උපතත් විපතත් අතර අපේ ජීවිතයට නැතුවම බැරි “හුස්ම” බවට පත්ව ඇති ජංගම දූරකතනය, අපේ ජීවිත මෙහෙයවන කුඩා පරිගණකයක් ලෙස හැඳින්වුවද වරදක් නැත.
දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ තාක්ෂනිකව වෙනස් වෙමින්, සාමජයීය වශයෙන් අපව වෙනස් කළ මෙන්ම එසේ කරමින් සිටින ජංගම දුරකථනය දැන් වෙනස් පිම්මකට සැරසෙන බව සැළවේ. අපි සුහුරු දූරකථන (Smart Phones) අත් හැර සුහුරු කණ්නාඩියට (Smart Glasses) අත වනමින් සිටිමු.

අප කවුරුත් හොඳින් දන්නා හඳුනන මෙටා ආයතනයේ අධිපති මාර්ක් සකර්බර්ග් මෑතකදී පළ කළ අනාවැකියක් නිසා ලොව ඇවිළී තිබේ. ඔහුට අනුව ජංගම දුරකථනය වැඩි කල් නොගොස්ම යල්පන ගිය ප්‍රවෘත්තියක් බවට පත්වෙනු ලබන අතර සුහුරු කණ්නාඩි මගින් එය ප්‍රතිස්ථාපනය වනු ඇත.
මෙටා සහ ඇපල් වැනි දැවැන්ත තාක්ෂණික සමාගම් මෙම අති නවීන උපාංග නිර්මාණය කිරීම සඳහා මේ වනවිටත් ඔවුන්ගේ උපරිම ශක්තියෙන් වැඩ කටයුතු කරන බව සැළැවීම හේතුවෙන් මෙම අදහස තාක්ෂණික ලෝකය අවුස්සන්නක් බවට පත්ව තිබේ.
සුහුරු කණ්නාඩි වෙත මෙම මාරුවීම අප තොරතුරු ලබා ගන්නා ආකාරය සහ සම්බන්ධතා පවත්වා ගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි ආම්පන්නයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
සුහුරු කණ්නාඩි වෙත මෙම මාරුවීම අප තොරතුරු ලබා ගන්නා ආකාරය සහ සම්බන්ධතා පවත්වා ගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි ආම්පන්නයක් වනු ඇති බව
සැබෑවටම, තාක්ෂණික ලෝකය දකින මේ සිහිනය කුමක් වැනිද?
තාක්ෂණික ක්ෂේත්‍රයේ බොහෝ දෙනා සිතන පරිදි සුහුරු දූරකථනය මේ වනවිටත් තම ප්‍රබල ස්ථානය රැක ගැනීමේ අපහසුවකින් සිටින අතර “සුහුරු කණනාඩිය” එහි මළගම සනිටුහන් කරන්නකි. ඊට තුඩු දෙන ප්‍රධානතම සාධකය වනු ඇත්තේ ඒවා වඩාත් ස්වාභාවික ලෙස සමාජීය අත්දැකීමක් ලබා දිය හැකි ආකාරයට ඉස්මතු වීම නිසැක බැවිනි.
මිනිසුන් නිරතුරුවම පැතුවේ ඔවුන්ගේ දෛනික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි සේ මිශ්‍ර වන තාක්ෂනික උපාංග බව නොරහසකි. දූරකතනය මෙන් නොව සුහුරු කණ්නාඩි භාවිතයේදී අත් භාවිතයෙන් නිදහස් ක්‍රියාකාරිත්වයක් ලැබෙන නිසා එම පහසුව ලැබෙන තත්වයක් දැන් උදාවෙමින් තිබේ.

මාර්ක් සකර්බර්ග් පවසන පරිදි මීළඟ වසර දහය ඇතුළත සුහුරු කණ්නාඩි ජනප්‍රියතාවයෙන් සහ ප්‍රයෝජනවත් බවින් සුහුරු දූරකතන අභිබවා යනු ඇත. 2030 පමණ වනවිට, ජංගම දුරකථන යනු මිනිසුන් විසින් සාමාන්‍ය පරිදි භාවිතා කරනවාට වෙනුවට අප අසළ එහෙත් ඈත් කොට තබා ගන්නා මෙවලමක් වනු ඇතැයි ඔහු අනාවැකි පළ කරයි.
නිශ්චිත කාර්යයන් සඳහා සුහුරු දූරකතනය තව දුරටත් එහි ඇති සියලු විශේෂාංග වලින් සමන්විතව ඉදිරියට ගියද, එදිනෙදා කටයුතු සඳහා මිනිසුන් සුහුරු කණ්නාඩි වෙත නැඹුරු වනු ඇත්තේ ඒවා භාවිතයට පහසු බැවිනි. ඒ පිළිබඳව ඔහු මෙසේ පවසා තිබේ:
“ඔබේ සුහුරු ජංගම දුරකථනය පිටත තිබෙනවාට වඩා ඔබේ සාක්කුවේ හෝ ගමන් මල්ලක තිබෙන කාලයක් පැමිණෙනු ඇත.”
තාක්ෂණය විසින් අනාගතයට දායාද කරන මේ වෙනස අපට ඉඟි කරන තවත් වැදගත් දෙයක් තිබේ. එනම්, යමක් අපට ළඟා කරන භාවිතයේ පහසු බව, එහි අන්තර්ගත වන හැකියාවන් වලට වඩා මිනිසා විසින් අගය කරන බවය. ඒ අනුව වැඩි කල් නොගොස් මිනිසුන් තම දුරකථන පිටතට ගෙන අතේ තබා ගන්නා වෙනුවට ඇස් කණ්ණාඩි හරහා තෝරාගත් කටයුතු බොහෝමයක් පහසුවෙන් කරනු ඇත.

මෙම කණ්නාඩියේදී අපේ දෘෂ්ටි කෝණයට තත්‍ය කාලීන තොරතුරු ප්‍රක්ෂේපණය වීම සිදුවන අතර අන්තර්ජාලය වෙත යොමු කරන අපේ ප්‍රශ්නවලට පිළිතුරු දීම, ගූගල් මැප් වැනි යෙදුම් ඔස්සේ නගර වටා සැරිසැරීමට අපට උදව් කිරීම මෙන්ම අපේ දෛනික කාල සටහන සිහිපත් කරමින් සහාය වන පුද්ගලික සහායකයෙක් ලෙස ක්‍රියා කිරීමද අප අත්විඳිනු ඇත.
එසේම අපගේ භෞතික වටපිටාවේ අප නිරීක්ෂණය කරන දේ සමඟින් ඩිජිටල් දත්ත සුමටව මිශ්‍ර වීමෙන් වඩාත් උසස් පරිශීලක අත්දැකීමක් ලබා දීම සිදුවනු ඇත.
මෙම නවමු අත්දකීම තාක්ෂණික උපාංග භාවිතයේ ආශ්චර්යමත් කඩ ඉමක් බවට පත්වනු නොඅනුමානය.
Will smart glasses replace your smartphones?
Zuckerberg Believes Smart Glasses Will Have Replaced Smartphones By 2030
(සටහන | ඉංජිනේරු අජන්ත සෙනෙවිරත්න)
සාහිත්‍යවේදී
ajanthasene@gmail.com



