BREAKING
Top Ad
Life

Indian Idol ජය පවන්දීප් රාජන්ට

T

The Leader

August 16, 2021 • 1:01 AM

Indian Idol ජය පවන්දීප් රාජන්ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියානුවන් සිය හැත්තෑ පස් වැනි නිදහස සැමරූ දිනයේදීම 12 වැනි Indian Idol ගායන රියලිටි තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට පවන්දීප් රාජන් වාසනාව උදා කර ගත්තේ ය.
  •   කරට කර තරගයකින් ජයගත් ඔහුට මෝටර් රථයක්, ඉන්දීය රුපියල් ලක්ෂ 25 වටිනා චෙක් පතක් සහ කුසලානයක් හිමිවූ අතර එම ත්‍යාග පවන්දීප් වෙත පිරිනැමුවේ තරගාවලියේ විනිසුරුවරුන් වන හිමේෂ් රේෂම්මියා, අනූ මලික් සහ සෝනු කක්කර් විසිනි.
  •     සක්වින්දර් සිං, මිකා සිං, අමිත් මිශ්රා, කුමාර් සානු, ජාවෙඩ් සිං, අල්කා යාග්නි, උදිත් නාරායන් වැනි ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පින් එදින අවසන් මහා තරගාවලි වේදිකාව වර්ණවත් කිරීමට එක්විය.
  •     මාස නවයක් තිස්සේ පැවැත්වූ 12 වැනි Indian Idol ගායන රියලිටියේ ජයග්‍රාහක පවන්දීප් රාජන් වෙත බොහෝ දෙනකු සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කර තිබෙනු දක්නට ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ඊයේ (15) දින පැය 12ක් පුරා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ අවසන් මහා තරගාවලියේ දී යි.
 
Pawandeep 2

කරට කර තරගයකින් ජයගත් ඔහුට මෝටර් රථයක්, ඉන්දීය රුපියල් ලක්ෂ 25 වටිනා චෙක් පතක් සහ කුසලානයක් හිමිවූ අතර එම ත්‍යාග පවන්දීප් වෙත පිරිනැමුවේ තරගාවලියේ විනිසුරුවරුන් වන හිමේෂ් රේෂම්මියා, අනූ මලික් සහ සෝනු කක්කර් විසිනි.    

අවසන් වටයේ තරගකරුවන් හය දෙනා අතුරින් දෙවැනි ස්ථානය අරුනිතා කන්ජිලාල්ට ද තෙවැනි ස්ථානය සෙයිලි කැම්බල්ට ද හිමි විය.
 
 

සක්වින්දර් සිං, මිකා සිං, අමිත් මිශ්රා, කුමාර් සානු, ජාවෙඩ් සිං, අල්කා යාග්නි, උදිත් නාරායන් වැනි ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පින් එදින අවසන් මහා තරගාවලි වේදිකාව වර්ණවත් කිරීමට එක්විය.
 
 
indian idol finale 1629038914

මාස නවයක් තිස්සේ පැවැත්වූ 12 වැනි Indian Idol ගායන රියලිටියේ ජයග්‍රාහක පවන්දීප් රාජන් වෙත බොහෝ දෙනකු සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කර තිබෙනු දක්නට ලැබේ.  
 
 

THE LEADER TV 
 
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
 
 
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...