක් හරි පිස්සුවක් තියෙනවා. ඒ පිස්සු තමයි මිනිස්සු ජීවත් කරන්නෙ, ලෝකය  වෙනස් කරන්නේ.” කියලා. මාත් එක්ක ‘Hey Jude’ චිත්‍රපටියේ නැරඹු  මගේ දූ අහනවා, “එතකොට අම්මෙ ආගමික ශාස්තෘවරුන්ටත් තිබුණෙ පිස්සුවක්ද?”
 

 
 
මෙම ලිපියත් කියවන්න: 
 
(උපුටා ගැනීම-praja.lk)
 

 

 


 

THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...