BREAKING
Top Ad
Life

M.I.A එයා දිදුළනවා !

T

The Leader

December 3, 2022 • 12:53 AM

M.I.A එයා දිදුළනවා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • M.I.A කියන්නේ ලෝක ප්‍රසිද්ධ රැප් ගායිකාවක්. එයාගේ නම (M.I.A කියන්නේ Stage නම) Mathangi "Maya" Arulpragasam. එයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. නමුත් එයාට ලංකාවත් එක්ක ලොකු නෑකමක් තියෙනවා.
  •   M.I.A බ්‍රිතාන්‍යයේ ඉපදිලා මාස 6ක් ගත වෙද්දි එයාගේ දෙමාපියන් එක්ක ලංකාවට එනවා.
  • ඒ හේතු ඇතුළේ තියෙන්නේ "නොසළකා හැරීම" කියන මූලික හේතුවයි.
  • එයා කතා කරන දේවල් "තිත්ත නිසා සහ ඒවා ඇත්ත නිසා" ලංකාවට එහෙම අයව හුඟාක් අරහං.
අකුරු ප්‍රමාණය (Font Size):

එයාගේ අම්මයි තාත්තයි ලංකාවේ දෙමළ අය.

 
M.I.A බ්‍රිතාන්‍යයේ ඉපදිලා මාස 6ක් ගත වෙද්දි එයාගේ දෙමාපියන් එක්ක ලංකාවට එනවා. නමුත් යුද්ධයෙන් පීඩා විඳලා, අවතැන් වෙලා ඉද්දි ආයෙත් සැරයක් M.I.A සහ ඇගේ පවුල සරණාගතයන් වශයෙන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙනවා. ඒ ඇයට අවුරුදු 11දි.
 
M.I.A ව ලංකාවේ හුඟ දෙනෙක් හඳුනන්නේ නැහැ. දන්න අයත් එයා ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. ඒකට හේතු තියෙනවා. ඒ හේතු ඇතුළේ තියෙන්නේ "නොසළකා හැරීම" කියන මූලික හේතුවයි. නොසළකා හැරීමට හේතු වෙන්නේ ලංකාවේ ජාතික ගැටළුවයි.
 
M.I.A කියන්නේ ඇයගේ නිර්මාණ හරහා වර්ගවාදය පිළිබඳව, අධිපතිවාදය පිළිබඳව, මර්දනය පිළිබඳව නිරන්තරයෙන් කතා කරන Radical කලාකාරිණියක්. එයා කතා කරන දේවල් "තිත්ත නිසා සහ ඒවා ඇත්ත නිසා" ලංකාවට එහෙම අයව හුඟාක් අරහං.
 
එයා දෙමළ මිනිස්සුන්ට එරෙහිව රාජ්‍ය විසින් සිදු කරපු අපරාධ ගැන කතා කරනවා. ඒ දේවල් ගැන කතා කරන දෙමළ අය කවදාවත් ලාංකික සිංහලයන්ගේ "ප්‍රියතම දමිළ අය සිටින ලැයිස්තුවට" වැටෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ ප්‍රධාන ධාරාව තුළ M.I.A ලා ගැන කතා බහක් නැහැ. ඒ නිසාම මිනිස්සු එයා ගැන දන්නේ නැහැ.
 
හැබැයි මේ පුංචි දූපතෙන් එපිට සුවිශාල ලෝකය M.I.A ව හඳුණනවා. එයාගේ නිර්මාණවලට ආදරය කරනවා. එයා ගීත හරහා සමාජ ගත කරන්න උත්සාහ කරන ප්‍රගතිශීලී අදහස් මහත් වූ ඕනෑ කමින් වැළඳ ගන්නවා. ඉතින් ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ලෝක ප්‍රසිද්ධ M.I.A කියන විශිෂ්ට රැප් ගායිකාවට මේ දූපතේ නොසළකා හැරීම අදාළ වෙන්නේ නැහැ.
 
එයා දිදුළනවා!
 

සටහන- කෝසල ඩී මදුරවීර

 
{gallery}MIA{/gallery}
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...