BREAKING
Top Ad
Life

පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍ය කුතුහලය පිරුණු කතාවක් - සජීව් රාජපුත්‍ර

T

The Leader

February 13, 2022 • 4:18 AM

පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍ය කුතුහලය පිරුණු කතාවක් - සජීව් රාජපුත්‍ර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනස් නොවන සමාජ තලයක පොදු මහ ජනතාව වෙනුවෙන් වෙනස්ම මනෝභාවයකින් කටයුතු කරන දේශපාලන චරිතයක්....සමඟින් ඔබේ ආලින්දයට එන පියාඹන මූනිස්සම් .....
  • ඇත්තටම එවන් වෙනස් ප්‍රතිරූපයක් සහිත දේශපාලකයෙක් වන ශාක්‍ය බස්නායක ගෙ චරිතයට තමයි මම පණ පොවන්නෙ.
  • ඇත්තටම ඔහුගෙ චරිතය තුළ කටයුතු කරන කොට ඒ සෘජු බව, ඒ අවංක බව නෙවෙයි ද ඇත්තටම මේ රටේ දේශපාලනයට අවශ්‍ය වෙන්නෙ කියන සිතුවිල්ල මට ඇතිවුණා.
  •     අත්දැකීම වෙනස්, ඒ වෙනස භාරගන්න ප්‍රේක්ෂකයන් සූදානම් වෙයි කියා ඔබ හිතනවද?
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
මේ දවස්වල සතියේ දිනවලා රාත්‍රී 9.30 ට සිරස නාලිකාව ඔස්සේ හරි අපූරු ටෙලි සිත්තමක් ඔබ හමුවට එනවා. ඒ සුධාර ගීගනගේ අධ්‍යක්ෂණය කරන, ධනුක කරුණාරත්න තිර රචනා කරන රාජපුත්‍ර ප්‍රොඩක්ෂන් වෙනුවෙන් චන්න දේශප්‍රිය නිෂ්පාදනය කරන පියාඹන මූනිස්සම් ටෙලි සිත්තම.
 
 DSC2319 2
 
මෙම ටෙලි සිත්තමෙන් අශාන් ඩයස්, සජීව් රාජපුත්‍ර, නදීශා හේමමාලි, නයනතාරා වික්‍රමාරච්චි දර්ශන ධර්මරාජ් ධනුක දිල්ශාන්, වසන්ත කුමාරවිල බිම්සරා ප්‍රේමරත්න පියෝරිනා ප්‍රනාන්දු යන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් අපට හමුවෙනවා. ඉතින් එහි ප්‍රධාන භූමිකා රංගනයට එක් වෙමින් නිෂ්පාදන කාර්යයට උරදී කටයුතු කරන සජීවී රාජපුත්‍ර සමඟින් ඒ පිළිබඳව කතා කරන්න අපි අදහස් කළා.
 
 
සජීව්  කොහොමද මේ අලුත් අත්දැකීමත් එක්ක ඔබ යන ගමන?
 
පියාඹන මූනිස්සම් ටිකක් වෙනස් විදියෙ කතාවක්.  මොකද අපේ රටේ මේ වගේ යථාර්ථයට මුහුණ දෙන දේශපාලන චරිත දකින්න ලැබෙන්නෙ නැහැ. ඉතින්  මේ ටෙලිනාට්‍ය තුළින් මෙරට දේශපාලනයට අලුත් ප්‍රතිරූපයක් අරගෙන එන්න උත්සාහ කිරීමක් විදියට තමයි මං දකින්නෙ. ලංකාවෙ ජීවත් වෙන අයට අසාමාන්‍ය දෙයක් වුණත් ඒක යහපත් දේශපාලන ගමනක ආරම්භයක්. ඇත්තටම එවන් වෙනස් ප්‍රතිරූපයක් සහිත දේශපාලකයෙක් වන ශාක්‍ය බස්නායක ගෙ චරිතයට තමයි මම පණ පොවන්නෙ.
 
481A3488 copy
 
ඒ වෙනස ඔබට දැනෙන්නෙ කොහොමද?
 
වෙනස් නොවෙන දේශපාලන පොරපිටිය තුළ වෙනස් වෙන්න උත්සාහ කරන චරිතයක්. මට දැනෙන විදියට අපේ රටට මේ වන විට අවශ්‍යම  චරිතයක්. මොකද ශාක්‍ය බස්නායක කියන්නෙ කියන දේ කරන කරන දේ කියන සෘජු තීන්දු තීරණ ගන්නා පුද්ගලයෙක්. වෙනස් නොවෙන සමාජ තලයක පොදු මහජනතාව වෙනුවෙන් වෙනස්ම ආකාරයක මනෝභාවයකින් කටයුතු කරන රටේ යහපතට වැඩ කරන චරිතයක්. ඇත්තටම ඔහුගෙ චරිතය තුළ කටයුතු කරන කොට ඒ සෘජු බව, ඒ අවංක බව නෙවෙයි ද ඇත්තටම මේ රටේ දේශපාලනයට අවශ්‍ය වෙන්නෙ කියන සිතුවිල්ල මට ඇතිවුණා.
 
ටෙලිනාට්‍යයේ කතාව ගැන ඔබේ අදහස මොකක්ද ?
 
කතාව ලස්සනයි. මේ දවස්වල යන්නෙ අවසන් කොටස් ටික. ලස්සන අවසානයක් තියෙන කතාවක්. හැබැයි මේ ටෙලිනාට්‍ය බලන අයට එක එක විදියේ අවසානයන් ගැන චිත්‍ර මැවෙන්න පුළුවන්. ඒත් ඔය කිසිම කෙනෙක් නොහිතන තැනකින් තමයි මේ කතාවෙ නිමාව  සනිටුහන් වෙන්නෙ. ඉතින් ප්‍රේක්ෂකයන්  මොකකින් මොකක් වෙයිද කියන කුතුහලයෙන් බලාගෙන ඉන්නවා.  පටන් ගත්තා වගේ ආශාවෙන් ඉතිරි කොටස් ටිකෙත් වැඩ කටයුතු අවසන් වන තෙක් නිෂ්පාදන කාර්යය කරගෙන යනවා.
 
 DSC2195
 
අත්දැකීම වෙනස්, ඒ වෙනස භාරගන්න ප්‍රේක්ෂකයන් සූදානම් වෙයි කියා ඔබ හිතනවද?
 
මේ වන විට ලැබෙන ප්‍රතිචාර එක්ක ප්‍රේක්ෂකයන් අති බහුතරයක් මේ ටෙලිනාට්‍ය වැළඳගෙන ඇති බව පෙනෙන්න තියෙනවා. ඒ පිළිබඳව මඟ තොට  හමුවන ප්‍රේක්ෂකයන්ගෙ අදහස් වලින් පැහැදිලි  වෙනවා. කිසිම වෙලවක කිසිවෙක් නාට්‍යයට බනින්නෙ නැහැ. ඒකෙන් කියැවෙන්නෙ ඒ අය මේ කතාව එයාලගෙ කරගෙන ඉන්නා වග. කොහොමත් මගෙ හිතේ ලොකු  කැමැත්තක් තියෙනවා,  නිෂ්පාදන ආයතනයක හිමිකාරයෙක් විදියට ලංකාවෙ සිනමාව කලාව මීට වඩා හොඳ තැනකට අරගෙන එන්න මට ඕනෙකම තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මට හැකි උපරිමය කරන්න මං බලාපොරොත්තු වෙනවා.
 
ඔබ රාජපුත්‍ර ප්‍රොඩක්ෂන් ආයතනයේ හිමිකරු විදියට මේ ටෙලි නාට්‍යයට නළු නිළියන් තෝරා ගැනීම පිළිබඳව දකින්නෙ කොහොමද ?
 
මෙහිදී අනුරුද්ධ ජයසිංහ බොහොම අපූරුවට ඒ ඒ චරිතවලට අදාළව නළු නිළියන් තෝරා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඇත්තටම ඒ තෝරා ගැනීම අති විශිෂ්ඨයි. මම ඔහුගෙ වෙනත් නිර්මාණ තුළත් ඒ අපූරු තෝරාගැනීම දැක තිබෙනවා. ඇත්තටම ශාක්‍ය බස්නායකගෙ චරිතයට මාව අරගෙන ආව එකත් වෙනස්ම වැඩක්. ඒ සුවිශේෂී වූ තෝරා ගැනීමේ හැකියාව නිසාම තමයි මේ නාට්‍ය බලන්න පටන් ගත්තු අය එය ඇබ්බැහියක් බවට පත් කර ගෙන තියෙන්නේ. 
 
262036580 424904299079540 5537710102526034363 n
 
ඇත්තටම බවතරණයෙ පුලස්ති ලෙසින් පටන් ගත් මේ ගමනෙ සන්ධිස්ථානයකට ඔබ අද ඇවිත්. මොකද හිතෙන්නෙ?
 
ඇත්තටම සතුටුයි. මගේ ගමන හරියට කන්දක් නගිනව වගේ. ඉතින් ජපානෙ අවුරුදු 27 ක්ම හිටපු මං ෆුජී කන්ද නැඟලා තියෙනව. හැබැයි ෆුජී කන්ද කොච්චර නැග්ගත් නැඟලා ආපහු බලන කොට තවමත් එතැනමයි. ඒ කන්ද දිහා බලාගෙන නගින නිසා. ඉතින් අපි ෆූජි කන්ද නගින්නෙ රාත්‍රියට, ඒ ඉස්සරහ අඩි දහය දිහාවෙ බලාගෙන. එතකොට හති වැටන්නෙ නැහැ. මං ආව ගමනත් හරියට කන්දක් නගිනව වගේ. මොකද මං යන තැන දන්නවා. යන්නෙ කොතැනටද කියලා ඔළුවෙ තියාගෙන  කිසිම ආයාසයකින් තොරව මගේ ගමන මං යනවා.
 
 
- තමාරා පතිරණ  
 
 DSC2109 2
 
 
 

Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...