(26) අභාවප්‍රාප්ත වී ඇත.
‘සිංහබාහු’ මුලින් ම රංගගත කරන ලද්දේ 1961 අගෝස්තු මස 31 වැනි දින පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ එළිමහන් රංග පීඨයේ දී ය. සරසවි සිසුන් විසින් ‘වළ’ යනුවෙන් හඳුන්වනු ලබන මේ රංග පීඨය දැන් (1983 සිට) නම් කර ඇත්තේ ‘සරච්චන්ද්‍ර රඟමඬල’ ලෙසිනි.
මාක් ඇන්ටනි ප්‍රනාන්දු කලාකරුවාගේ අභාවය සම්බන්ධයෙන් සාහිත්‍යවේදී බුද්ධි ගලප්පත්ති විසින් සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
''සිංහයා දිවි රඟ මඬල හැර ගිය පුවත අසා කම්පා වීමි.
මහාචාර්ය සරච්ච්න්ද්‍රගේ විශිෂ්ටතම දෘශ්‍ය කාව්‍යය ලෙස සැලකෙන සිංහබාහු නාටකයේ සිංහයාගේ භූමිකාවට පණ පොවමින් ගල් ලෙන බිඳලා ලෙන් දොර හැරලා ගීතය පළමුවරට රසිකයන් අතර ජනප්‍රිය කර වූ සිංහබාහු නාටකයේ පළමු සිංහයා ලෙස 1961-1969 කාලයෙහි රඟ පෑ මාක් ඇන්ටනි ප්‍රනාන්දු දිවි සැරිය නිම කළ බව වාර්තා වේ.
ඔහුගේ අභාවය ඊයේ පෙරවරුවේ දී ලන්ඩනයේ දී සිදු වූ බව මහට පැවසූයේ මිතුරිය ස්වර්ණා මල්ලවාරච්චි ය. මාක් ගේ ඥාති දියණියක් විසින් ඒ පුවත ස්වර්ණාට සැළ කළ බවයි ස්වර්ණා මහට පැවසූයේ.
1961 සැප්තැම්බරයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළි මහන් රඟ මඬලෙහි මුල් වරට රඟ දැක්වුණු සිංහබාහු හි මාක් ඇන්ටනි සිංහයා ලෙස රඟද්දී මාලිනී ද සිල්වා (පසුව මාලිනී රණසිංහ ) සුප්පාදේවී වූවා ය.
චාලි ජයවර්ධන හා මාලිනී පෙරේරා සිංහබාහු හා සිංහ සීවලී චරිත පණ ගැන්වූහ.
1970 සිංහබාහු දෙවන නිෂ්පාදයෙහි සිංහයා වූයේ ප්‍රවීණ රංගධරයකු වූ සමන් බොකලවෙල ය. දෙවන සිංහයා මියගොස් වසර කිහිපයකි. දැන් පළමු සිංහයා ද අප හැර ගොසිනි.
තුන්වන සිංහයා ලෙස ගල් ලෙන බිඳලා ගායනය යළිත් ප්‍රේක්ෂකයන්ට සමීප කළ ජයශ්‍රී චන්ද්‍රජිත් විප්‍රවාසයේ ය. මෙම සිංහයන් තිදෙනා සමග ම සුප්පාදේවී ලෙස රඟ පෑ මාලිනී රණසිංහ ද විප්‍රවාසයේ ය. ජයශ්‍රී ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ය. මාලිනී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවර ය.
සිංහබාහු ප්‍රථම නිෂ්පාදනයේ පුහුණුවකදී අද අප අතර නැති ඩී.බී.සුරනිමල ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද මෙම කළු සුදු ඡායාරූපයේ සිංහයා ලෙස රඟ පෑ මාක් ද, සිංහබාහු වූ චාලි ජයවර්ධන, සුප්පාදේවී මාලිනී රණසිංහ හා සිංහ සීවලී මාලිනී පෙරේරා ආදීහු වෙති."
මාක් ඇන්ටනි ප්‍රනාන්දු : සිංහයාද අප හැර ගොසිනි
T
The Leader
February 26, 2022 • 11:07 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාටකයේ පළමු සිංහයා ලෙස 1961-1969 කාලයෙහි රඟ පෑ රංගවේදී මාක් ඇන්ටනි ප්‍රනාන්දු මහතා ඊයේ
- සරසවි සිසුන් විසින් ‘වළ’ යනුවෙන් හඳුන්වනු ලබන මේ රංග පීඨය දැන් (1983 සිට) නම් කර ඇත්තේ ‘සරච්චන්ද්‍ර රඟමඬල’ ලෙසිනි.
- ඔහුගේ අභාවය ඊයේ පෙරවරුවේ දී ලන්ඩනයේ දී සිදු වූ බව මහට පැවසූයේ මිතුරිය ස්වර්ණා මල්ලවාරච්චි ය.
- මාක් ගේ ඥාති දියණියක් විසින් ඒ පුවත ස්වර්ණාට සැළ කළ බවයි ස්වර්ණා මහට පැවසූයේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



