BREAKING
Top Ad
Life

2021 අන්තර්ජාතික බුකර් ත්‍යාගයේ කෙටි ලැයිස්තුගත කෘති මෙන්න

T

The Leader

April 24, 2021 • 4:46 AM

2021 අන්තර්ජාතික බුකර් ත්‍යාගයේ කෙටි ලැයිස්තුගත කෘති මෙන්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "අන්තර්ජාතික බුකර් ත්‍යාගය" 2021 සඳහා කෙටි ලැයිස්තුගත කෘති හය පසුගියදා ප්‍රකාශයට පත් කර තිබෙනවා.
  •   2005 දී ඇරඹි වාර්ෂිකව පිරිනැමෙන මෙම සම්මානය සඳහා නවකතා මෙන්ම කෙටිකතා එකතු සලකා බැලේ.
  • ජයග්‍රහණය කළ කෘතිය වෙනුවෙන් පවුම් 50,000ක මූල්‍යමය ත්‍යාගයක් හිමිවන අතර එම මුදල කතුවරයා සහ පරිවර්තකයා අතරේ සමසේ බෙදී යයි.
  •   "මෑන් බුකර් අන්තර්ජාතික ත්‍යාගය" ලෙස මින්පෙර හැඳින්වූ "අන්තර්ජාතික බුකර් ත්‍යාගය" දිනා ගන්නා කෘතිය ජූනි 2 ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 ඉංග්‍රීසි බසට පරිවර්තිත, "ලොව පුරා විශිෂ්ට ප්‍රබන්ධ කෘති" ඇගයීම උදෙසා පිරිනැමෙන මෙම ත්‍යාගයේ මෙවර කෙටි ලැයිස්තුවට ප්‍රංශ ලේඛකයින් දෙදෙනකුගේ කෘති ඇතුලත් වීම විශේෂත්වය කි.
 
ඒ අනුව සුදුසුකම් ලැබූ කෘති 6 වන්නේ,
 
 
 
David Diop විසින් රචිත "At Night All Blood is Black"
ප්‍රංශ බසින් පරිවර්තනය කරන ලද්දේ Anna Mocschovakis, ප්‍රකාශනය Pushkin Press
 
Mariana Enríquez විසින් රචිත "The Dangers of Smoking in Bed"  ස්පාඥ්ඥ බසින් පරිවර්තනය කරන ලද්දේ Megan McDowell, ප්‍රකාශනය Granta Books
 
Benjamín Labatut විසින් රචිත "When We Cease to Understand the World"
ස්පාඥ්ඥ බසින් පරිවර්තනය කරන ලද්දේ Adrian Nathan West, ප්‍රකාශනය Pushkin Press
 
Olga Ravn විසින් රචිත "The Employees"
ඩෙන්මාර්ක භාෂාවෙන් පරිවර්තනය කරන ලද්දේ Martin Aitken, ප්‍රකාශනය Lolli Editions
 
Maria Stepanova විසින් රචිත "In Memory of Memory"
රුසියානු බසින් පරිවර්තනය කරන ලද්දේ Sasha Dugdale, ප්‍රකාශනය Fitzcarraldo Editions
 
Éric Vuillard විසින් රචිත "The War of the Poor"
ප්‍රංශ බසින් පරිවර්තනය කරන ලද්දේ Mark Polizzotti, ප්‍රකාශනය Pan Macmillan, Picador
 
 
 
ඉංග්‍රීසි බසට පරිවර්තිත, එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශිත කෘති 'අන්තර්ජාතික බුකර් සම්මානයට සුදුසුකම් ලබන අතර මෙ වසරේ දී විනිසුරු මඬුල්ල විසින් සම්මානය සඳහා සලකා බැලූ සමස්ත කෘති ගණන 125 ක් බව සංවිධායකයෝ පවසති.
 
2005 දී ඇරඹි වාර්ෂිකව පිරිනැමෙන මෙම සම්මානය සඳහා නවකතා මෙන්ම කෙටිකතා එකතු සලකා බැලේ. ජයග්‍රහණය කළ කෘතිය වෙනුවෙන් පවුම් 50,000ක මූල්‍යමය ත්‍යාගයක් හිමිවන අතර එම මුදල කතුවරයා සහ පරිවර්තකයා අතරේ සමසේ බෙදී යයි.
 
"මෑන් බුකර් අන්තර්ජාතික ත්‍යාගය" ලෙස මින්පෙර හැඳින්වූ "අන්තර්ජාතික බුකර් ත්‍යාගය" දිනා ගන්නා කෘතිය ජූනි 2 ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
 
 
(අවාරා)

 

 

 


 

 

THE LEADER TV 
 
 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 

 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...