BREAKING
Top Ad
Life

මචංලා මං උඹලට ආදරෙයි ! හිරාන්ගෙන් ලංකාවේ අරගලයට සහය

T

The Leader

April 11, 2022 • 3:52 AM

මචංලා මං උඹලට ආදරෙයි ! හිරාන්ගෙන්  ලංකාවේ අරගලයට සහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාට්‍ය කලාවේ විශිෂ්ටයින් ඇගයෙන බ්‍රිතාන්‍ය ඔලිවර් සම්මාන උලෙළේ දී හොඳම රංගන ශිල්පියා ලෙස ඊයේ (10) දින ඇගයුම් ලැබූ ශ්‍රී ලාංකේය රංගන ශිල්පී
  • ජයවේවා !"   හිරාන් අබේසේකර එංගලන්තයේ රාජකීය නාට්‍ය කලා ඇකඩමියේ උපාධිලාභීයෙකි.
  • ඔහු 2015 රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේ දී හොඳම රංග වින්‍යාසය උදෙසා සම්මාන දිනා ගත්තේ ය.
  • එසේම, “එක්සත් රාජධානි නාට්‍ය සම්මාන උලෙළ 2019” දී හොඳම වේදිකා රංගනය වෙනුවෙන් පිදෙන සම්මානය තමන් සතු කර ගැනීමට ද ඔහු සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

හිරාන් අබේසේකර, එම සම්මාන වේදිකාවේ දී මෙරට අරගලයට සහය පළ කර සිටියේ ය.

 

"මගේ ශ්‍රී ලංකාව මේ මොහොතේ අසීරු කාලයක් පසු කරමින් ඉන්නේ. ඔබ සියලු දෙනා ගැනම මම හිතනවා. මට ඔබ සමඟ රැඳෙන්න තිබුණා නම් කියා හිතෙනවා. මචංලා මං උඹලට ආදරෙයි ! ජයවේවා !"

 



හිරාන් අබේසේකර එංගලන්තයේ රාජකීය නාට්‍ය කලා ඇකඩමියේ උපාධිලාභීයෙකි. ඔහු 2015 රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේ දී හොඳම රංග වින්‍යාසය උදෙසා සම්මාන දිනා ගත්තේ ය. ඒ “මෙය තුවක්කුවක් නොවේ” වේදිකා නිර්මාණය වෙනුවෙනි.

එසේම, “එක්සත් රාජධානි නාට්‍ය සම්මාන උලෙළ 2019” දී හොඳම වේදිකා රංගනය වෙනුවෙන් පිදෙන සම්මානය තමන් සතු කර ගැනීමට ද ඔහු සමත් විය.

 

lskosk

වේදිකාවේ විශිෂ්ටයින් අගයමින් වාර්ෂිකව සංවිධාන කෙරෙන බ්‍රිතාන්‍ය ඔලිවර් සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ Royal Albert Hall හි දී ය.

යැන් මාටෙල් විසින් රචිත, බුකර් සම්මාන දිනූ නවකතාවක් ඇසුරින් නිර්මිත "Life of PI" වේදිකා රංගයේ ප්‍රධාන භූමිකාවට පණ පෙවූ හිරාන් අබේසේකර හොඳම රංගන ශිල්පියා ලෙස ඇගයුම් ලබද්දී ව්‍යඝ්‍රයාගේ චරිතයට පණ දුන් සෙසු නළුවන් හත් දෙනා ද හොඳම සහය රංගන ශිල්පියාට හිමි සම්මානය දිනා ගනු ලැබීය.

Pi 1200 231121

 

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...