BREAKING
Top Ad
Life

හිත බැඳි දම්වැල සිඳ බිඳ යමු - Pagglait Movie

T

The Leader

April 4, 2021 • 8:35 AM

හිත බැඳි දම්වැල සිඳ බිඳ යමු - Pagglait Movie

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාමාන්‍යයෙන් ලංකාවේ සමාජයේ වගේම ඉන්දීය සමාජයේ බහු වාර්ගික බහු ආගමික චාරිත්‍ර වාරිත වල
  •   ආස්ථික් හෙවත් ඉන්දියාවේ සාම්ප්‍රදායික නගරයක විශාල පුද්ගලික සමාගමක ඉතා ඉහළ තනතුරක් දරණ තරුණයා හදිසියේම මියයන්නේ ඔහුගේ විවාහයෙන් මාස පහකට පසුවයි.    මේ මරණයෙන් පසුව සුවිශාල පැරණි නිවස තුල ඇතිවෙන්නේ ඉතාම ශෝකජනක තත්ත්වයක්.
  • තරුණයාගේ පියා සහ මව ඇතුළු ඥාති හිතමිත්‍රාදීන් මේ අකල් මරණයෙන් කම්පාවෙද්දි ආස්ථිකගේ උගත් සහ රූමත් භාර්යාව පසුවන්නේ වෙනස්ම මානසික තත්ත්වයක වීම හැමදෙනෙක්ටම ගැටළුවක් ඇතිවෙන කාරණයක්.
  • ඔයා කැමති පාට මොකක්ද..?” තවත් තැනකදී සන්ධ්‍යා සිය සැමියාගේ මරණයෙන් පසු විවාහ යෝජනාවක් ගෙන ආ ඥාති සොහොයුරු ආදිත්‍යගෙන් අසයි..
අකුරු ප්‍රමාණය (Font Size):
ආනුභාවය නිසා එකී සමාජයේම විවිධ ස්ථරවල ඉන්න එක් එක ජන කොට්ඨාශවලට කොතරම් විඳවීම් සහ දුක්ඛදායක තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවෙනවාද කියන එක අමුතුවෙන් අටුවා ටීකා ලියා පැහැදිලි කළ යුතු දෙයක් නොවේය.
 
ආස්ථික් හෙවත් ඉන්දියාවේ සාම්ප්‍රදායික නගරයක විශාල පුද්ගලික සමාගමක ඉතා ඉහළ තනතුරක් දරණ තරුණයා හදිසියේම මියයන්නේ ඔහුගේ විවාහයෙන් මාස පහකට පසුවයි. 
 
මේ මරණයෙන් පසුව සුවිශාල පැරණි නිවස තුල ඇතිවෙන්නේ ඉතාම ශෝකජනක තත්ත්වයක්. තරුණයාගේ පියා සහ මව ඇතුළු ඥාති හිතමිත්‍රාදීන් මේ අකල් මරණයෙන් කම්පාවෙද්දි ආස්ථිකගේ උගත් සහ රූමත් භාර්යාව පසුවන්නේ වෙනස්ම මානසික තත්ත්වයක වීම හැමදෙනෙක්ටම ගැටළුවක් ඇතිවෙන කාරණයක්.
 
2021 වර්ෂයේ හින්දි භාෂාවෙන් නිර්මාණය වුණු Dark Comedy ශානරයට අයත්වන Pagglait එහෙමත් නැත්නම් ‘පිස්සී’ චිත්‍රපටය මිනිත්තු 114ක් පුරා දිවයන්නේ ආස්ථික්ගේ මරණයෙන් පසු පවුල් සංස්ථාව තුල ගොඩනැගෙන වාතාවරණය ගෙනහැර දැක්වීමයි. 
 

Pagglait 1

 
සාම්ප්‍රදායික හින්දු ආගමික නිවස තුල පුත්‍රයාගේ ණය බරින් සහ මරණයෙන් තැවෙන දෙමාපියන් සහ විවාහ දිවියේ හිස්බව නිසාම විප්පයෝගය පවා වේදනාවක් නොවන තැනට පත්වූ යොවුන් කාන්තාවකගේ ආත්මය ඉතා අපූරුවට මේ සිනමා පටය තුලින් දිගහැරෙනවා.
 
සාන්යා මල්හෝත්‍ර ‘ලූඩෝ’ චිත්‍රපටයේ පෙරලිකාර රංගනයෙන් පසුව නැවතත් තමන්ගේ සිනමාගමන වෙනත් මගක යන්නක් බව විදහා දක්වන මෙම චිත්‍රපටයේ අශුතෝෂ් රානා මියගිය තරුණයාගේ පියා ලෙස රංගනයෙන් ඉතා උසස් රසයක් ගෙන එන මේ නිර්මාණය උමේෂ් බිස්ට්ගේ අධ්‍යක්ෂණයක්. 
 
මෑත කාලීනව ඉන්දියානු සංගීත කරළිය මවිත කල ආර්ජිත් සිං සංගීතය හසුරවන නිසාම මෙහ රස මාධූර්යය තවත් ඉහළයි.
 
හැමදේට එහා ගිය සිනමා නිර්මාණයේ තේමාව තුල උගත් මෙන්ම බුද්ධිමත් යැයි සමාජය විසින් නම්කරන ජීවිත තුල ඇති ස්වයං බන්ධනයන් නිසා මෙන්ම ආත්ම විශ්වාසයේ ඇති අඩුපාඩු නිසාවෙන් ජීවිතය තුල කොටුවීම මේ නිර්මාණය තුලින් ඉතා සියුම්ව මතුකිරීම ඉතා විශිෂ්ටය. 
 
සරල තේමාවක් ඉතා ගැඹුරු සමාජයීය කියවීමක් දක්වා ගෙනයා හැකි බවට ඉතා හොඳ නිදර්ශනයක් ලෙස Pagglait දැක්විය හැකිය.
 
එපමණක් නොව මිනිස් ජීවිත අතර ඇති සබඳතා හුදෙක් දිනපතා අපි දකින අත්විඳින ඒවා නොව, එකී රාමුවලට එපිටින් ගිය වෙනස්ම චරිත සහ වෙනස්ම කතා ඒ අභ්‍යන්තරයේ ඇති බවට මේ සිනමා නිර්මාණය තුල චරිත ගණනාවක් ඇසුරෙන් පෙන්වාදී ඇත. 
 
ජනප්‍රිය රැල්ලේ හින්දි සිනමාවෙන් එපිටට ගිය රසාස්වාදනයේ උසස් තලයක තැබිය හැකි මෙම චිත්‍රපටය සිනමා ලෝලීන්ගේ හින්දි සිනමා රසවින්ඳන පරාසය වෙනත් මානයකට ගෙනයන බව සැබෑය.
 
“එයා කැමතිම පාට නිල්.. එයාගේ හැම ෂර්ට් එකක්ම..ටී ෂර්ට් එකක්ම නිල්..ඒකයි මම දීපු ෂර්ට් එක එයා ඇන්ඳේ නැත්තේ..මම අඩුම ගාණේ එයා ආසම පාට මොකක්ද කියලවත් දැනගෙන ඉඳලා නෑ ” ආස්ථිකගේ යොවුන් බිරිඳ සන්ධ්‍යා එක් තැනකදී එසේ පවසයි
 
“බඳින්න කලින් ආදරේ කරන්න ඕන..ඒකට අපි කැමති අකමැති දේ දැනගන්න ඕන.. ඔයා කැමති පාට මොකක්ද..?” තවත් තැනකදී සන්ධ්‍යා සිය සැමියාගේ මරණයෙන් පසු විවාහ යෝජනාවක් ගෙන ආ ඥාති සොහොයුරු ආදිත්‍යගෙන් අසයි..
 
“මම කැමති පාට කළු..” ආදිත්‍ය පිළිතුරු දෙයි.
 
“මම කැමති නිල් පාටට” සන්ධ්‍යාද ප්‍රතිචාර දක්වයි.
 
මානව ජීවිතවල අභ්‍යන්තරයේ ඇති ඉතා සියුම් හැඟීම් ඉතා ප්‍රබල ක්‍රියාකාරකම් සහ තීරණ දක්වාම වෙනස්වන ආකාරය සන්ධ්‍යාගේ ජීවිතය කියවීම තුල Pagglait මගින් රසිකයා වෙත ගෙන එන ආකාරය ඉතා අපූරුය. 
 
හින්දි සිනමාවේ විකල්ප ධාරාව නියෝජනය කරන ඉන්දියාවේ නාට්‍ය වේදිකාව අතික්‍රමණය කල රංගන ශිල්පීන් ගණනාවක් රංඟනයෙන් එක්වන මෙම චිත්‍රපටය නරඹා අවසන් වනවිට අපි අපගෙන්ම අසනා ප්‍රශ්න බොහෝ ගණනක් තිබිය හැකිය. 
 

 
(උපුටා ගැනීම- colomboplus.com)

 

 


 

THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...