BREAKING
Top Ad
Life

The Elephant Whisperers: 'සම්මානය පිළිබඳ සතුටු වුනත් රඝු අපි එක්ක දැන් නැති නිසා අපි ඉන්නේ දුකෙන්'

T

The Leader

March 20, 2023 • 5:20 AM

The Elephant Whisperers: 'සම්මානය පිළිබඳ සතුටු වුනත් රඝු අපි එක්ක දැන් නැති නිසා අපි ඉන්නේ දුකෙන්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'The Elephant Whisperers' ඔස්කාර් සම්මානයක් දිනා ගත් පළමු ඉන්දියානු වාර්තා චිත්‍රපටය බවට පත්වෙමින් ඉතිහාස ගත විය.
  • අලින් සහ ඔවුන්ව රැකබලාගන්නා අය අතර ඇති කදිම බැඳීම ගැන මෙම චිත්‍රපටය තුළ විදහා පායි.
  • 1969 දී 'The House That Amanda Build' සහ 1979 දී 'An Encounter With Faces' යන චිත්‍රපට දෙක අතීතයේ දී හොඳ ම කෙටි වාර්තා චිත්‍රපට කාණ්ඩයට නිර්දේශ වූ නමුත් සම්මාන ලබා ගැනීමට අසමත් විය.
  •     තමිල්නාඩුවේ දකුණු ප්‍රන්ත පෙදෙසේ මුදුමුලයි කොටි රක්ෂිතය තුළ ඇති තෙප්පකාඩු අලි කඳවුරේ දී රූ ගත කොට ඇති චිත්‍රපටය සිය රැළෙන් වෙන් වූ රඝු නැමැති අලි පැටවා රැකබලාගන්නා බොම්මන් සහ බෙලී ගේ කතාව 'The Elephant Whisperers' හරහා දිග හැරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එය, 'Strangers at the Gate' සහ 'How do you Measure a Year?' වැනි තරගකාරී චිත්‍රපට පරදා 95 වැනි ඇකඩමි සම්මාන උළෙළේ දී හොඳ ම කෙටි වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ය.
 


ස්වදේශික යුවළක් වන බොම්මාන් සහ බෙලී අනාථ වූ අලි පැටවෙකු රැකබලා ගන්නා ආකාරය මෙම වාර්තා චිත්‍රපටයෙන් කියවෙයි.

අලින් සහ ඔවුන්ව රැකබලාගන්නා අය අතර ඇති කදිම බැඳීම ගැන මෙම චිත්‍රපටය තුළ විදහා පායි.
 
ඇගේ (සම්මානය) භාරගැනීමේ කතාවේ දී අධ්‍යක්ෂක කාර්තිකී ගොන්සාල්වෙස් පැවසුවේ, " මම අද මෙතැන හිටගෙන ඉන්නේ අපි හා අපේ ස්වභාවික ලෝකය අතර ඇති ශුද්ධ වූ බැඳීම ගැන කතා කරන්න, ස්වදේශික ජනතාවට ගෞරවය දක්වන්න සහ අපේ ලෝකයේ අපි අවකාශය බෙදාගෙන එකට ජිවත්වෙන අනෙක් ජීවින් කෙරෙහි සහකම්පනය දැක්වීම සහ සහජීවනයෙන් ජීවත්වීම ගැන කතා කරන්න."

නිෂ්පාදක ගුනීත් මොන්ගා ජයග්‍රහණයේ පුවත ඉන්ටර්ග්‍රෑම් පොස්ටුවකින් බෙදා ගත්තේ :"මෙය ඉන්දියානු නිෂ්පාදනයකට හිමිවන පළමු ඔස්කාර් සම්මානය නිසා අද රාත්‍රිය ඓතිහාසිකයි. කාන්තාවන් දෙදෙනෙකු එක්ක ඉන්දියානු කීර්තිය."

'The Elephant Whisperers' මෙම ඛාණ්ඩයෙන් ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දීය චිත්‍රපටයයි. 1969 දී 'The House That Amanda Build' සහ 1979 දී 'An Encounter With Faces' යන චිත්‍රපට දෙක අතීතයේ දී හොඳ ම කෙටි වාර්තා චිත්‍රපට කාණ්ඩයට නිර්දේශ වූ නමුත් සම්මාන ලබා ගැනීමට අසමත් විය.
 
ewo 

තමිල්නාඩුවේ දකුණු ප්‍රන්ත පෙදෙසේ මුදුමුලයි කොටි රක්ෂිතය තුළ ඇති තෙප්පකාඩු අලි කඳවුරේ දී රූ ගත කොට ඇති චිත්‍රපටය සිය රැළෙන් වෙන් වූ රඝු නැමැති අලි පැටවා රැකබලාගන්නා බොම්මන් සහ බෙලී ගේ කතාව 'The Elephant Whisperers' හරහා දිග හැරේ. පසුව, අලි පැටවෙකු වන අම්මු රැකබලා ගැනීමට බෙලීට ද වගකීමක් ලබා දී ඇත.

පරම්පරා ගණනාවක සිට වනාන්තරය ආරක්ෂා කරන ගෝත්‍රයක් වන 'කට්ටුනායකන්' ප්‍රජාවට මෙම යුවළ අයත් වේ.

ඔවුන් පවුලක් ලෙස එකට ජීවත්වීමට පටන් ගත් අවස්ථාවේ දී, ඔවුන් අතර ඉතා ශක්තිමත් බැඳීමක් ඇති වේ.

රඝු ගැටවර වියට පත් වූ විට, ප්‍රාන්ත වනජීවී දෙපාර්තමේන්තුව ඔහුව රැගෙන ගොස්, එම ජීවන අවධියේ අලින් ව රැකබලාගැනීමට වඩා අත්දැකීම් ඇති රැකබලාගන්නා තැනැත්තෙකු ලඟ රඳවයි. යුවළ බොහෝ සිත්වේදනාවට පත්වන අතර රඝූගේ හැරයාම තදින් සිතට කාවදියි.

අලින් සහ ඔවුන්ගේ මිනිස් භාරකරුවන් අතර එකිනෙකා වෙත ඇති ආදරය හා ළැදියාව ග්‍රහණය කරගෙන ඇති හැඟීම්බර දර්ශනවලින් වාර්තා චිත්‍රපටය සමන්ව්තය.

එක් අවස්ථාවක දී, රඝූගේ වෙන්වීමෙන් කඩවැටී සිටින බෙලීගේ කඳුළු අම්මු (අලි පැටවා) පිස දමයි.

 

duweuwe

 

ඔස්කාර් සම්මානයට ප්‍රතිචාර ලෙස, සම්මානය පිළිබඳ ඔවුන් සතුටු වූවත් "රඝු අපි එක්ක දැන් නැති නිසා අපි ඉන්නේ දුකෙන්" යනුවෙන් බීබීසී දෙමළ සේවය වෙත වෙත බොම්මන් පවසා තිබේ.

ට්විටර් හි මෙම වාර්තා චිත්‍රපටය වර්ණනා කරන බොහෝ ඉන්දියානුවෝ 'හදවත උණුහුම් කරන' මෙම කතාවට ලැබුණු ඔස්කාර් සම්මානය සමරති.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසන්නේ මෙම චිත්‍රපටය "තිරසාර සංවර්ධනයේ වැදගත්කම සහ ස්වභාවධර්මයේ සුසංයෝජනය සමග ජීවත් වීම විස්මිත ලෙස ඉස්මතු කරන" බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා විපක්ෂයේ කොංග්‍රස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයා වන රාහුල් ගාන්ධි ගොන්සාල්වෙස් මෙනවියට සහ මොන්ගා මෙනවියට සුබ පතා ඇත. "මෙම කාන්තාවන් දෙදෙනා වනජීවී ආරක්ෂණයේ ඇති වැදගත්කම සහ සුන්දරත්වය ගැන හදවත උණු කරන ඔවුන්ගේ ප්‍රදර්ශනයෙන් ඉන්දියාවට කීර්තියක් අත් කර දී තිබේ" යනුවෙන් ඔහු ට්විටර් පණිවුඩයක් ද නිකුත් කොට තිබුණි.

 

BBC සිංහල


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...