BREAKING
Top Ad
Life

LGBT+ ප්‍රජාව තේමා කරගත් අනෝමා ගේ චිත්‍රපට දෙකක් හැනෝයි සිනමා උලෙළට

T

The Leader

November 4, 2022 • 3:56 AM

LGBT+ ප්‍රජාව තේමා කරගත් අනෝමා ගේ චිත්‍රපට දෙකක් හැනෝයි සිනමා උලෙළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට LGBT+ ප්‍රජාව පාදක කරගනිමින්, සිනමාවේදිනි අනෝමා රාජකරුණා විසින් අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපට දෙකක් "6 වැනි අන්තර්ජාතික හැනෝයි
  • ඒ අනුව, 'Forward Drive' කෙටි චිත්‍රපටය හැනෝයි සිනමා උලෙළේ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට යන තරගකාරී අංශය යටතේ තවත් කෙටි චිත්‍රපට 8ක් සමඟ තරග වදිනු ඇත.
  • 6 වන හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ (HANIFF VI) උළෙල 2022 නොවැම්බර් 8 සිට නොවැම්බර් 12 දක්වා වියට්නාමයේ හැනොයි හි දී පැවැත්වේ.
  • 'Forward Drive හි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ පූජන දන්දෙණිය සහ පසන් රණවීර ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිනමා උලෙළ"ට සුදුසුකම් ලබා තිබේ.

anoma

අනෝමා රාජකරුණා

 

එම චිත්‍රපට වන්නේ 'Forward Drive' සහ 'The Outcast' ය.


ඒ අනුව, 'Forward Drive' කෙටි චිත්‍රපටය හැනෝයි සිනමා උලෙළේ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට යන තරගකාරී අංශය යටතේ තවත් කෙටි චිත්‍රපට 8ක් සමඟ තරග වදිනු ඇත.  


'The Outcast' චිත්‍රපටය World Panaroma නම් අංශය යටතේ ප්‍රදර්ශනය කෙරේ.


6 වන හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ (HANIFF VI) උළෙල 2022 නොවැම්බර් 8 සිට නොවැම්බර් 12 දක්වා වියට්නාමයේ හැනොයි හි දී පැවැත්වේ.

 

FD copy 3

'Forward Drive' සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ලිංගික දිශානතිය පිළිබඳ ව නිර්මාණය වූවකි. 'Forward Drive හි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ පූජන දන්දෙණිය සහ පසන් රණවීර ය. සමනලී ෆොන්සේකා, නාරද බක්මීවැව, සුලෝචනා වීරසිංහ, ඉමිතා ජයකොඩි, වසන්ත පෙරේරා, බ්‍රෙන්ඩන් වීරසේකර, මල්ලිකා එදිරිසිංහ, අවිනාෂ් සමරතුංග සෙසු චරිත  සඳහා රංගනයෙන් දායක වෙති.

 

OC copy 2

'The Outcast' ශ්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ සම්ප්‍රදායික කූට්ටු වේදිකා නාට්‍ය කලාවෙ ප්‍රධාන කාන්තා චරිතය රඟපාන නළුවෙකු ගේ ලිංගික දිශානතිය පිළිබඳව නිරූපණය වේ. මෙහි ප‍්‍රධාන චරිත රංගනයෙන් දායකවන්නේ රාසියා ධනරාජ් සහ නවයුගා කුගරාජ් ය. සෙසු චරිත සඳහා ජුලියානා ජෝන් ෆිලිප්ස්, එස්.රංගවේතන්, එස්.මතුශාන් සහ යූ. ජතුුශාන් රංගනයෙන් දායක වේ.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...