BREAKING
Top Ad
Life

රංග බණ්ඩාරනායකගේ නිර්මාණ දෙකක් ඉන්පුට් ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රදර්ශනයට

T

The Leader

March 16, 2022 • 3:36 AM

රංග බණ්ඩාරනායකගේ නිර්මාණ දෙකක් ඉන්පුට් ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රදර්ශනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රංග බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ නාට්‍යයක් සහ වාර්තා වැඩසටහනක් ඉන්පුට් ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රදර්ශනයට සුදුසුකම් ලබා තිබෙනවා.
  • 2020 ඉන්පුට් රූපවාහිනි ප්‍රදර්ශනය සඳහා ද රංග බණ්ඩාරනායක ගේ රූපවාහිනී වැඩසටහනක් තේරී පත් වුණත් කොවිඩ් තත්වය නිසා එම වසරේ ඉන්පුට් ප්‍රදර්ශනය නොපැත්විණි.
  • මෙවර පැවැත්වෙන ඉන්පුට් රුපවාහිනී සම්මන්ත්‍රණයේ ප්‍රදර්ශනය කිරීම සඳහා රටවල් 33 ක නිර්මාණ 86 ක් තෝරාගෙන ඇත.
  • වාර්ෂික ලෝකයේ විවිධ රටවල පැවැත්වෙන ඉන්පුට් රූපවාහිනී සම්මාන්ත්‍රණයට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්වූයේ 2016 කැනඩාවේ කැල්ගරි නුවර පැවැති ඉන්පුට් සම්මන්ත්‍රණයත් සමගිනි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ සම්බන්ධයෙන් අතුල දිසානායක විසින් සිය මුහුණු පොතෙහි තැබූ සටහනක් පහතින්,

"ස්පාඥ්ඥයේ බාසිලෝනා නුවර මැයි මස 09-13 පැවැත්වෙන INPUT Television Conference සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ රංග බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කළ "Milk Rice" නාට්‍ය සහ "For the Disappeared You" යන වාර්තා වැඩසටහන රූපවාහිනී තේරී පත්වී ඇත.

එක් අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණ දෙකක් එකවර මෙම සම්මන්ත්‍රණයට තේරුණු පළමු අවස්ථාව මෙයයි.

2020 ඉන්පුට් රූපවාහිනි ප්‍රදර්ශනය සඳහා ද රංග බණ්ඩාරනායක ගේ රූපවාහිනී වැඩසටහනක් තේරී පත් වුණත් කොවිඩ් තත්වය නිසා එම වසරේ ඉන්පුට් ප්‍රදර්ශනය නොපැත්විණි.

Input TV – INPUT from around the world

මෙවර පැවැත්වෙන ඉන්පුට් රුපවාහිනී සම්මන්ත්‍රණයේ ප්‍රදර්ශනය කිරීම සඳහා රටවල් 33 ක නිර්මාණ 86 ක් තෝරාගෙන ඇත. මහජන සේවා රූපවාහිනී ආයතනවල රූපවාහිනී වැඩසටහන් නිර්මාණ කරණය ප්‍රශස්ථ තලයකට සංවර්ධනය කිරීමේ අදහසින් ඉන්පුට් රුපවාහිනී සම්මන්ත්‍රණය පැවැත්වේ.

වාර්ෂික ලෝකයේ විවිධ රටවල පැවැත්වෙන ඉන්පුට් රූපවාහිනී සම්මාන්ත්‍රණයට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්වූයේ 2016 කැනඩාවේ කැල්ගරි නුවර පැවැති ඉන්පුට් සම්මන්ත්‍රණයත් සමගිනි.  

අනතුරුව මෙම සම්මන්ත්‍රණය ග්‍රීසියේ තෙසලුනිකි නගරයේ ( 2017) ඇමරිකාවේ බෲක්ලින් නගරයේ (2018) සහ තායිලන්තයේ බැංකොක් නුවර ( 2019) පැවැත්විණි. මෙම රූපවාහිනී සම්මන්ත්‍රණ සඳහා ශ්‍රී ලංකා රූපවාහිනීසංස්ථාවේ නිර්මාණකරුවන් වූ අතුල පීරිස්, කංචන මාරසිංහ, මොහාන්ජි රංගනාථ සහ ෂිරාන් රත්නායක යන අයගේ නිර්මාණ තේරී පත්විය."

May be an image of 3 people, beard and text


 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...