BREAKING
Top Ad
Life

විහඟ ප්‍රේමය ටෝකියෝ හි දී සම්මානයෙන් පිදෙයි

T

The Leader

November 4, 2022 • 4:29 AM

විහඟ ප්‍රේමය ටෝකියෝ හි දී සම්මානයෙන් පිදෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්මානිත සිනමා අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ “විහඟ ප්‍රේමය” (Peacock Lament) සිනමාපටය 35 වැනි ටෝකියෝ
  • ශ්‍රී ලංකාව වෙනුවෙන් සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර නිෂ්පාදකයින් ලෙස කටයුතු කරන අතර ඉතාලිය වෙනුවෙන් ෆිල්ග්‍රිම්ස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් ආන්ද්‍රයො මැග්නානි (Andrea Magnani) සහ කියාරා බාබෝ (Chiara Barbo) කටයුතු කරයි.
  • අන්තර්ජාතික සිනමා උලෙළේ විශිෂ්ටතම කලාත්මක සම්ප්‍රදානය සඳහා වන සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අන්තර්ජාතික සිනමා උලෙළේ විශිෂ්ටතම කලාත්මක සම්ප්‍රදානය සඳහා වන සම්මානයෙන් පිදුම් ලබා තිබේ.


ශ්‍රී ලංකාව තුළ සිදුවන බිළිඳු දරුවන් විදේශකයින් හට අලෙවි කිරීමේ ජාවාරම පසුබිම් කරගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමාපටයේ සබීතා පෙරේරා, අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචිහේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ, යශෝධා රසඳුනි, ඩිස්නි රාජපක්ෂ සහ ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලෝරන්ස්සෝ අක්කුවිවා (Lorenzo Acquaviva) ඇතුළු පිරිසක් රංගනයෙන් එක් වෙයි.

 

306363626 10159134858772689 1068554974377347775 n

 


විහඟ ප්‍රේමය චිත්‍රපටය ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරුණු ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනයයි.


ශ්‍රී ලංකාව වෙනුවෙන් සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර නිෂ්පාදකයින් ලෙස කටයුතු කරන අතර ඉතාලිය වෙනුවෙන් ෆිල්ග්‍රිම්ස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් ආන්ද්‍රයො මැග්නානි (Andrea Magnani) සහ කියාරා බාබෝ (Chiara Barbo) කටයුතු කරයි. සම නිෂ්පාදනයෙන් සුරංග හඳපාන්ගොඩ, යුගන්ති යශෝදරා සහ සංගීතා නිල්නදී ගොඩගම කටයුතු කරයි.


සිනමාපටයේ කැමරාකරණය සිසිකිරණ පරණවිතාන, සංස්කරණය ඉතාලි ජාතික ගුසෙපේ ලියොනති සහ අජිත් රාමණයක, සංගීතය නිර්මාණය ඉතාලි ජාතික ක්‍රිස්ටියන් කාර්රාරා , කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, ඇඳුම් නිර්මාණය අජන්ත අලහකෝන්, ශබ්ද සංකලන‌ය ඉතාලි ජාතික එරික් නාර්දීන් සහ ශබ්ද පටිගතකරණය සහ සංස්කරණය ලාල් දිසානායන සහ නන්දා නන්දි ජයකොඩි විසිනි.

 

T 1

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...