BREAKING
Top Ad
Life

අඹු සැමි දෙපළක් අතර මැදි වියෙහි දී ප්‍රේමය දලු ලෑ නොහැකි ද...? - Mr and Mrs D වීඩියෝවක්

T

The Leader

June 14, 2025 • 11:05 PM

අඹු සැමි දෙපළක් අතර මැදි වියෙහි දී ප්‍රේමය දලු ලෑ නොහැකි ද...? - Mr and Mrs D වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යොවුන් වියෙහි දී දැඩි ආදරයෙන් බැඳෙන යුවළක් විවාහ වීමෙන් ඉක්බිති ව ද එකී බැඳීම ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යන්නේ ද යන්න යළි යළිත් විමසා බැලිය යුතු කරුණකි.
  • මෙම ක්‍රියාවලිය සිග්මන් ෆ්‍රොයිඩ් ද වෙනස් ආකාරයකින් විග්‍රහ කර ඇත.
  • ඔහු පවසන්නේ ඕනෑම කාන්තාවක සහ පුරුෂයකු අතර පවත්නා අන්‍යෝන්‍ය සබඳතාව, එනම්: ආදරය, ලිංගික ආකර්ෂණය, එකිනෙකා කෙරෙහි පවත්නා සහ සම්බන්ධතාව උපරිමයෙන් පවත්වාගත හැකිවන්නේ තෙවසරක් පමණ කාලයක් පමණක් බව යි.
  • පළමු වැන්න දෙදෙනා මඳ කාලයකට හෝ වෙන්ව සිට යළි එක්වීම ය; දෙවැන්න දෙනෙනා ම අනෙකකු සමග තම තමන්ගේ අවශ්‍යතා හුවමාරු කර ගැනීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එනම් අප දන්නා බොහෝ අඹු සැමියන් ඔවුන්ගේ භද්‍ර යෞවනයේ ඔවුනොවුන් අතර පැවති බැඳීම මැදි වියේ දී ද ඒ ආකාරයෙන් ම පවත්ගෙන යන්නේ නම් ඒ ඉතා කලාතුරකින් වන බැවිනි.

මෙම ක්‍රියාවලිය සිග්මන් ෆ්‍රොයිඩ් ද වෙනස් ආකාරයකින් විග්‍රහ කර ඇත. ඔහු පවසන්නේ ඕනෑම කාන්තාවක සහ පුරුෂයකු අතර පවත්නා අන්‍යෝන්‍ය සබඳතාව, එනම්: ආදරය, ලිංගික ආකර්ෂණය, එකිනෙකා කෙරෙහි පවත්නා සහ සම්බන්ධතාව උපරිමයෙන් පවත්වාගත හැකිවන්නේ තෙවසරක් පමණ කාලයක් පමණක් බව යි. ඉක්බිති ඔවුනොවුන්ගේ පෙර පැවති සියලු සබඳතා යළි නැවුම් කරගත හැකි වන ක්‍රම දෙකක් ඔහු යෝජනා කරයි.

පළමු වැන්න දෙදෙනා මඳ කාලයකට හෝ වෙන්ව සිට යළි එක්වීම ය;

IMAGE 1667814896
දෙවැන්න දෙනෙනා ම අනෙකකු සමග තම තමන්ගේ අවශ්‍යතා හුවමාරු කර ගැනීම ය.

පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) සහ මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය නදී පීරිස් (MBBS, Msc, phd) දෙපළ මෙම කාරණය ම වඩාත් පහසුවෙන් වටහාගත හැකි ආකාරයට ඉදිරිපත් කරන විඩියෝවක් දැන් අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතී.

මතු පළ වන්නේ ඒම වීඩියෝව යි.

මේ වන විට: මැදිවියට ආසන්න, මැදිවියේ පසුවන සහ මැදිවිය ඉක්ම වු ඕනෑම අඹු සැමි යුවළක් මෙම විඩියෝව නැරඹිය යුතු ය යන්න මගේ පුද්ගලික අදහස ය.


(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අඹු සැමි දෙපළක් අතර මැදි වියෙහි දී ප්‍රේමය දලු ලෑ නොහැකි ද...? - Mr and Mrs D වීඩියෝවක් | The Leader