BREAKING
Top Ad
Life

SWOT : නාඩගම්කාරයෝ සහ කරඬුතැන්නේ සරා

T

The Leader

August 23, 2021 • 1:24 AM

SWOT :  නාඩගම්කාරයෝ සහ කරඬුතැන්නේ සරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කසිප්පු පෙරන කරඩුතැන්නේ සරා ''නාඩගම්කාරයෝ'' මෑත කාලයේ බිහිවූ ජනප්‍රිය මෙන්ම ආදර්ශමත් ටෙලි ඩ්‍රාම එකක්.
  •   ඒ තමයි සාදු අත විශ්ලේෂණය, කළමනාකරණයේ එන මෙම සංකලපය ඉතාම සරල ලෙස හැමෝටම තේරෙන භාෂාවෙන් කියලදෙනවා.
  •    සරා ඇතුළු කණ්ඩායමේ සැඟවුණු හැකියාවන්, දුර්වලතාවන් හදුනාගෙන තර්ජන පිටුදකිමින් අවස්ථා සොයාගෙන සරා ඇතුළු කණ්ඩායම යහපත් මගට පිවිසේවිද ?
අකුරු ප්‍රමාණය (Font Size):
 
සරා, යනු ගමේ කසිප්පු ව්‍යාපාරයක් කරමින් සිටින තරුණයෙක් වන අතර පන්සලේ ලොකු හාමුදුරුවෝ සහ මාස්ටර් සාරා ඇතුළු කණ්ඩායම යහමගට ගැනීම සදහා යම් උත්සහයක් ගන්නේ ගමේ කස්සිප්පුකාරයා ලෙස හංවඩු ගැසී තිබෙන සරා වෙසක් නාට්ටියක ප්‍රධාන ජවනිකාවක් ලබාදීමෙන් සරාගේ සැගව තිබුන රංගන දක්ෂතාව එළියට එනවා, බොහෝදෙනෙක් සරාගේ රංගනය ගැන කථාවෙනවා .. 
 
එවිට සරා දැනට කරන කස්සිපු වෙළදාම පිලිබඳ පශ්චත්තාප වෙනවා.
 
ජීවිත්විම සඳහා කසිප්පු වෙළදාම කරගෙන ආ යාළුවන් හතර දෙනා ගෙන් එතෙක් එකට සිටි කිරිපුතාට පවා ගහනව, සිතේ ඇතිවූ තදබව පශ්චාත්තාපය නිසා.
 
අවසානයේ සරා තීරණය කරනවා කසිප්පු වෙළදාම නතර කරන්න. 
 
එවිට ලොකු හමුදුර්වෝ සරාට පන්සට එන්න කියලා වටිනා දෙයක් කියලා දෙනවා ,
 
හාමුදුරුවෝ #සරාට පොතක් දෙනවා, දීලා මෙහෙම කියනවා
 
ඔය කොපි පොතේ මුලින්ම ලියන්න තමන්ට තියෙන ශක්තීන්, ; ( #Strengths )
 
ඊළඟට ලියන්න තමන්ගේ තියෙන දුර්වල කම්, ( #Weaknesses )
 
දැන් ලියන්න ඔය ළමයිට තියෙන බාධා, ඒවා අභ්‍යන්තර වෙන්න පුලුවන් බාහිර වෙන්නත් පුලුවන්, ( #Threats )
 
අන්තිමට ලියන්න තමන්ට තියෙන අවස්ථා, ( #Opportunities )
 
 
#සරා – ඇයි හාමුදුරුවනේ අපි මේවා ලියන්නේ ?
 
#හාමුදුරුවෝ – තමන්ව තේරැම් අරඟන්න, තමන් අනාගතේ යන්නේ කොහෙටද කියලා තීරණය කරන්නනම් ඉස්සෙල්ලා තමන් තමන්ව අඳුරගෙන ඉන්න ඕන, දැන් අලුතෙන් රැකියාවක් / කර්මාන්තයක් පටන් ගන්නවනම් ඔය දේවල් දැනගෙන ඉන්න එක බොහොම වැදගත්.
 
ඒ තමයි සාදු අත විශ්ලේෂණය, කළමනාකරණයේ එන මෙම සංකලපය ඉතාම සරල ලෙස හැමෝටම තේරෙන භාෂාවෙන් කියලදෙනවා.
 
 සරා ඇතුළු කණ්ඩායමේ සැඟවුණු හැකියාවන්, දුර්වලතාවන් හදුනාගෙන තර්ජන පිටුදකිමින් අවස්ථා සොයාගෙන සරා ඇතුළු කණ්ඩායම යහපත් මගට පිවිසේවිද ? නාඩගම්කාරයෝ මෙතෙක් කථාව
 
 
 
සද්ධාසුර්ය බණ්ඩාර මහතාගේ නිෂ්පාදනයක් වන මෙම ටෙලි නාට්‍යා මුල සිට නරඹන මා දකින්නේ, වර්තමන ශ්‍රී ලංකාවේ ජනසමාජය සදහා ලබාදෙන පණිවිඩය අගය කලයුතු දෙයකි, ආර්ථික සමාජීය ලෙස පිරිහියන තරුණ ළමයි සඳහා මිල කල නොහැකි ආදර්ශයක් ලබාදෙමින් පවතී.
 
නරක ව්‍යාපාරයක් කරන සරා හොඳමගට ගැනීම සදහා ඔහුට පැහැදිලි ඉදිරි හොද මගක් පෙන්විය යුතුය, ඒසදහා ඉදිරි දැක්මක් සහිතව අරමුණක් පිහිටුවා ගැනීමට පන්සලේ ලොකු හමුදුරෝවෝ සදු අත විස්ලෙශ්නය ඇසුරෙන් ලබාදෙන මග පෙන්වීම අගය කලයුතුදෙයකි. 
 
පිහිරි යන සමාජය ආදර්ශයක් ලබාදෙමින් නාඩගම්කාරයෝ ඔබ ලබාදෙන මාර්ගෝපදේශය සඳහා ස්තුතියි. 
 
( උපුටා ගැනීම:  kubiyonews.com - BPM |Lanka ‌ෆේස්බුක් පිටුවෙන්..)
 

 
 
THE LEADER TV 
 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව ! 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...