BREAKING
Top Ad
Life

ඇමති බන්දුලගේ The Newspaper සිනමාපටයට ලන්ඩනයෙන් සම්මානයක්

T

The Leader

June 7, 2022 • 3:20 AM

ඇමති බන්දුලගේ The Newspaper සිනමාපටයට ලන්ඩනයෙන් සම්මානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් නිෂ්පාදනය කළ සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර විසින් අධ්‍යක්ෂණය කරන ලද The Newspaper චිත්‍රපටය 23
  • මෙම වසරේ මැයි 29 දින සිට ජූනි මස 05 වැනි දින දක්වා නැගෙනහිර ලන්ඩනය පුරා විහිදී යන මෙම ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේ දී විවිධ විශේෂාංග පවත්වනු ලබන අතර බ්‍රැඩි ආට්ස් සෙන්ටර් හිදී සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට දර්ශනය කෙරේ.
  • ජාත්‍යන්තර සිනමා උළෙලකදී The Newspaper සිනමාපටය සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව ලෙස මෙය පෙන්වා දිය හැකිය.
  • බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ දී දකුණු ආසියාවේ හොඳම සිනමා කෘතිය ලෙස සම්මානයට පාත්‍ර වූ The Newspaper චිත්‍රපටය ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ද සම්මානයට පාත්‍ර වීම ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දෙන අවස්ථාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

වැනි ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් හිමි සම්මානය දිනා ගැනීමට සමත් වී තිබේ.


මෙම වසරේ මැයි 29 දින සිට ජූනි මස 05 වැනි දින දක්වා නැගෙනහිර ලන්ඩනය පුරා විහිදී යන මෙම ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේ දී විවිධ විශේෂාංග පවත්වනු ලබන අතර බ්‍රැඩි ආට්ස් සෙන්ටර් හිදී සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට දර්ශනය කෙරේ.
 
57f05089 b4f6 b5af ebfb 4a2f480c0e9e fda14de543ae71c1e33489ce40f062a2

මෙම සිනමා දැක්මේ දී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, සම්මන්ත්‍රණ, ආදිය පැවැත්වේ. වෘත්තීයමය සිනමා නිෂ්පාදකයින්, අධ්‍යක්ෂකවරුන්, ඡායාරූප ශිල්පීන්, කර්තෘවරුන්, සිනමා මාධ්‍යවේදීන් ආදී ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සහභාගී වන මෙම සිනමා උළෙලේ අවසානය සනිටුහන් වනුයේ ජයග්‍රාහකයින් නිවේදනය කිරීමෙනි.

ඒ අනුව, එම සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සමිමානය ජොසිම් අහ්මඩ් විසින් නිෂ්පාදිත ඉන්ද්‍රනිල් රේ චවුද්‍රි විසින් අධ්‍යක්ෂණය කළ සිනමා කෘතියක් වන මයර් ජොන්ජල් චිත්‍රපටය දිනා ගනු ලැබ තිබේ.

ජාත්‍යන්තර සිනමා උළෙලකදී The Newspaper සිනමාපටය සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව ලෙස මෙය පෙන්වා දිය හැකිය. බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ දී දකුණු ආසියාවේ හොඳම සිනමා කෘතිය ලෙස සම්මානයට පාත්‍ර වූ The Newspaper චිත්‍රපටය ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ද සම්මානයට පාත්‍ර වීම ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දෙන අවස්ථාවකි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ 4වැනි සම්මානනීය සිනමා කෘතිය වන The Newspaper චිත්‍රපටය සඳහා සම නිෂ්පාදන දායකත්වය ඩබ්. පේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ විසිනි.
 
සබැඳි පුවත්:
 
 
 


Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...