BREAKING
Top Ad
Life

පිටුවහලෙකු ගේ ගීතය හෙවත් මතක මව්බිම

T

The Leader

March 13, 2022 • 5:54 AM

පිටුවහලෙකු ගේ ගීතය හෙවත් මතක මව්බිම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වට්සැප් පණිවුඩයක රැඳී ආ මේ ගීතය මා අතට පත් වූ සැණින් ම එය දිගහැරියේ එවිටත් ඒ ගීතය ලැබී පැය කිහිපයක් ගත වී තිබුණු බැවින් ය.
  • මේ ගීතයට තමා ගේ ආත්මීය හැඟුම් එක්කළ පද රචකයා (එය කවියක් ලෙසින් ජනගත ව තිබූ බවට මගේ මතකයේ ඇත ) මාධව හේවාවසම් !
  • ගීතය මදකට අමතක කොට, වීඩියෝවේ හි ඇති රූප රාමුවට මම නෙත් යොමු කරමි.
  • නමුත් එහි ඇති අර්ථය, මහා අර්ථයක් ගෙන හැර පායි.
අකුරු ප්‍රමාණය (Font Size):



‘අදහසට, උදහස් ව, කවියට අවියෙන් පිළිතුරු දුන්, සමාජ, රාජ්‍ය ත්‍රස්තවාදය අබියස මව්බිමෙන් නික්ම ගියවුන් ගේ කතාව’ යන තේමාවෙන් යුක්තව මට කටහඬක් ඇසේ.

මම ‘ත්‍රස්ත වී’ අසා සිටිමි.

කෙතරම් ඇත්තක් ද ?

සත්‍ය ජිවන කතා වස්තුවක එක් අංශු මාත්‍රයක් !
භාෂණ අබේවර්ධන !

මේ ගීතයට තමා ගේ ආත්මීය හැඟුම් එක්කළ පද රචකයා (එය කවියක් ලෙසින් ජනගත ව තිබූ බවට මගේ මතකයේ ඇත )

Madawa Hewawasam - Chief Executive Officer - Api Machan PVT LTD | LinkedInමාධව හේවාවසම් !මාධව හේවාවසම් !
‘අපි මචං'  පෙරමුණේ රාළ!

මේ ගීතයට, තනුව සහ සංගීතය ට ඉතා දක්ෂ අයුරින් මුසු කොට, මතක හිටින ගීතයකට හිමිකම් දරන්නා !
ඉෂිත පෙරේරා !
‘අපි මචං ‘හි සාමාජික !

මේ ගීතයට තම කටහඬින් උපරිම සාධාරණත්වයක් ඉටු කරමින්, තම සංගීත දිවියේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කෙරූ ඒ අපුරු ගායනවේදියා !

යළිත් මම ‘මතක මව්බිමට’ පැමිණෙමි..

ගීතය මදකට අමතක කොට, වීඩියෝවේ හි ඇති රූප රාමුවට මම නෙත් යොමු කරමි.

එය අපුරු ය.  කිසිම කලබලයක් නොමැති ය.

නමුත් එහි ඇති අර්ථය, මහා අර්ථයක් ගෙන හැර පායි.

දොරක් වැනි දෙයක් බාගෙට, තුන් කාලකට මෙන් වීවෘත වී  ඇත..
එයින් කියැවෙන්නේ මව්බිම තවම බොහෝ දුර බව ද ?)

පසුබිම තද කළු පැහැති ය..

දොර ඇතුලතින් පෙනෙන හිඩැස තුලින් අපට පෙනෙන්නේ එක් එක් වර්ණාවලීන් රැගත් පසුතල යි.

1,722 Door Shock Stock Photos, Pictures & Royalty-Free Images - iStock

 

වරෙක  රතු පැහැති ව ගිනිගනිමින් ද, තවත් විටෙක කොළ පැහැයෙන් ද  ආදී වශයෙන් අපට පෙනේ .


ගීතයේ ඇසෙන ලය ට අනුරුප වෙන සේ වීඩියෝවේ පෙනෙන වර්ණාවලි රූප ...!

 

එක අතකින්  මට මහා විශ්මයකි ... !

ඒ  වීඩියෝව සැදුවේ කවරෙක් ද ? ( ඒ මාධව විය හැකි ය )
ඔහුට ස්තුතිවන්ත වේවා !

ඉතාමත් ම මෘදුවට වැයෙන, ඉතාමත් සීමිත භාණ්ඩ සංඛ්‍යාවකින් මෙපමණ ගබ්දරසයක් ?

ඝණ ලේ  බිඳකි  සයුරේ -
දුහිවිලි  වැසුණු  මව්බිම - යන ගීත ඛණ්ඩය ඇසෙද්දී ඒ හා ඇතුලතින් මෙන් ඇසි නොඇසි යන ‘ආ ‘ කාරය

ඉතා සියුම් ව වෙනස් ආරකින් වැයෙන එස්රාජය ..!

Sorrow - Felice Cipriani Abstract Paintings & Drawings

 

එකිනෙකට වෙනස් වූ රසයන් බෙදා දෙමින් ද, හදවතෙහි නැඟෙන මහා ‘දුකක් ‘ වැනි හැඟීමකට උර දෙන අර සන්තුර් වැනි මුඛ්‍ය වාදන භාණ්ඩය ද මගේ හිත තුල ඉතිරිකරලන්නේ ජිවිතයේ ඇති නිස්සාරභාවය ද ?

 

මාධව අපට ඉතිරිකරලන්නේ එපමණක් නොව, ගීතයේ අවසානයට ඇසෙන, ඉෂිත ගේ දුක්බර වේදනාත්මක ඉකිය (Sigh)  ද මගේ සවනේ තව සති ගණනක් පාරවමින් තිබෙණු ඇත.

ගීතය අවසානයේ විලාපයක් මෙන් නැඟෙන, ඇසෙන ඒ සංගීත ඛණ්ඩය, මගේ හදවත රිදුම් දී ඇසෙයි.

 

ගීය අවසානයේ ඇසෙන ඒ රැහැයියන් වැනි නිශාචරයින් ගේ ශබ්ද තුලින් ගම්‍යවන්නේ අප තාමත් සිටින්නේ ‘අඳුරේ’ කියා ද ?

 

හැඳින්වීම
මව්බිම සිහිවීම
සුමිතුරන් සිහිවීම්
ආ-ගිය තැන් සිහිවීම
වෙඩි වැදීම
සහ
චිතක දැවීම

මේ කරුණු  සියල්ලම  එකට කැටිකොට ගත් කළ  


‘’හදවත මතක චිතකය
චිතකය තුල ම දැවෙමි
මතකය මගේ මව්බිම
මතකය  තුල ම  නිවෙමි’’


මේ ගී පද පේලියේ තරම් වෙන කිසියම් තැනක තියේවි ද ?

'මෝසම් සමය කාලෙට
තාමත් රෑට පාලු ද'

මේ ඛණ්ඩය ගයද්දී, ඉෂිත ‘තාමත් රෑට පාලු ද’ අසන්නේ හද කිරි ගස්වන තරම් දුකකිනි ; බරකිනි.

ලියනවිට ත් භාෂණ ගේ හිතේත් ඇතිවන්නට ඇත්තේ මේ හැඟීමම විය හැකිය.

සංගීතය සපයන විට මාධවට ත් මෙය එලෙසම දැනෙන්නට ඇති !


භාෂණ ,
මට ඔබ හොඳින් වැටහේ ;

 

විප්‍රවාසයයේ සිටින, එහෙත් හදවතින් මව්බිමෙහි සිටින ඔබ ගේ පදවලට, ගී පෙලට කිඳාබැස සිටින කවුරුන් හෝ මේ මිහිතලයේ ඇත්නම්, වෙසෙයි නම් ඔවුන්ට උපහාරයක් ම වේවා ...!

 

වෙඩ්ඩා මේ අරභයා ලියු වැකියකින් මගේ මේ ලියැවිල්ල අවසන් කරමි.

‘අපි මචං’ තරුණයිනි ,
මෙහෙව් ස්මරණිය වේදනාවක්
හිත රිද්දනසුළු
රමණිය ගීතයක රඳවන්නට
තොපට තිබු දිරියට
සැලියුට් වේවා ..!



භාෂණ ඔබට ත් ආදරණිය මව්බිමෙ සිට
සැලියුට් වේවා ...!


(නර්මදා රණවීර )

 

 


ඒ මතක මව්බිම...

PHOTO 2022 03 13 16 00 40


සිතියම් පොතක පිටුවක
ගණ ලේ තිතකි සයුරේ
මැදියම් රැයක සිහිනෙක
සසැලී දුකින් ඇහැරේ

සාගිනි සිංහ ජය දද
යට ළතැවුලින් වට වී
නිල්වන් සයුරු රළ මැද
මට මව්බිමක් තිබුණි

දුක් වනවදුලු පීරා
හිස් ළයමඩල කණිමි
සුමිතුරු මතක ඇටකටු
වැළලූ තැනක් සොයමි

දුහුවිලි නැගෙන මංවල
දුහුවිලි මතක විසිරේ
දුහුවිලි වැසුණු මව්බිම
දුහුවිලි යටම වැතිරේ

මෝසම් සමය කාලෙට
තාමත් රෑට පාලුද?
සෝබර අඳුර විනිවිද
හාමත් කුරුළු ගී වෙද?

මෘදු වැසි වැටෙන රෑ මැද
දුක් දිය කඳුරු ඉතිරේ
තුඟු මතකයන් කඳු මෙනි
කඳු සැඩ නලින් නොසැලේ

වෙඩි වැද වැටුණු මිතුරනි
හදවත ඔබේ සොහොන ය
දිවි විඳ නිවුණු සොයුරනි
මදහස සදා නිවන ය

දැන් රෑ අඳුර ඇවිදින්
තරුවෙන් තරුව දිස්වේ
නන්නාඳුනන සුළඟින්
දුක් දිවි බඳුන හිස් වේ

හදවත, මතක චිතකය
චිතකය තුළම දැවෙමි
මතකය මගේ මව්බිම
මතකය තුළම නිවෙමි



PHOTO 2022 03 13 17 34 40(රෝහිත භාෂණ අබේවර්ධන )
06 January 2020

 
 
 
 
 

Leader Whats app

  

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...