BREAKING
Top Ad
Life

වාර්තා බිඳ දමන කොරියානු කතා මාලාව : 'Squid Game'

T

The Leader

October 15, 2021 • 9:43 AM

වාර්තා බිඳ දමන කොරියානු කතා මාලාව : 'Squid Game'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Squid Game (ස්කුයිඩ් ගේම්) නෙට්ෆ්ලික්ස් හි මෙතෙක් වැඩිම පිරිසක් නැරඹු නාට්‍ය මාලාව බවට පත්ව ඇත.
  •   Squid Game නම් කොරියානු නාට්‍යය එහි පළමු දින 28 තුළදී මිලියන 111ක් නරඹා තිබේ.
  • මේ හේතුවෙන් මිලියන 82ක් නැරඹු Bridgerton (බ්‍රිජර්ටන්) නම් කතා මාලාවට මෙතෙක් හිමිව තිබූ වාර්තාව අහිමි වී තිබේ.
  •   නාට්‍ය මාලාවේ එක් කොටසක් අවම වශයෙන් මිනිත්තු දෙකක් නැරඹූ ඕනෑම අයෙකු මෙම නෙට්ෆ්ලික්ස් දත්තවලට ඇතුළත් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
මෙය සිදුවන බව අප සැම දෙනාම දැන සිටිය නමුත් දැන් එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
 
Squid Game නම් කොරියානු නාට්‍යය එහි පළමු දින 28 තුළදී මිලියන 111ක් නරඹා තිබේ. මේ හේතුවෙන් මිලියන 82ක් නැරඹු Bridgerton (බ්‍රිජර්ටන්) නම් කතා මාලාවට මෙතෙක් හිමිව තිබූ වාර්තාව අහිමි වී තිබේ.
 
නාට්‍ය මාලාවේ එක් කොටසක් අවම වශයෙන් මිනිත්තු දෙකක් නැරඹූ ඕනෑම අයෙකු මෙම නෙට්ෆ්ලික්ස් දත්තවලට ඇතුළත් වේ.
 
කොරියාව, ගිනිකොනදිග ආසියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙනුවෙන් සිටින නෙට්ෆ්ලික්ස් හි උප සභාපතිවරයා පවසන්නේ මෙම ප්‍රසංගයේ සාර්ථකත්වය "අපේ නපුරු සිහින වලින් ඔබ්බට ගිය" බවය.
 

 
 
"අපි මුලින්ම කොරියානු කතා මාලා සහ චිත්‍රපට සඳහා ආයෝඡනය කිරීම ආරම්භ කළේ 2015 දී. අපි දන්නවා ආසියාවේ සහ ලොව පුරා සිටින කොරියානු නාට්‍ය රසිකයින් සඳහා ලෝක මට්ටමේ කතා නිර්මාණය කරන්න අපට අවශ්‍ය බව," මිනොං කිම් සීඑන්එන් වෙත පුවත් වෙත පැවසීය.
 
"අද, Squid Game නපුරු සිහින වලින් ඔබ්බට ගිහින් තිබෙනවා."
 
සමාජයේ සිටින යම් නොගැලපෙන කණ්ඩායමක් ළමා ක්‍රීඩා මාලාවකට සහභාගී වීමක් වටා ගොතා ඇති මෙම කතාව කොටස් නවයකින් යුතු අතර, සැප්තැම්බර් මාසයේදී ආරම්භ වී තිබේ.
 
ජයග්‍රාහකයන් සඳහා කොරියන් වොන් බිලියන 45.6 ක (රුපියල් මිලියන 7,713.7) ත්‍යාගයක් ඇතත්, එහි බැරෑරුම්කම තේරෙන්නේ පරාජිතයන්ට මරණය අත් වීමත් සමගය.
 
කීර්තිමත් පුද්ගලයින්ගේ සිට ක්‍රීඩා තරු දක්වා සෑම පුද්ගලයෙක්ම Squid Game කතා මාලාව ගැන අදහස් පළ කර තිබේ.
 
කතා මාලාවේ නළු නිළියන් ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇති අතර, Sae-byeok ලෙස රඟපාන Jung Ho-yeon සැප්තැම්බර් 17 ආරම්භ කළ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ වනවිට අනුගාමිකයින් මිලියන 14 ක් සිටින බව 'ෆෝබ්ස්' සඟරාව පවසයි.
 
 
 
මේ නාට්‍යයේ සාර්ථකත්වයේ රහස කුමක්ද?
 
 121089884 120748841 squid2
 
අවවාදයයි - ඔබ තවමත් Squid Game නරඹා නැත්නම්, මෙම ලිපියේ ඉතිරි කොටසෙන් ඔබේ කුතුහලයට සුළු ලෙස බාධා වන කරුණු කීපයක් කිහිපයක් අඩංගු වේ...
 
 
 
Squid Game මෙතරම් ජනප්‍රිය ඇයි?
 
'ද හන්ගර් ගේම්ස් (The Hunger Games)', එසේ නැත්නම් 2000 දී තිරගත වූ 'බැට්ල් රෝයල් (Battle Royale)' චිත්‍රපටයට සමානව මෙම කතා මාලාවෙන් ද අවධානය යොමු කර ඇත්තේ දැඩි ලෙස ණය බරින් මිරිකුන දකුණු කොරියානු පුද්ගලයන් කණ්ඩායමක් වෙතය.
 
ප්‍රථමයෙන් මෙම පුද්ගලයන් රවටා (පසුව ස්වේච්ඡාවෙන්) මාරාන්තික ළමා ක්‍රීඩා තරඟාවලියකට සහභාගී කරවන අතර, ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය මුදල් දිනා ගැනීමට ඇති එකම අවස්ථාව මෙය බවට ඒත්තු ගන්වයි.
 
30 හැවිදිරි දුලක්ෂි පළිහවඩන කොරියානු නාට්‍යවලට දැඩි ලෙස ඇලුම් කරන්නීය.
 
"Squid Game දැක්ක ගමන් ඒක වෙන කොරියන් කතාවලට වඩා සෑහෙන වෙනස් බව තේරුණා. එක හුස්මට බලාගෙන ගියා. මේකේ ප්‍රචණ්ඩත්වය තියෙනවා, නමුත් යටි කතාව හරිම සෝචනීයයි."
 
"නාට්‍යය බලනකොට ඇත්තටම එකේ නළු නිලියෝ රඟපානවා කියලා හිතන්නේ නැහැ. ඒ තරමට තාත්විකයි.
 
"බොහෝ කොරියානු නාට්‍යයවල පෙන්වන විදිහට කොරියාව පෙනෙන්නේ ඉතා ධනවත් රටක් විදිහට නමුත් මේ නාට්‍යයෙන් ඒ රටේ අපි නොදකින පැත්තක් පෙන්වනවා.
 
"තව දෙයක්, මේ කතාව තරම් මුල ඉඳන් අගටම කුතුහලය රඳවා ගත්ත කතාවක් මම දැකලම නැහැ," ඇය පැවසුවාය.
 
 squid game candy promo
 
 
 
Seong Gi-hun යනු තම දියණියගේ වෙන් වීමෙන් පීඩා විඳින, විශාල ලෙස ණය වූ, සූදුවට ඇබ්බැහි වූ අයෙකි. ඔහු නාට්‍යයේ ප්‍රධාන චරිතයයි.
 
ක්ලෝයි හෙන්රි කොරියානු නාට්‍ය රසිකයෙක් වන අතර, ඈ පවසන්නේ මෙම නාට්‍යය නරඹන්නන්ට දකුණු කොරියාව පිළිබඳ වෙනස් අවබෝධයක් ලබා දෙන බවය.
 
"පොදුවේ මිනිසුන් සිතන්නේ දකුණු කොරියාව විශාල ධනවත් මිනිසුන් සිටින විශාල ලෙස බැබළෙන රටක් ලෙසයි. ඒ නිසා අරගල සහ දරිද්‍රතාවය වැනි ඇත්ත වශයෙන්ම කතා නොකරන අනෙක් පැත්ත මේ තුළින් දැකීම සතුටක්."
 
( BBC සිංහල සේවය)
 
 

 


 

THE LEADER TV 
 
 
 
මුර බල්ලෙක් එලියට? | මොණරවිලගේ ලියමන 
 
 
 
 
චිචීට ගහන්නේ බැසිල් බාප්පා ද? | The Leader TV | Gossip
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...