BREAKING
Top Ad
Life

සේපාලි : කීවෙමි මමත්, මට අඳුරන්නට බැරිය....

T

The Leader

February 16, 2022 • 2:41 AM

සේපාලි : කීවෙමි මමත්, මට අඳුරන්නට බැරිය....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතැම් ගීත තියෙනවා සවන්දුන්නාට පසුව එය අපේ ජීවිතේ කොහේ හෝ ඉමක් ස්පර්ශ කරන. එවැනි ගීතයක් ඇසූ පසු බොහෝ වෙලා යනතුරු එහි
  • ඇය මිය යන්නේ නාඳුනන ස්ත්‍රියක් ලෙස.
  • වෛශ්‍යාවෘත්තියේ ඇති නොපෙනන සමාජ දේශපාලන කාරණා මෙහි වක්‍රෝතියෙන් ගැයෙනවා.
  • මේ ගීතයේ තනුව හා ගැයුම් ස්වරූපය සාදර ගේ වෙනත් ගීතයක් එක්ක අධිස්ථාපනය (Superimpose) වෙන බව එකවනම දැනෙන්න ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

දෝංකාරය ජීවිතයෙන් ඉවත්වෙන්නේ නෑ. එවැනි නවතම ගීතයක් අන්තර්ජාලය ඔස්සේ රස විඳින්න ලැබුණේ අහම්බෙන්. ගීතය "සේපාලි."

 

අනුන්ගේ බර ඇදගෙන යන අපි හැමෝම නාට්ටාමිලා”- සාදර බණ්ඩාර

සාදර බණ්ඩාර

 

මෙය තනු නිර්මාණය කරමින් ගයන්නේ සාදර බණ්ඩාර  සහෝදරයා. ඔහු තියුණු සමාජ දේශපාලන දැක්මක් සහිත තරුණ ගායකයෙක්. ගීතයේ ගේය පදරචකයා නන්දසිරි කීඹියහෙට්ටි.

සේපාලි ගීතයේ අනුභූතික කාරණය වන්නේ අකල්හි මියගිය වෛශ්‍යාවක්. ඇය මිය යන්නේ නාඳුනන ස්ත්‍රියක් ලෙස. ඇයගේ පහස ලද අයෙක් ගේ දෘෂ්ටිකෝණයෙන් තමයි ගීතය ගැයෙන්නේ. වෛශ්‍යාවෘත්තියේ ඇති නොපෙනන සමාජ දේශපාලන කාරණා මෙහි වක්‍රෝතියෙන් ගැයෙනවා.



මේ ගීතයේ තනුව හා ගැයුම් ස්වරූපය සාදර ගේ වෙනත් ගීතයක් එක්ක අධිස්ථාපනය (Superimpose) වෙන බව එකවනම දැනෙන්න ගත්තා. ඒ එක්කම කල්පනාවට නැඟුණේ මේ ගීත දෙකේ අත්දැකීමේ සාම්‍යත්වය.

මෙහි අනෙක් ගීතය තමයි "පොඩ්ඩියේ" ගීතය . එහි අනුභූතික කාරණාව වන්නේත් වෛශ්‍යාවක් වූ මවක් කේන්ද්‍ර කරගත් කාරණයක්. මේ නිසා අපට සිතුණ දෙයක් තමයි සාදර බණ්ඩාර නම් වූ තරුණ සංගීතකරුවා උවමනාවෙන්ම මේ තනු දෙක හා ගායනා විලාසයේ සමාන කමක් ගොඩ නැගුවාද කියන එක.



ඒ එක්කම පොඩ්ඩියේ ගීතයේ අම්මා යනු මේ ගීතයේ "සේපාලි" ලෙස රූපාන්තරණය වෙන්න පටන් ගත්තා. එය අපූරු විඳීමක්. අවුරුදු දා නංගි වඳින්න බෑ කියු අම්මා, පොඩ්ඩියේ ගීතයේ අම්මා, ඝාතනයට ලක්වන සේපාලි ගීතයේ සේපාලි.  



සාදර බණ්ඩාර ටිම්රාන් කීර්ති සහ නන්දසිරි කීඹියහෙට්ටි යන රචකයින් දෙදෙනා ඇරඹුම් ස්ථාන දෙකකින් ගෙන එකම මංසන්ධියක දී සම්මුඛ කරන ආකාරය විශ්මය වහා හැඟීමක් ඇතිකරනවා.

wara

සේපාලි ගීතයේ රූප රචනය ඉතා ඉහළ මට්ටමක තියෙන්නක්. එය විනාඩි 7ක කෙටි චිත්‍රපටයක් හා සමානයි. සංකේත බහුල රූප රචනය ඉතා මනරම්. ගලන දිය ඇල්ල. සුදුපැහැ සාරිය හා තෙමුන කොණ්ඩය, වරාමල, රතු පැහැ ලෝගුව තරුණයාගේ ද්විත්ව චරිතාවේශය බහු අරුත් මවනවා. සේපාලි ගේ චරිතය නිරූපනය කරන නෙරංජනී සන්මුගරාජා ගේ  රඟපෑම ඉතා ඉහළයි.

වීඩියෝව අධ්‍යක්ෂණය කල ලක්ෂාන් වල්පිට හා කැමරා අධ්‍යක්ෂ විරංග පතිරගේ අනාගතයේ ලංකාවේ චලන චිත්‍ර කර්මාන්තයේ පුලුල් තිරය ඔස්සේ හමුවිය යුතු දෙදෙනෙක්.


කෙසේ වෙතත් සාදර බංඩාර වැනි නව සංගීත අධ්‍යක්ෂවරුන් හා ගායකයින් අප කවදත් ඇලුම්කල ගීතක්ෂේත්‍රය ගැන තව දුරටත් නොනිමි ආසා ගිනිපුළිඟු දල්වනවා.




කපිල එම්. ගමගේ, Author at ආලෝචනා© ක පි ල  එ ම්.  ග ම ගේ

(Kapila.M. Gamage ෆේස්බුක් අඩවියෙන්...)

 

 

ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාලූ

ලස්සන මළකඳක් ගඟ ළඟ තිබුණාලූ

උස්සලා බැලුවමුත් ඇඳි රෙදි කඩමාලූ

විස්තර කිසිත් හඳුනන කිසිවෙක් නෑලූ

 

තන්‍තිරිමලේ වෙහෙරේ කොතටත් වැඩිය

පින්වත් අය දැකපු සේපාලිගෙ බොඩිය

දන්නා කෙනෙක් නැති තැන ඉවුරට වැඩිය

නන්නාඳුනන ලෙස දැම්මා සුදු කොඩිය

 

දුංකොළ කපා වේලා දහවල අව්වේ

පන්දම අරන් රෑ පන්සලටත් දිව්වේ

මන්තිරිතුමා ඉඳහිට පණිවිඩ එව්වේ

පන්සිල් අරන් හිටියත් නෑ බැහැ කිව්වේ

 

හංගාගෙන වගේ පියයුරුවල සිරිය

තිබුණා උපන් ලපයක් හරියට හරිය

දෑඟිලිවලට හුරු සේපාලිගෙ බුරිය

කීවෙමි මමත් මට අඳුනන්නට බැරිය

 

 

 

 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...