BREAKING
Top Ad
Life

ශෂිකා නිසංසලා : ++ ලතු නැත lද පොබයන ඈ ලවනත ++ : (මංජුල වෙඩිවර්ධන)

T

The Leader

January 6, 2022 • 2:44 AM

ශෂිකා නිසංසලා : ++ ලතු නැත lද පොබයන ඈ ලවනත ++ : (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තම කියනවා නම් ශෂිකා නිසංසලාව මුලින්ම මතක හිටියෙ ඇගේ පෙනුම හින්දා මිසක් ගැයුම් හින්දා නෙමෙයි. ආදරය කරන්න හිතෙන පෙනුමක්
  • "උලා සුවඳ ගත දුලාබරණ නෙක විලාසිතා සළු ලෝලී වලාකුළක් දෝ ඔහේ සරණ නුඹ මෙ ලෝ කුසෙන් දුර පාවී..." ශෂිකගේ ගීතවලට කැමති, ඇතැම් විට හැම ගීතයකටම කැමති - මට මිස් වුණු ගීත හුඟක් තියෙන්න පුළුවන් - සහෘදයන්ට කියන්න, මෙන්න මේ ගීතයට මම කැමතියි.
  • ශෂිකගේ ගැයිල්ල...කතා දෙකක් නැහැ.
  • ගීතයක් නිර්මාණය කර ගන්න එක මිත්‍රකම් ඇතුළෙ බෙදා හදා ගන්න, කළමනාකරණය කර ගන්න පුළුවන් වුණත් "කොටිලිපහේ" වීඩියෝවක් නිර්මාණය කර ගන්න එක අතිශය සංකීර්ණ වැඩක්.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබ්බෙ.

ඇයව ගයන්නියක් විදිහට මතක හිටියෙ රත්න ශ්‍රී ලිව්ව, රෝහණ වීරසිංහ ප්‍රේම නාද පිරෙව්ව "තොල් පෙති විතරක් ඇයි පළමු හාදුවෙන් තෙමන්න’’ කියන ගීතය හින්දා.  

ඒ ගැයිල්ලෙදි ඇගේ ඒ වචන අතර ඇගෙ තොල් පෙති සැලෙන විදිහ මතක හිටින වයසක අපිත් හිටියෙ.



ඉන් පස්සෙ හිතටම දැනුණ ශෂිකාමය ගැයිල්ල, "ඔබ මා හුමුවුණ දා" කියන ගීතය.  අර ‘’මා ඇස් පිය නොහෙලා බැලුවා’’ කියලා කියන ගීතය.  

ෂෙහාන් ගලහිටියාවගේ ඒ වචන අන්තිම සරලයි. තනුවෙන් සහ ගැයිල්ලෙන් එළියට අරන් බැලුවම මුකුත් නෑ වගේ.  ඒ සරල වචන ෂෙහාන්ගෙ සවිඥානික වැඩක් වෙන්න ඕනි.

කොහොම නමුත් ප්‍රියන්ත නාවලගේගේ හිත රිද්දනසුලු නාදමය වර නැඟිල්ලත්, ශෂිකගේ භාවපූර්ණ ප්‍රේමණීය ගැයිල්ලත්, ප්‍රේමය එහි මූලික ස්වරූපයෙන්ම අත්දකින්න අත් ඔසවන ඕනම ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියක් හොලවනසුලුයි.  

ඇගේ ගැයිල්ල නම් "ඇස් වහක් කටවහක් නැහැ" පංකාදුයි.




නමුත් මම මේ සටහන ලියන එකේ පරමාර්ථය වෙන එකක්. මේ සටහන ලියන්න පෙළඹුම ආවේ අද උදේ යූ ට්‍යූබයේ කිසියම් සෙවිල්ලක ඉන්න කොට "නාද" එක්ක ශෂිකා කරපු "මා ඇස් පිය නොහෙලා බැලුවා" අතිශය රමණීය "කවර්" එක දැක්කම මතක් වුණු වෙන ගීතයක් හින්දා.

විජය නන්දන පෙරේරා කියන අප මිත්‍රයා, දේශපාලනිකව ගත්තම සහෝදරයා, සුචරිත ගම්ලතුන් බඳු සිංහල ප්‍රාරපාප්ත වියතුන් ඇසුරේ වියත් බසක් හදා වඩා ගත්තු ඉසියුම් ලියන්නෙක්.  

ඔහු ශෂිකට ලියලා තියෙන "ලතු ලවනත" නම් ගීතය මම ඇහුවෙ එය අන්තර්ජාලයට මුදාහළ අවදියෙමයි. ඒ ගීතය එක්වරම මගේ හිත පැහැර ගත්තා. මේ බලන්න වචන.


"උලා සුවඳ ගත දුලාබරණ නෙක
විලාසිතා සළු ලෝලී
වලාකුළක් දෝ ඔහේ සරණ නුඹ
මෙ ලෝ කුසෙන් දුර පාවී..."


ශෂිකගේ ගීතවලට කැමති, ඇතැම් විට හැම ගීතයකටම කැමති - මට මිස් වුණු ගීත හුඟක් තියෙන්න පුළුවන් - සහෘදයන්ට කියන්න, මෙන්න මේ ගීතයට මම කැමතියි. ඒ පද මරු. නවාගේ මෙලඩිය ගති. ශෂිකගේ ගැයිල්ල...කතා දෙකක් නැහැ.

සංගීතමය වීඩියෝවක් හරහා මතු වුණා නම් වඩා ආකර්ෂණීය වෙන්න තිබුණු වැඩක්. නමුත්, ගීතමය වීඩියෝවක් කරනවා කියන එක විශාල මුදලක් අපේක්ෂා කරන ව්‍යාපෘතියක්. ගීතයක් නිර්මාණය කර ගන්න එක මිත්‍රකම් ඇතුළෙ බෙදා හදා ගන්න, කළමනාකරණය කර ගන්න පුළුවන් වුණත් "කොටිලිපහේ" වීඩියෝවක් නිර්මාණය කර ගන්න එක අතිශය සංකීර්ණ වැඩක්.

ඒ කෙසේ නමුත් මට නම් "ලතු ලවනත" බැලීමෙන් තොරව ඇසීමෙන් වුණත් රහට ගන්න පුළුවන් වැඩක්.


සිරසෙන් ගෙනාපු "වොයිස්" පැකේජ් එක ඇතුළට ශෂිකා වැටිලා ඉන්නවා දැක්කම මට හිතුණා, "ලතු ලවනත" ගයවමින් ඈ හරහා විජය නන්දන සමාජයට යෝජනා කළ අදහසේ ගොදුරක් බවට ඇයම පත් වෙන්න නියමිතයි නේද කියලා. ඇයව කිසියම් දුරකට "වෙනස් විදිහකට අන්දව ගන්න", "අවංකෙන්ම අඬව ගන්න" සිරසට පුළුවන් වුණත්, මේ තාක් උත්සාහයිකව හෝ නිරුත්සාහයිකව නඩත්තු කළ අහිංසක, නිහතමානී, සුන්දර "චරිතය" කළමනාකරණය කර ගන්න ඇය සමත් වුණා කියන එකයි මගේ පුද්ගලික  නිරීක්ෂණය.  



විජය නන්දන, නවරත්න ගමගේ සහ ශෂිකා නිසංසලා සුසංයෝගය "ලතු ලවනත" මම පුද්ගලිකව විටින් විට රසවිඳන මැතකාලීන ගීතයක්.  ස්ත්‍රීය පිළිබඳ විශාල කතිකාවක් මතු කර ගන්න පුළුවන් නිර්මාණයක්.  මම ඒ ගැන අදහසක් මෙතන ලියන්නෙ නැහැ.

වෙලාවක් තිබ්බොත් අහලා බලන්න.

මෙන්න ලතු නැතද පොබයන ශෂිකාමය දෙලවනින් මතුවන "ලතු ලවනත රැන්දූ" ගීතය.

 



Manjula wediwardhana(මංජුල වෙඩිවර්ධන)
2022 ජනේරු 05

මංජුල වෙඩිවර්ධන ගේ ෆේස්බුක් පිටුවෙන්...




Leader Whats app

 
 
 

නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 
 
දැන් නම් සැප කනේ ! | මොණරවිලගේ ලියමන
 
 
 
රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...