BREAKING
Top Ad
Life

The Dissident චිත්‍රපටය : ජමාල් කශෝගී ඝාතනය ගැන සෞදියේ ඔටුන්න හිමි කුමරුට ඇඟිල්ල දිගුකරයි

T

The Leader

February 28, 2021 • 7:44 AM

The Dissident චිත්‍රපටය : ජමාල් කශෝගී ඝාතනය ගැන සෞදියේ ඔටුන්න හිමි කුමරුට ඇඟිල්ල දිගුකරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍යවේදී ජමාල් කශෝගී මරා දැමීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු කවදා හෝ
  •     තුර්කි රජය සතු ලේඛන අනුව යමින් ෆොගල්ගේ චිත්‍රපටය අඟවා සිටින්නේ කශෝගීගේ හුස්ම හිර කර මරා දමා, තානාපති කාර්යාලය තුල දී ම සිරුර කොටස්වලට වෙන් කර ඇති බව ය.
  •     රටින් පිටුවහල් කර සිටින සෞදි ක්‍රියාකාරීන්ට එරෙහිව ඔත්තු බැලීමේ උපකරණ පාවිච්චි කිරීම ගැනත්, දුරකථන ඇමතුම්වලට රහසිගතව සවන් දීම ගැනත් සිනමාපටය විමර්ශනයේ යෙදෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
විධිමත් විමර්ශනයකට මුහුණ දෙනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව, එම ඝාතන සිදුවීම මුල් කරගනිමින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළ ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂ බ්‍රයන් ෆොගල් පවස යි.
 
ඇමරිකා එක්සත් ජනපදයේ නවතම බුද්ධි අංශ වාර්තාවක් අනුව මෙම සෞදි මාධ්‍යවේදියාගේ ඝාතනයට මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය අනුමැතිය ලබා දී ඇති බව හෙළි වේ. 
 
සෞදි අරාබි පාලනය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළ ජමාල් කෂෝගි 2018 වසරේ තුර්කියේ, ඉස්තාන්බුල් නගරයේ සෞදි තානාපති කාර්යාලය තුළ දී මරා දමා තිබුණි. ඔහුගේ මෘත සිරුර කිසිදා සොයා ගැනීමට නොහැකි වූ අතර සෞදියේ ඔටුන්නට හිමි කුමරු තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි.
 
කශෝගීට සිදුවුයේ කුමක්ද, ඔහුගේ ඝාතනයට අණ දුන්නේ කවුද යන්න බ්‍රයන් ෆොගල්ගේ The Dissident නම් වාර්තා චිත්‍රපටයෙන් විමසා බලනු ලබයි.  
 
තුර්කි රජය සතු ලේඛන අනුව යමින් ෆොගල්ගේ චිත්‍රපටය අඟවා සිටින්නේ කශෝගීගේ හුස්ම හිර කර මරා දමා, තානාපති කාර්යාලය තුල දී ම සිරුර කොටස්වලට වෙන් කර ඇති බව ය.  
 
රටින් පිටුවහල් කර සිටින සෞදි ක්‍රියාකාරීන්ට එරෙහිව ඔත්තු බැලීමේ උපකරණ පාවිච්චි කිරීම ගැනත්, දුරකථන ඇමතුම්වලට රහසිගතව සවන් දීම ගැනත් සිනමාපටය විමර්ශනයේ යෙදෙයි.
 
"ඔටුන්න හිමි කුමාරයාගේ පෞද්ගලික ජෙට් යානය කොහේට හෝ ගොඩබානකොට ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන් වෙන විදියට ඉන්ටර්පෝල් වරෙන්තුවක් නිකුත් කරාවි කියලා මම නං හිතන් නෑ. ඒක කවදාවත් වෙන දෙයක් නෙවෙයි," යනුවෙන් අධ්‍යක්ෂ ෆොගල් පවස යි.
 
"ජමාල් කශෝගී කියන්නේ, තමන්ගේ රට වඩාත් හොඳ තැනක් බවට පත් කිරීමේ අරමුණක් තිබුණු මිනිහෙක්, අතිශය දරුණු විදිහට ඔහු නිහඬ කර දැම්මා."
 
"සෞදියේ රැඳෙමින් නිහඬව ඉන්නවද, නැතිනම් තමන්ගේ ජීවිතය අවදානමක හෙලමින් රටින් පිටුවහල් වෙලා බලය ගැන ඇත්ත හෙළි කරනවා ද, යන මේ තීරණ දෙකින් එකක් තෝරා ගැනීමට ඔහුට සිදුවූ ආකාරය ගැන සිනමාපටයෙන් ඔබට දකින්න ලැබේවි. ඒ තීරණයට ඔහුගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුනා."
 
The Dissident සිනමාපටයේ ජගත් මංගල දර්ශනය පසුගිය වසරේ Sundance සිනමා උළෙලේ දී පැවැත්වුණි. 

 


 

 

 
 
 
500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...
 

 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...