BREAKING
Top Ad
Life

අරුණගේ 'මාරියා' හැනෝයි තරග බිමට

T

The Leader

November 12, 2022 • 1:52 AM

අරුණගේ 'මාරියා' හැනෝයි තරග බිමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොවැම්බර් 08 සිට 12 වෙනිදා දක්වා වියට්නාමයේ හැනොයිහි පැවැත්වෙන හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ (Hanoi International Film Festival) ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලද අරුණ
  • 06 වෙනි වරට සංවිධානය වන හැනෝයි සිනමා උළෙලේ මෙවර ශ්‍රී ලංකාවේ "මාරියා" සමග ඉරානය, පෝලන්තය, ප්‍රංශය, ඉන්දියාව, ස්පාඤ්ඤය, පෘතුගාලය, පිලිපීනය, කසකස්ථානය, මියන්මාරය, වියට්නාමය යනාදි රටවලට අයත් චිත්‍රපට 11 ක් ප්‍රධාන තරග අංශය යටතේ තරග වදිනු ලැබේ.
  • 2010 වසරේ ආරම්භය සනිටුහන්ව ඇති හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමා නිර්මාණයක් තිරගතවන 05 වෙනි අවස්ථාව මෙය වේ.
  • මීට පෙර ඔබ නැතුව ඔබ එක්ක (2014 දී), හෝ ගානා පොකුණ (2014 දී), ඇගේ ඇස අග (2016දී) සහ වෛෂ්ණාවී (2018 දී) යන චිත්‍රපට උළෙලේ තිරගතව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
ජයවර්ධනගේ "මාරියා" (The Ocean Angel) චිත්‍රපටය ඊයේ (නොවැ: 10) සිනමා උළෙලේදී මහජන ප්‍රදර්ශනයට මුදා හැරුණි. 06 වෙනි වරට සංවිධානය වන හැනෝයි සිනමා උළෙලේ මෙවර ශ්‍රී ලංකාවේ "මාරියා" සමග ඉරානය, පෝලන්තය, ප්‍රංශය, ඉන්දියාව, ස්පාඤ්ඤය, පෘතුගාලය, පිලිපීනය, කසකස්ථානය, මියන්මාරය, වියට්නාමය යනාදි රටවලට අයත් චිත්‍රපට 11 ක් ප්‍රධාන තරග අංශය යටතේ තරග වදිනු ලැබේ.

2010 වසරේ ආරම්භය සනිටුහන්ව ඇති හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමා නිර්මාණයක් තිරගතවන 05 වෙනි අවස්ථාව මෙය වේ. මීට පෙර ඔබ නැතුව ඔබ එක්ක (2014 දී), හෝ ගානා පොකුණ (2014 දී), ඇගේ ඇස අග (2016දී) සහ වෛෂ්ණාවී (2018 දී) යන චිත්‍රපට උළෙලේ තිරගතව ඇත. එහෙත් එකී සියලු චිත්‍රපට තරගයෙන් බැහැර වූ "ලෝක සිනමා අංශය" යටතේ උළෙල නියෝජනය කොට ඇත. ඒ අනුව හැනෝයි උළෙල ඉතිහාසයේ, උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය "මාරියා" වේ.
 
Maiiya2

"මාරියා" චිත්‍රපටය තිරගත වන තෙවෙනි අන්තර්ජාතික සිනමා උළෙල හැනෝයි සිනමා උළෙල වේ. මීට පෙර ලෝ ප්‍රකට රුසියාවේ මොස්කව් උළෙලේ 44 වෙනි අදියර සහ රුසියාවේ යල්ටා උළෙලේ 01 වෙනි අදියර නියෝජනය කිරීමට "මාරියා" සමත් විය.

ගැඹුරු මුහුදේ මසුන් මරන ධීවරයන් සය දෙනෙකු, නීතී විරෝධීව ඕස්ට්‍රේලියාවට පැන යාමට උත්සාහ කරන තරුණයෙක් සහ සාගරය මැදදී ධීවර පිරිසට හමුවන අද්භූත කාන්තා රුවක් වටා ගෙතී ඇති "මාරියා" ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයකි. දසුන් පතිරණ, හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, දර්ශන් ධර්මරාජ් , අශාන් ඩයස් සහ සුරන් දසනායක යන අයගේ රංගනයෙන් හැඩවෙන "මාරියා" හි කැමරාකරණය චන්න දේශප්‍රියගෙනි.  
"මාරියා" හැනෝයි උළෙලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණය ආසියානු සිනමා ක්‍රේන්ද්‍රය වෙනුවෙන් ඈෂ්ලි රත්නවිභූෂණගෙනි.
 
සටහන - උදිත ලක්මාල් කහඳවආරච්චි
Mariya1
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...