BREAKING
Top Ad
Life

හිලරි ක්ලින්ටන්ගේ කුළුඳුල් නවකතාව 'State of Terror' ඔක්. 12 එළිදකී

T

The Leader

February 24, 2021 • 9:40 PM

 හිලරි ක්ලින්ටන්ගේ කුළුඳුල් නවකතාව 'State of Terror' ඔක්. 12 එළිදකී 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම්වරියක, ජනාධිපති අපේක්ෂිකාවක මෙන්ම ජනාධිපති ආර්යාවක වූ හිලරි ක්ලින්ටන් ප්‍රබන්ධ රචනයට යොමුව තිබෙනවා.
  •   එය එළඹෙන ඔක්තෝබර් 12 එළිදකිනු ඇත.
  • ඒ සම්මානලාභී කතුවරියක වන ලුයිස් පෙනී සමඟින් එක්වී "State of Terror" නම් නවකතාව රචනා කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ සම්මානලාභී කතුවරියක වන ලුයිස් පෙනී සමඟින් එක්වී "State of Terror" නම් නවකතාව රචනා කරමිනි.
 
වරක සිය ප්‍රතිවාදියකු වූ අභිනව ජනාධිපතිවරයාගේ පාලන අධිකාරිය යටතේ රාජ්‍ය ලේකම් ධුරයට පත්වීමෙන් පසු, රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කෙරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවක සුලමුල සොයා යාමේ ක්‍රියාවලියේ මූලිකත්වය ගෙන ක්‍රියා කරන රාජ්‍ය ලේකම්වරියක වටා "State of Terror" ගොඩ නැගෙයි. 
 
"ඇමරිකානු නායකත්වය ලෝක වේදිකාවෙන් පල්ලම් බැස ගිය සිව් වසරට පසු පත්වූ ජනාධිපතිවරයාගේ එනම්, සිය ප්‍රතිවාදියාගේ ආණ්ඩුවට ඇය එක්වන්නී ය."
 
"ලෝක පරිපාලන ක්‍රමවේදය අවුල් ජාලයකට ඇද දමන ත්‍රස්ත ප්‍රහාර මාලාවක් පිටුපස ඇති භයානක කුමන්ත්‍රණය අනාවරණය කරගැනීම සඳහා කණ්ඩායමක් පිහිටුවා ගනිමින් ක්‍රියා කිරීමට  ඇයට සිදුවන්නීය."
සිහින සැබෑ වීමක් 
 
 
හිලරි ක්ලින්ටන් කියා සිටින්නේ ලුයිස් පෙනී සමඟ වැඩ කරන්නට සිදුවීම සිහිනයක් සැබෑවීමක් බව යි.
 
"මම ඇගේ සියලුම පොත්, චරිත වගේම ඇගේ මිත්‍රත්වයත් ප්‍රිය කළා. ඉහල මට්ටමේ රාජ්‍ය උපාය මාර්ග, විශ්වාස කඩවීම්වලින් ගහණ වූ සංකීර්ණ ලෝකයේ සැරිසරන්න අපි අපේ අත්දැකීම් එකට එක්කාසු කරමින් ඉන්නේ."
 
2009 සිට 2013 තෙක් ඔබාමා පරිපාලනය යටතේ රාජ්‍ය ලේකම් ධුරය දැරූ හිලරි ක්ලින්ටන්, 2016 ජනාධිපතිවරණ සටනින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජය විය. 
 
What Happened, Living History, Hard Choices වැනි කෘති ගණනාවක්ම රචනා කළ හිලරිගේ පළමු නවකතාව ඒ අනුව State of Terror වේ.
 
එය එළඹෙන ඔක්තෝබර් 12 එළිදකිනු ඇත.
 
(අවාරා)
 
හම්බයාට දෙමළාට නොවැටෙන සිංහල කඳුළු
 

 
 

බිලිබා ගැනීම ඇරඹේ - ජොනි අසංගව උස්සලා?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...