BREAKING
Top Ad
Life

දුවා දරුවන් 'වළාකුළු' අතරට ගෙන යන නදී...! - Kids Song (වීඩියෝ )

T

The Leader

March 21, 2022 • 4:33 AM

 දුවා දරුවන් 'වළාකුළු' අතරට ගෙන යන නදී...! - Kids Song (වීඩියෝ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දුවා දරුවන් වෙනුවෙන්ම වූ වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. එම වීඩියෝව නම් කර ඇත්තේ 'වලාකුළු' (Walakulu) නමිනි.
  •   දූ දරුවන්ගේ පරිකල්පන ශක්කිය වර්ධනය හා ළමා ගායක ගායිකාවන්ට කුසලතා විදහා දැක්වීමට අවස්ථාව සලසා දීම සඳහා ඉදිරියටත් තම මෙවැනි නිර්මාණ පෙළක් ND චැනලය ඔස්සේ ඉදිරිපත් කරන බව නදී කියා සිටියි.
  • ඇය මේවනවිට ළමා ග්‍රන්ථ කිහිපයක් ම රචනා කර ඇති අතර  'පුංචි වෙළෙන්දා' සහ 'ලස්සන හෙට දවසක්', මිණිගෙඩිය, පුතයි අම්මයි, බූටි ළමා කෘති ඒ අතර ජනප්‍රියත්වයට පත්වූ ග්‍රන්ථ වේ.
  • 'පුංචි වෙළෙන්දා' වෙනුවෙන්, ඇයට අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ (2004)  දෙවන ස්ථානය හිමිවිය.
අකුරු ප්‍රමාණය (Font Size):


දරුවන්ගේ රස වින්දනය ඉහළ මට්ටමකට ගෙන ඒම සහ ළමයා අවට ඇති දේ කෙරෙහි සංවේදී බවක් ඇති කිරීම තුලින් සමාජ හිතකාමී පුරවැසියකු බිහි කිරීම තම අරමුණ වූ බව එම වීඩියෝව සමාජගත කල ආචාර්ය නදී දිසානායක පවසයි.  

දූ දරුවන්ගේ පරිකල්පන ශක්කිය වර්ධනය හා ළමා ගායක ගායිකාවන්ට කුසලතා විදහා දැක්වීමට අවස්ථාව සලසා දීම සඳහා ඉදිරියටත් තම මෙවැනි නිර්මාණ පෙළක් ND චැනලය ඔස්සේ ඉදිරිපත් කරන බව නදී කියා Ndi Dissanayake 2022.03.21 1
සිටියි.

ආචාර්ය නදී දිසානායක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ කොමසාරිස් වරියෙකි.

භාත්ඛණ්ඩේ ලක්නව් විශ්වවිද්‍යාලයේ සංගීත (වාද්‍ය) විශාරද උපාධිධාරිනියක වන ඇය,  CUP (Children uphilment Program)  සංවිධානයේ නිර්මාතෘ වරියයි.

ඇය මේවනවිට ළමා ග්‍රන්ථ කිහිපයක් ම රචනා කර ඇති අතර  'පුංචි වෙළෙන්දා' සහ 'ලස්සන හෙට දවසක්', මිණිගෙඩිය, පුතයි අම්මයි, බූටි ළමා කෘති ඒ අතර ජනප්‍රියත්වයට පත්වූ ග්‍රන්ථ වේ.


Punchi welenda 2022 1


'පුංචි වෙළෙන්දා' වෙනුවෙන්, ඇයට අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ (2004)  දෙවන ස්ථානය හිමිවිය. 'ලස්සන හෙට දවසක්' ග්‍රන්ථය ළමුන් තුල බදු පිළිබඳ ආකල්ප වර්ධනය උදෙසා රචනා කරන ලද ප්‍රථම ග්‍රන්ථයයි.  S.A Dissanayake 1(සිංහල - දෙමළ භාෂා 2012)

 'S5 සංකල්ප අත්පොත සිංහල පරිවර්තනය' කෘතියද නදී දිසානායක විසින් රචිත ග්‍රන්ථයකි.





ආචාර්ය නදී දිසානායක ගේ පියා ප්‍රවීන චිත්‍රකතා ශිල්පී කලාභූෂණ එස්. ඒ. දිසානායක යි.  එස්.ඒ. දිසානායක මෙරට ළමා පරපුර වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් ඉටුකළ ප්‍රවීන චිත්‍ර ශිල්පියෙකි.

මිහිර, නවයුගය ඇතුළු පුවත්පත් හරහා ඔහු විසින් නිර්මාණය කළ චරිත අතරින් බූ, බබා, තුල්සි, බටකොල ආච්චි, යෝධයා, පඬිතුමා පාඨකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත්විය.



Walakulu | වලාකුළු

Song by Nathasha Geethmi & Janesh Jayanath
Composed and Written by Visharada Nadee Dissanayake
Video Concept, Story & Script by
Visharda Nadee Dissanayake
Song Produced by ND Production
Music Director - Ruwan Walpola (Sound Asia)

 



The Leader TV අද වීඩියෝ
 
 
 
  
 
 
 

Leader Whats app

 

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...