BREAKING
Top Ad
Life

'Slow Living' - කාර්යබහුල ලෝකයේ සති අන්තය සතුටින් විඳින කලාව

T

The Leader

May 31, 2026 • 1:49 AM

'Slow Living' - කාර්යබහුල ලෝකයේ සති අන්තය සතුටින් විඳින කලාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම් අපි හැමෝම දුවන්නේ නොනවතින රේස් එකක.
  • සති අන්තයේ මේ දේවල් කිහිපය කරලා බලන්න: ඩිජිටල් විරාමයක්: උදේ වරුවේ පැය 3ක් ෆෝන් එක, ටීවී එක Off කරලා තියන්න.
  • පරිසරයට ඉඩක්: සෙරෙප්පු නැතුව තණකොළ පිස්සක් උඩ විනාඩි 10ක් ඇවිදින්න.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉතින් සති අන්තය ආවම බොහෝ දෙනෙක් කරන්නේ එක්කෝ සතියේ ඉතිරි වුණු වැඩ ටික කරන එක, නැත්නම් ෆෝන් එක ඇතුළේ හිරවෙලා කාලය නාස්ති කරන එක. හැබැයි ලෝකයේ දැන් අලුත්ම Trend එක තමයි "Slow Living" එහෙමත් නැත්නම් "සෙමින් ජීවත් වීමේ කලාව".

Slow Living කියන්නේ හැමදේම දාලා කැලේකට යන එක නෙවෙයි. පවතින මොහොත (Present Moment) සතුටින් සහ සිහියෙන් විඳින එක. සති අන්තයේ මේ දේවල් කිහිපය කරලා බලන්න:

235253346
ඩිජිටල් විරාමයක්:
උදේ වරුවේ පැය 3ක් ෆෝන් එක, ටීවී එක Off කරලා තියන්න.

රස කෝපි උගුරක්:
උදේ කෝපි හෝ තේ එක බොනකොට නිදහසේ, ඒ සුවඳ සහ රස විඳිමින්, වත්ත දෙස බලාගෙන බොන්න.

පරිසරයට ඉඩක්:
සෙරෙප්පු නැතුව තණකොළ පිස්සක් උඩ විනාඩි 10ක් ඇවිදින්න. නැත්නම් ගෙදර පැලයකට වතුර දාන්න.

අපේ ආකල්ප වෙනස් වෙන්නේ අපි අවට තියෙන පුංචි දේවල් අගය කරන්න ගත්තමයි. ජීවිතය කියන්නේ දුවලා දුවලා එකතු කරන සල්ලි විතරක් නෙවෙයි, මේ වගේ සැනසිලිදායක ලස්සන මොහොතවල් එකතුවක්. සති අන්තය "Slow Sunday" එකක් කරගෙන, ජීවිතය ලස්සනට විඳින්න පටන් ගමු!


( සටහන ; සාරා දිසානායක)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...