"රොක් ඇන්ඩ් රෝල් රැජින" ලෙස ජනප්‍රියත්වට පත් ටීනා ටර්නර් මියයන විට 83වන වියේ පසුවුණි.
ඇය ස්විස්ටර්ලන්තයේ සුරිචි හි පිහිටි ඇගේ නිවසේදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ටීනා 1939 නොවැම්බර් මස 26 වන දින අමෙරිකාවේ උපත ලබා පසුව ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගෙන තිබේ.
1957 වසරේ සිය ගායන ජීවිතය ආරම්භ කළ ටීනා ටර්නර් රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රැජින ලෙස සළකනු ලැබීය.
ගායනයට අමතරව ඇය රංගන සහ නර්තන ශිල්පිනියක් ලෙසද ලොව පුරා රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වුණි.
1980 ගණන්වල “What's Love Got To Do With it”, “Private Dancer වැනි විශාල ජයග්‍රහණ ලබා ගත් ඇයගේ “The Best, ඇස්තමේන්තුගත ඇල්බම මිලියන 180ක් ලොව පුරා අලෙවි වී තිබීමද විශේෂත්වයකි.
Grammy සම්මාන 12ක් දිනා ගැනීමටද මෙම අසහාය තාරකාව සමත්ව තිබේ.
රොක් ඇන්ඩ් රෝල් රැජින ටීනා දිවියෙන් සමුගනී
T
The Leader
May 24, 2023 • 11:57 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලොව සුපිරි සම්මානනීය හොලිවුඩ් පොප් සහ ශාස්ත්‍රීය ගායිකා ටීනා ටර්නර් අභාවප්‍රාප්ත වී ඇත.
- ඇය ස්විස්ටර්ලන්තයේ සුරිචි හි පිහිටි ඇගේ නිවසේදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
- ටීනා 1939 නොවැම්බර් මස 26 වන දින අමෙරිකාවේ උපත ලබා පසුව ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගෙන තිබේ.
- 1957 වසරේ සිය ගායන ජීවිතය ආරම්භ කළ ටීනා ටර්නර් රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රැජින ලෙස සළකනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



