BREAKING
Top Ad
Life

ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ අභාවප්‍රාප්ත වේ

T

The Leader

February 15, 2022 • 5:03 AM

ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ අභාවප්‍රාප්ත වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ ගීත රචක, මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ අභාවප්‍රාප්ත විය.
  • ඔහු ගීත 1500 පමණ ලියූ රචකයෙකි.
  • යළි 17 දා බ්‍රහස්පතින්දා පෙරවරු 10 සිට බොරැල්ල ජයරත්න Restpect අවමංගල ශාලාවේ දේහය තැන්පත් කෙරෙන අතර එදිනම පස්වරු 04ට බොරැල්ල කන්ත්තේ දී ආදාහනය සිදු කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 74 වැනි වියෙහි පසුවිය.

ඔහු ගීත 1500 පමණ ලියූ රචකයෙකි.

යුග තුනක ගායන පරපුරුවලට ගී නිර්මාණයෙන් දායක වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ, මාලනී බුලත්සිංහල ගයන ‘සඳ මඩලේ සිට‘ ගුණදාස කපුගේ ගයන ‘නාඹර ගොයමට‘, ඩීඩී ගුණසේන ගයන ‘සොඳුර මට සමුදෙන්න‘, පුන්සිරි සොයිසා ගයන ‘බිඳුවක් ඉවසා‘, කීර්ති පැස්කුවල් ගයන ‘කවිකාරියේ‘, දයාරත්න රණතුංග ගයන ‘සමකෝනී ත්‍රිකෝණයකි‘, ග්‍රේෂන් ආනන්ද ගයන‘හිම රේණු වැටෙනා‘, සුජාතා අත්තනායක ගයන ‘හතර වටින් කළුකරගෙන‘ රූකාන්ත - චන්ද්‍රලේකා ගයන ‘සඳලේඛා‘ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් රචනා කර ඇත.

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ දේහය පෙබරවාරි 16 දා බදදා පෙරවරු10 සිට අංක 60, ෆොන්සේකා පාර, ලක්ෂපතිය,මොරටුව (අඟුලාන දුම්රිය පොළ පාරේ) ලිපිනයේ එතුමන්ගේ නිවසේ තැන්පත් කෙරෙනු ඇත.

යළි 17 දා බ්‍රහස්පතින්දා පෙරවරු 10 සිට බොරැල්ල ජයරත්න Restpect අවමංගල ශාලාවේ දේහය තැන්පත් කෙරෙන අතර එදිනම පස්වරු 04ට බොරැල්ල කන්ත්තේ දී ආදාහනය සිදු කෙරේ.

 

 

 

 

  
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...