BREAKING
Top Ad
Life

TLC - (එරන්ද ගිනිගේ)

T

The Leader

October 1, 2023 • 10:30 AM

TLC - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • TLC කියන්නේ මා කුඩා කල සිත් ගත් සංගීත කණ්ඩායමක්.
  • ඒ ගීතයෙන් කියන්නේ එහෙම කොල්ලො නම් එපාමයි කියලයි.
  • ඒ සිංදුවෙන් කියවුණේ කාන්තාවන්ට තමන්ගේ ස්වභාවික ශරීරය ගැන ඇතැම්විට එන අනාරක්ෂිත හැඟීම ගැනයි.
  • (එරන්ද ගිනිගේ) සමාජ ව්‍යවසායක සහ කර්තෘ හිටපු ජනාධිපති උපදේශක eranda.ginige@gmail.com 2023 සැප්තැම්බර් 30    
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කාලේ තමයි ඔය boy bands, girl bands ලෝකයේ ජනප්‍රිය වුණ කාලය. අනූව දශකයේ teen වයසේ නාගරික කොල්ලන් සහ කෙල්ලන් MTV සංස්කෘතියට නිරාවරණය වුණු යුගය. TLC කියන්නේ ඇමරිකානු කාන්තා සංගීත කණ්ඩායමක්. මට මුලින්ම ඔවුන්ගේ ගීතයකට ඇහුණේ “Waterfalls”. එයින් කියන්නේ චරිත දෙකක කතා දෙකක්.

තමන්ගේ අම්මගේ අවවාද නාහන දඩබ්බර කළු කොල්ලෙක් පාරේ ගැන්සි බැහැලා කුඩු විකුණන්න ගිහින් වෙඩි කාලා අකාලේ මැරෙනවා. TLC ලා කියනවා “Don’t go chasing waterfalls” - දියඇලි හඹා යන්න එපා. “Please stick to the rivers and lakes that you’re used to” - උඹ දන්න ගඟේ වැවේ නාගෙන හිටපන්… ඒක හරිම ලස්සන උපමාවක්. මම බොහෝ ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩ ඉගෙන ගත්තේ ගීත අහලා. අර තනිකඩ අම්මා තමන්ගේ එකම පුතාගේ දේහය බදාගෙන වැලපෙනවා. TLC කියන්නේ “වේගයෙන් යන්න එපා… ගමන හෙමින් පලයන්…” කියලයි.

දෙවැනියට කියන්නේ කාමයේ වරදවා හැසිරෙන මිනිහෙක් ගැන. ගණිකා ඇසුර නිසා ඔහුට HIV වැළඳිලා මැරෙනවා. තමන්ටම තමන් නැති වෙන හැටි ගැන ලස්සනට ගීතයෙන් කියනවා. දියඇලි හඹා යන්න එපා… උඹ දන්න ගඟේ වැවේ නාලා හිටපන්… TLC ලා ගයනවා. HIV කියලා කෙලින්ම කියන්නේ නැහැ. “අකුරු තුනක් ඔහුව මරණයට ගෙන ගියා…” කියලයි කියන්නේ. ලිංගික අධ්‍යාපනය ගැන වැදගත් පාඩම් මට ඉගැන්නුවේ ඔය වගේ ගීත. එහෙමත් නැත්නම් නවකතා. 

 

TLC ලගේ ඊළඟට මට ඇහුන ගීතය තමයි “No Scrubs”. ස්ක්රබ් කියන්නේ කම්මැලි අහංකාර මෝඩ කොල්ලන්ට කියන slang වචනයක්. ඒ ගීතයෙන් කියන්නේ එහෙම කොල්ලො නම් එපාමයි කියලයි. නව යොවුන් වියේ කොල්ලෙක්ට ඒකත් හොඳ පාඩමක්. මහන්සි වෙලා වැඩ කරන, කොන්ඩේ රැවුල කපලා, හැඩට ඇඳලා පිළිවෙලකට ඉන්න කොල්ලොන්ට තමයි වැදගත් කෙල්ලො කැමති. කොන්ඩේ වවාගෙන රැවුල් වවාගෙන හඩු ඇඳුම් ඇඳගෙන ඉන්න අරගලකාරයන් වගේ උන්ට අකමැතියි. ඉතින් TLC ගයනවා “So no, I don't want your number” - මට ඔයාගේ නොම්මරේ එපා, “No, I don't want to give you mine and” - මගේ නොම්මරේ දෙන්නෙත් නැහැ, “No, I don't want to meet you nowhere” - මට ඔයාව කොහේවත් මුණගැහෙන්න ඕනත් නැහැ, “No, I don't want none of your time” - ඔයාගේ වෙලාවෙන් තප්පරයක්වත් මට එපා.

 

 
මට ඒ දවස්වල තිබුණු ඇඳුම් දෙක තුන වුණත් හොඳට හෝදලා මැදලා ඇන්දා. කැත කුණු පෙරාගෙන ඉන්න උන් කම්මැලියන්. කොල්ලෙක් වුණාම මුලින්ම තමන්ගේ ශරීරය සහ තමන් අඳින ඇඳුම් පිරිසිදුව තියාගන්න මහන්සි වෙන්න ඕනා. එහෙම පුරුදු වුණාම තමයි තමන්ගේ කාමරය, නිවස, කාර්යාලය පිළිවෙලකට තියාගන්නේ. තමන්ව බලාගන්න බැරි මිනිහට කවදාවත් කෙල්ලෙක්, පවුලක් බලාගන්න බැහැ.

ඒකත් එක්කම ජනප්‍රිය වුණා “Unpretty”. ඒ සිංදුවෙන් කියවුණේ කාන්තාවන්ට තමන්ගේ ස්වභාවික ශරීරය ගැන ඇතැම්විට එන අනාරක්ෂිත හැඟීම ගැනයි. සරලව කිව්වොත් තමන් කැතයි කියා සිතීම. එහෙම හිතන ඔවුන් මේකප් දාගෙන බොරු පියයුරු ශරීරගත කරගෙන තමන්ගේ ස්වභාවික පෙනුම වෙනස් කරගන්න හදනවා. TLC ලා ඒක ප්‍රශ්න කරනවා. ඒක කාන්තා විමුක්තිය ගැන කියවෙන ගීතයක්. හැබැයි අද කාලේ ඕක කිව්වා නම් දැන් ඉන්න woke toxic feminist ලා TLC ලා වාරණය කරන්න හදයි “my body my choice” කියලා. (Trigger Warning!!!)

“You can buy all the make-up that MAC can make” - හදන ඔක්කොම මේකප් ඔයාට මිලට ගන්න පුළුවන්, “But if you can't look inside you…” - හැබැයි ඔබේ අභ්‍යන්තරය බලලා මට කැතයි කියන්න තරම් ඔයා කවුද කියලා ඔයාට තේරුම් ගන්න බැරි නම් මමත්… එතන ටිකක් over යනවා. නමුත් ගීතය හරිම ශක්තිමත්. රසවත්.

 
අනෙක් පැත්තට මා වැනි කොල්ලෙකුට ඒ ගීතයෙන් ඉගැන්නුවා කාන්තාවකගේ ශරීරය මහත වුණත් කෙට්ටු වුණත් කොහොම වුණත් ඒ මිම්මෙන් ඔවුන්ව මැනීම වැරදියි කියා. මේවා තරුණයන්ට හොඳ පාඩම්. තරුණ කාලෙ අපට බලපෑම් කරන්නේ කාලීන ජනප්‍රිය සංස්කෘතිය. අපේ වාසනාවට අපේ සුන්දර තරුණ කාලේ මේ වගේ කලාවකට අපව නිරාවරණය වුණා. අද ඉන්න ජේවීපී තරුණයන්ට මේවා මග හැරුණා.

ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 සැප්තැම්බර් 30

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...