The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

ITN සැටඩේ නයිට් මූවී වෙතින් මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට්

T

The Leader Desk

August 19, 2022 • 10:34 AM

ITN සැටඩේ නයිට් මූවී වෙතින් මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන්නේ ‘මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට් (Mission Impossible Fallout) නම් චිත්‍රපටයයි.
  • ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් නාලිකාවක මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර එය පියෝ ටීවී නාලිකා අංක 303 ඔස්සේ විකාශය වන අයිටීඑන් එච් ඩී නාලිකාව තුළින් ද නැරඹිය හැකිය.
  • දී නිපදවුණු මෙම මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට් යනු මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ 06 වෙනි චිත්‍රපටයයි.
  • මිෂන් ඉම්පොසිබල් මුලින්ම නිර්මාණය වන්නේ 1996 දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

වන්නේ ‘මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට් (Mission Impossible Fallout) නම් චිත්‍රපටයයි.

ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් නාලිකාවක මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර එය පියෝ ටීවී නාලිකා අංක 303 ඔස්සේ විකාශය වන අයිටීඑන් එච් ඩී නාලිකාව තුළින් ද නැරඹිය හැකිය.

Mission Impossible Fallout 2

ක්‍රිස්ටෝෆර් මැක්වේරි විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමා පටය ගෙතෙන්නේ IMF කියන සංවිධානයක් වටායි. 2018 දී නිපදවුණු මෙම මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට් යනු මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ 06 වෙනි චිත්‍රපටයයි.

මිෂන් ඉම්පොසිබල් මුලින්ම නිර්මාණය වන්නේ 1996 දී ය. පසුව 2000, 2006, 2011සහ 2015 වර්ෂවලදී සෙසු චිත්‍රපට නිපදවුණු අතර දැනට අවසාන වශයෙන් නිපද වී ඇති චිත්‍රපටය මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට්ය. නමුත් මෙය අවසානය නොවේ.

Mission Impossible Ranked

මේ චිත්‍රපට මාලාවේ ඉදිරි චිත්‍රපට 02ක් 2023 සහ 2024 වර්ෂවල ඉදිරිපත් කිරිමට දැනටමත් සැලසුම් කර ඇත.

මෙම මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ දිගටම සිටි ප්‍රධාන නලුවා වන ටොම් කෘස් මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය කාර්යටත් සම්බන්ධයි.

 

මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට් සිනමාපටය පුරාම ඇත්තේ යම් කිසි ආකාරයක ආතතියකට පත් කරන විදිහේ සිදුවීම් මාලාවක්. නමුත් ඒ සිදුවීම් මාලාව තුළ ඇමරිකානු ගෝලීය දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන ආකාරය අපට කියවන්න පුලුවනි.

 

2015 දී නිෂ්පාදනය වුනු mission impossible rogue nation චිත්‍රපටයේ දී "සින්ඩිකේට්" කියන ත්‍රස්තවාදී සංවිධානයක් සම්පූර්ණයෙන්ම මෙම IMF සංවිධානය විසින් විනාශ කරන අතර එහි නායකයා සිරගත වීමෙන් එම චිත්‍රපටය අවසාන වේ.

මේ සිනමාපටයේ දී සිදු වෙන්නේ ඒ “සින්ඩිකේට්" නම් ත්‍රස්තවාදී සංවිධානය නැවත "ඇපස්ට්‍රෝස්" නමින් හදුන්වන වෙන සංවිධානයක් හැටියට නැවත ගොඩ නැගී විශාල ගෝලීය විනාශයකට අර ඇදීමයි. IMF සංවිධානය මෙහිදී කටයුතු කරන්නේ එය වැළැක්වීමටයි.


Impossible යනු කළ නොහැකි දේ හෙවත් විය නොහැකි දේ ය. අපේ ජිවිතයේ අපට මග හැරෙන යන දේ හෙවත් ඒ විය නොහැකි දේ අපිට මුණ ගැසීම වළක්වා ගනිමින් ෆැන්ටසිමය ආකාරයට අපේ ජීවිතය නිර්මාණය කර ගන්නට අපි හැකිතාක් උත්සාහ කරමු. යතාර්ථය යනු ප්‍රබන්ධයක් බව කියන්නේ ඒ නිසයි.

 

නමුත් මේ ඇමරිකානු සිනමාව මේ විය නොහැකි දේ විය හැකි දෙයක් බවට පත් කිරීමට පුලුවන් යන තැනට එන්නට උත්සාහ කරයි. IMF සංවිධානය අපට අධිනිශ්චය වී තිබෙන කාලයක Mission Impossible යන චිත්‍රපටිය පිළිබඳ සාකච්ඡා කරන්නට අපට අවස්ථාව ලැබීමම වැදගත්ය.

 

ප්‍රවීණ සාහිත්‍යවේදී සහ විචාරක
සමන් වික්‍රමාරච්චි


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...