LGBTIQ+ ප්‍රජාවේ කතාබහට ලක් විය යුතු සංසිද්ධීන් හා මාතෘකා රැගත්, "ආදරයෙන් ඉමු" යන තේමාව යටතේ කෙටි චිත්‍රපට මේ සඳහා යොමු කළ හැකි බවයි සංවිධායකයින් පවසන්නේ.
සෑම නිර්මාණයක්ම උපරිම විනාඩි 5ක කාලයකට සීමා විය යුතු අතර ජංගම දුරකථනයකින් රූගත කළ චිත්‍රපට මෙන්ම සජීවිකරණ චිත්‍රපට ද තරගය සඳහා බාර ගැනේ. චිත්‍රපට එවිය යුතු ආකෘතිය MP4 ය.
media@equalgroundsrilanka.com යන විද්‍යුත් ලිපිනයට චිත්‍රපට යොමු කළ හැකි අතර චිත්‍රපට එවීමේ දී නිර්මාණකරුවාගේ සම්පූර්ණ නම, සම්බන්ධ කරගත හැකි ආකාරය හා ඉදිරිපත් කිරීම පිළිබඳ කෙටි විස්තරයක් සඳහන් කළ යුතු ය.
ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීම හා ජයග්‍රාහී නිර්මාණ ප්‍රදර්ශනය කිරීම 2021 අභිමානි චිත්‍රපට උලෙළේ දී සිදු කෙරේ.
චිත්‍රපට ඉදිරිපත් කිරීම සඳහා අවසාන දිනය ජුනි 30 වැනිදා යි.
(අවාරා)
THE LEADER TV
ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?
තහනම බොරුවක්! මන්ත්‍රී වාහන ලංකාවට!



