BREAKING
Top Ad
Life

History of dogs...

T

The Leader

March 8, 2025 • 5:07 AM

History of dogs...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද ලිපිය සුරතල් සුනඛයන්ගේ ඉතිහාසය සහ පරිණාමය පිළිබඳවයි. සුනඛයන් කියන්නෙ අපේ සහකරුවන් පමණක් නොවෙයි.
  •   සුනඛයන් හීලෑ කිරීමේ ඉතිහාසය වසර 15,000 ක් පමණ ඈතට දිව යන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් වන වෘකයන් හා මිනිසුන් අතර සහසම්බන්ධතාවය ඇරඹුණු කාලය දක්වා අතීතයටය.
  • කෙසේ වෙතත් වෘකයන් මෙන් නොව, මුල් කාලීන සුනඛයන්, මිනිසුන් සමග වාසයට හුරු වූයේ ශක්තිමත් සමාජ බැඳීමක්ද ඇති කරගනිමිනි.
  • වෘකයන් සහ සුනඛයන් එකම මුතුන් මිත්තන්ගෙන් පැවත ආවද ඔවුන් පරිණාමය වීමේදී සිත් ඇද ගන්නා තුළ වෙනස්කම් වලට භාජනය වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන් වසර දහස් ගණනාවක පරිණාමයෙන් සහ මිනිසුන් සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් හැඩගැසුනු විශිෂ්ට සත්ත්ව විශේෂයක්ද වනවා. ඔවුන්ගේ වෘක මුතුන් මිත්තන්ගේ සිට අද අප දන්නා විශ්වාසවන්ත සුරතල් සතුන් දක්වා, සුනඛයන් ඔවුන්ගේ හැසිරීම්, සන්නිවේදනය සහ සංජානන හැකියාවේ ආකර්ශනීය පරිවර්තනයකට භාජනය වී තිබෙනවා. මෙම පරිණාමය වීම ඔවුන් සතුව පවතින මිනිස් - සුනඛ සබඳතාවය ශක්තිමත් කළා පමණක් නොවෙයි සුනඛයන් ඔවුනොවුන් අතර පවත්නා සබඳතාවය ද වර්ධනය කර තිබෙනවා. ඒ ඔවුන්ව මිහිපිට සිටින සුරතල් මිතුරන් යන නාමයද ලබාදෙමින්. එහෙනම් අද ලිපියෙන් අප කියවමු සුරතල් සුනඛයන්ගේ ඉතිහාසය සහ ඔවුන්ගේ පරිණාමය පිළිබඳව.

 

සුනඛයන් හීලෑ කිරීමේ ඉතිහාසය වසර 15,000 ක් පමණ ඈතට දිව යන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් වන වෘකයන් හා මිනිසුන් අතර සහසම්බන්ධතාවය ඇරඹුණු කාලය දක්වා අතීතයටය. කෙසේ වෙතත් වෘකයන් මෙන් නොව, මුල් කාලීන සුනඛයන්, මිනිසුන් සමග වාසයට හුරු වූයේ ශක්තිමත් සමාජ බැඳීමක්ද ඇති කරගනිමිනි. අධ්‍යන වලින් හෙළිවන්නේ මෙම ගෘහාශ්‍රිත ක්‍රියාවලිය මුල් කාලීන සුනඛයන්ගේ පෙනුම පමණක් නොව, ඔවුන්ගේ සමාජ හැසිරීම, මිනිසුන් හා සිදුකරන සන්නිවේදනය යන්න වර්ධනය වීමට මූලික හේතු සාධකයක් විය.

වෘකයන් සහ සුනඛයන් එකම මුතුන් මිත්තන්ගෙන් පැවත ආවද ඔවුන් පරිණාමය වීමේදී සිත් ඇද ගන්නා තුළ වෙනස්කම් වලට භාජනය වී ඇත. අපි එම වෙනස්කම් මෙලෙස හඳුනා ගනිමු.

සමාජ ව්‍යුහය -

වෘකයන් - ඔවුන්ගේ සංකීර්ණ ධූරාවලිය තුළ ඔවුන්ගේ කණ්ඩායම සමග ශක්තිමත් බැඳීමක් රඳවා තබා ගනිමින් දඩයම් කිරීම මූලික කොට ගත්හ.

 

091103 tech wolves hmed       

සුනඛයන් - පවතින සමාජය අනුගත වීමට හැකියාව පවතින අතර තමන්ගේ වර්ගය සමග පමණක් නොව, මිනිසුන් සමගද සබඳතාවය පවත්වා ගන්නා ලදි.

 

 

සන්නිවේදන කුසලතාවය -

වෘකයන් - තමන්ගේ රැල තුල ශබ්දය සහ ශරීර භාෂාව (Body language) මත සන්නිවේදනය පවත්වයි.

         kyngs4 0023 1

 

සුනඛයන් - මිනිසුන්ගේ චර්යාවන්, මුහුණේ ඉරියව් සහ වාචික විධානයන් කියවීමේ අද්විතීය කුසලතාවයක් පවතියි.

 

T W Smile small

 

ගැටළු විසදීම -

වෘකයන් - ඉතා ස්වාධීනව ගැටළු විසදන්නන් වේ.

 

DE6028DF BA0B 455F A67C4DA67EA8C23C source

 

සුනඛයන් - අභියෝගයන්ට මුහුණ දීමේදී බොහෝ විට මිනිසුන් දෙස බැලීමට (විධානයක් ලැබෙනතුරු) නැඹුරු වේ.

 

Dog sitting and waiting for a command

 

ගෘහාශ්‍රිත බලපෑම -

වෘකයන් - තමන්ගේ මුතුන් මිත්තන්ගේ බොහෝ ලක්ෂණ රඳවා පවත්වා ගෙන ඇත.

සුනඛයන් - මිනිසුන් සමග වාසය කිරීම සඳහා සුදුසු ලෙස පරිණාමය වූ ගති ලක්ෂණ ඇති අතර එමගින් මිනිස් හැගීම් තේරුම් ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට හැකියාව පවතියි.

 

opener 1

සුනඛයන් සහ මිනිසුන් අතර ඇති සම්බන්ධය සත්ව රාජධානියේ වඩාත්ම සුවිශේෂී එකකි. මෙම සබඳතාවය දෙමව්පියන්ගේ සහ දරුවාගේ සබඳතාවයට සමාන බැඳීමක් ඇති කරයි. අධ්‍යනයන් මගින් සොයාගෙන ඇත්තේ සුනඛයන්ට ඔවුන්ගේ මිනිස් අයිතිකරුවන්ගෙන් ආදරය, ආරක්ෂාව, සහයෝගය අපේක්ෂා කරන ආකාරයේ හැසිරීම් පෙන්විය හැකි බවයි. ඔබ දන්නවාද? විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති ආකාරයට සුනඛයන් සහ මිනිසුන් අතර අන්තර් ක්‍රියා සිදුවන විට “ආදරණීය හෝමෝනය” නමින් අප හඳුන්වන ඔක්සිටොසින් හෝමෝනය මුදා හරිනවා. මවක් සහ ඇයගේ දරුවා අතර පවතින සබඳතාවය තරම්ම මෙම සබඳතාවයද ශක්තිමත් වනවා.

why do dogs have wet noses dog sniffing grass 960x540

 

මේ ලිපිය ඉහතදී අප සඳහන් කළා වෘක මුතුන් මිත්තන් මෙන් නොව සුනඛයන්ට මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගැනීමේ විශේෂ හැකියාවක් ඇති බව. නිදසුනක් වශයෙන්, මිනිසුන් ලබා දෙන විධානයක් ඔස්සේ ගොස් සඟවන ලද වස්තුවක් සොයා ගැනීමේ හැකියාව ද ඔවුන් හට තිබෙනවා. මෙය සත්ත්ව රාජධානියේ අපට සමීපම නෑදෑයන් වන චිම්පන්සින් හටවත් නොමැති කුසලතාවයක්.

සුනඛයන් සතුව පවතින තවත් එක් විශේෂ හැකියාවක් වන්නේ ඔවුන් සතුව පවතින දියුණු “සංජානන කුසලතාවය” සහ “සමාජ හැසිරීමයි”. අධ්‍යන මගින් හෙළිවන්නේ සුනඛයන් හට ප්‍රහෙලිකා විසඳීමේ හැකියාව සහ මිනිසුන් මෙන්ම අනෙක් සුනඛයන් සමඟද පවතින සංකීර්ණ සබඳතා සමග අනුගත වීමට සරිලන සමාජ බුද්ධි මට්ටමක් පවතින බවයි. මෙම අධ්‍යනයන්හි විශේෂ පැතිකඩක් වන්නෙ ඔවුන් සතුව පවතින “සමාජ ඉගෙනීම” පිළිබඳ හැකියාවයි. මෙම ප්‍රහේලිකා විසඳීමට පුද්ගල චර්යාවන් නිරීක්ෂණය කොට අනුකරණය කිරීමේ හැකියාව අනෙක් සතුන්ගෙන් සුනඛයන්ව වෙන් කරයි. එපමණක් නොව, එය මිනිස් පරිසරය තුළ ඔවුන්ගේ අනුවර්තනය වීමේ හැකියාවද ඉස්මතුු කරවයි.

මොවුන්ගේ හැසිරීම් තුළ සමාජ ධූරාවලියක්ද දැකගැනීමේ හැකියාවක් ඇත. උදාහරණ වශයෙන් නාගරික සමාජ තුළ ජීවත්වන සුනඛයන් කණ්ඩායම් ලෙස සැරිසරමින් ඔවුන්ගේ වෘක මුතුන් මිත්තන්ගේ ගති ලක්ෂණ පෙන්නුම් කරන ව්‍යුහාත්මක භූමිකාවන් සහිත සමාජ කණ්ඩායම් නිර්මාණය කරයි. නමුත් ගෘහාශ්‍රිත සුනඛයන් ඔවුන්ගේ සමාජ ගතිකත්වය තුළ වැඩි නම්‍යශීලීත්වයක් පෙන්නුම් කරවයි. දැඩි ආධිපත්‍යයකට වඩා සහයෝගිත්වය සහ ආදරය මත බැඳීම් ඇතිකර ගනියි.

 

dogbark

එපමණක් නොවෙයි, සුනඛයන් ශබ්ද සන්නිවේදනයේද විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කරයි. බිරීම, කෙඳිරි ගෑම, ගෙරවීම වැනි වෘකයන් විසින් භාවිතා නොකරන ශබ්දයන් මොවුන් වර්ධනය කරගෙන තිබේ. මේවා අහඹු ශබ්ද නොවේ. සුනඛයන් සහ මිනිසුන් අතර පවතින සන්නිවේදන පරතරය නැති කිරීම සඳහා මේවා නිර්මාණය වී ඇතැයි පර්යේෂකයන් හෙළිකරයි. උදාහරණයක් වශයෙන් සුනඛයෙකු බුරන විට එමගින් බිය, උද්යෝගය,අනාරක්ෂිතභාවය, අවධානය යොමු කරවීමේ අවශ්‍යතාවය සංඥා කරයි. මෙය මානව කේන්ද්‍රීය ලෝකය තුළ ඵලදායි සන්නිවේදන ක්‍රමයක් ලෙස උපකාරී වේ.

වෘක මුතුන් මිත්තන්ගේ සිට අද අප දකින සුනඛයන් දක්වා පරිණාමයේ විශේෂ ලක්ෂණ පහත ආකාරයට විස්තර කර ගනිමු.

සුනඛයන් සහ මිනිසුන් අතර පවතින විශේෂ සම්බන්ධතාවය -

 

good advice human dog bond

 

වෘකයන් මෙන් නොව සුනඛයන් තම අයිතිකරුවන් සමඟ ඇතිකර ගන්නේ දරුවන් සහ ඔවුන්ගේ මවුපියන් අතර ඇති සබඳතාවට සමාන සබඳතාවකි. මේ තුළ තම භාරකරුවන් මත යැපීම, දෑස් දෙස බැලීම මගින් ඇතිකරන අන්තර් සන්නිවේදනය අනෙක් සතුන්ගෙන් වෙන් වූ දුර්ලභ ගණයේ ගැඹුරු චිත්තවේගීය සබඳතාවයක් සාදයි. 

️මිනිසුන් වෙනුවෙන් නිර්මාණය කරගත් වාචික අනුගතවීම -

 

Teoti Header

 

සුනඛයන් සතුව පවතින ශබ්ද සන්නිවේදන විධික්‍රම බොහෝ විට ගෘහාශ්‍රිතකරණය සමග පරිණාමය වූ දෙයකි. වෘකයන්, සුනඛයන් මෙන් නිරන්තරව හෝ විවිධාකාරයෙන් බිරීම සිදු නොකරයි. නමුත් සුනඛයන් අවශ්‍යතා සහ හැඟීම් ප්‍රකාශ කිරීමට විවිධ ස්වර භාවිතා කරමින්, මිනිසුන් සමඟ වඩා හොඳින් සන්නිවේදනය කිරීම සඳහා ඔවුන්ගේ කටහඬ පරාසය වර්ධනය කර ගත් බව විද්‍යාඥයන් විශ්වාස කරයි. 

️නම්‍යශීලී සමාජ ධූරාවලිය -

 

training old young dogs together 1200x800

 

වෘකයන් හා සසඳන විට සුනඛයන් වඩාත් නම්‍යශීලී සමාජ හැසිරීම් පෙන්නුම් කරයි. ඔවුන් ආධිපත්‍ය ධූරාවලියට දැඩි ලෙස අනුගත වීම වෙනුවට එක්ව දඩයම් කිරීම හෝ සම්පත් ආරක්ෂා කිරීම වැනි අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව සහයෝගයෙන් කටයුතු කරයි.

මොළයේ පාර්ශ්විකකරණය -

සුනඛ මොළයේ පාර්ශ්විකකරණය පිළිබඳ මෑත අධ්‍යයනයන් හෙළි කරන්නේ බල්ලන් මිනිස් කථනය සහ හැඟීම් සැකසීමට ඔවුන්ගේ මොළයේ විවිධ පැති භාවිතා කරන බවයි. නිදසුනක් වශයෙන්, ඔවුන් මිනිසුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය හා සමානවම, වම් අර්ධගෝලය මගින් වචන සහ දකුණු අර්ධගෝලය සමඟ කටහඬ සකසා ගනියි. 

️ජීවිත කාලය පුරාවටම ක්‍රියාශීලී හැසිරීමක් පෙන්නුම් කිරීම -

 

9d2f1809 be9d 4a0a b4e8 325bc92f3a9b large

 

වැඩිහිටි වියට පැමිණි පසු ක්‍රියාශීලීත්වය අඩු කරන වෘකයන් මෙන් නොව, සුනඛයන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන්ගේ ක්‍රීඩාශීලී ස්වභාවය රඳවා ගනී. මෙම ලක්ෂණය මිනිසුන් සමඟ බැඳීම සඳහා උපකාර කරනවා පමණක් නොව, ඔවුන්ගේ අනුවර්තනය සහ සමාජශීලී බව පෙන්නුම් කරයි.

අවසාන වශයෙන්, සුනඛයන්ගේ පරිණාමයේ කතාව විශේෂ එකකි. දරුණු වෘකයන්ගේ සිට ආදරණීය සහකරුවන් දක්වා පරිණාමය වූ ආකාරය අපූරු ගමනකි. ගෘහාශ්‍රිතකරණය තුළින්, ඔවුන් මිනිසුන් සමඟ වඩා හොඳින් භෞතිකව පමණක් නොව චර්‍යාත්මක වශයෙන් වර්ධනය විය. මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගැනීමේ සිට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම ක්‍රියාශීලී ආදරණීය මිත්‍රයන් වීම දක්වා ඔවුන්ගේ පරිණාමය අපූරු කතාවකි. අපි මෙම අපූරු සත්ත්වයන් පිළිබද ඉගෙනගන්නා තරමටම අප තේරුම් ගන්නා එක් දෙයක් පවතියි. එනම් සුනඛයන් යනු අපේ සුරතලුන් පමණක් නොවන බවයි!

 

paw

Paw Paradise Sri Lanka

info@pawparadise.lk

 මූලාශ්‍රය -

(Arford, K. (n.d.). 10 Science-Based Benefits of Having a Dog. 

 

සබැඳි ලිපි :

සුරතලයට සුනඛයෙක් ඇති කළ යුත්තේ ඇයි ?

ඇමරිකන් බුලී ගැන ඔබ දන්නවාද ?

ඔබේ සුරතල් සුනඛයා පුහුණු කළ යුත්තේ ඇයි ?

Rottweiler ගැන ඔබ නොදන්නා දේ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...