BREAKING
Top Ad
Life

Unseen Colors - නරඹන්න එන්න

T

The Leader

December 10, 2022 • 8:06 AM

Unseen Colors - නරඹන්න එන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ මුල් පෙළේ කලාකරුවන් තිදෙනෙකු වන ප්‍රසන්න වීරක්කොඩි, ලෙස්ටර් පෙරේරා සහ ලලිත් සේනානායක එක්ව ඉදිරිපත් කරන Unseen colors සිතුවම් සහ මූර්ති ප්‍රදර්ශනය (03දා) සිට දෙසැම්බර් 16
  •  පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා මෙම සිතුවම් සහ මූර්ති ප්රැදර්ශනය නැරඹීමේ අවස්ථාව විවෘතව පවතී.
  • ලෝහ භාවිතයෙන් කර ඇති මූර්ති අතර සත්ත්ව රූ සහිත මූර්ති විශාල ප්‍රමාණයක් තිබෙනවා.
  • ලෝහ භාවිතයෙන් නිර්මාණය කළත් මේ මූර්තිවල ස්වභාවිකත්වය ඒ ආකාරයෙන්ම ආරක්ෂා වී තිබෙන ආකාරය දැකගන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

වැනිදා දක්වා කොළඹ ජාතික කෞතුකාගාරයේදී පැවැත්වෙයි.

 පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා මෙම සිතුවම් සහ මූර්ති ප්රැදර්ශනය නැරඹීමේ අවස්ථාව විවෘතව පවතී.

318086131 521152626703095 2732894788607176368 n 

ප්‍රසන්න වීරක්කොඩි

ලංකාවේ පැරණි ඉතිහාසය සම්බන්ධ සිතුවම් ගැන කතාකරද්දි ප්‍රමුඛස්ථානය ලබාගන්නා චිත්‍ර ශිල්පියා තමයි ප්‍රසන්න වීරක්කොඩියි. ඔහු තරම් නිවැරදිව ඉතිහාසය ප්‍රති නිර්මාණය කරන වෙනත් චිත්‍ර ශිල්පියෙකු නැති තරම්.

සුවිශේෂී අධ්‍යනයන් සමග පුරා විද්‍යා සාධක ඔස්සේ ලංකා ඉතිහාසයේ පැරණි යුගයන් තුළ සිදු වූ විශේෂ සිදුවීම් කැන්වසය මත නිර්මාණය කිරීමට පෙර ඔහු සැලකිලිමත් වෙනවා. ඔහු නිර්මාණය කළ සිතුවම් ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් බලන්න පුළුවන්.  Prasanna Weerakkody

{gallery}Prasanna Weerakkody{/gallery}

 

ලලිත් සේනානායක

ලලිත් සේනානායක කියන්නෙ ලංකාවෙ බොහොම දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වගේම මූර්ති ශිල්පියෙක්. ලංකාවේ මෙන්ම විදේශ රටවලද ඔහු තම චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය කර තිබෙනවා. ඔහු නිර්මාණය කරන මූර්ති සඳහා යොදාගන්නෙ ඉවතලන වාහන කොටස්, ලෝහ සහ ප්ලාස්ටික් අමුද්‍රව්‍යන්. ලෝහ භාවිතයෙන් කර ඇති මූර්ති අතර සත්ත්ව රූ සහිත මූර්ති විශාල ප්‍රමාණයක් තිබෙනවා.

ලෝහ භාවිතයෙන් නිර්මාණය කළත් මේ මූර්තිවල ස්වභාවිකත්වය ඒ ආකාරයෙන්ම ආරක්ෂා වී තිබෙන ආකාරය දැකගන්න පුළුවන්. ඒ වගේම සතුන්ගේ ඉරියවු සහ චර්‍යාවන් ඉතාම නිවැරදිව දැක්වීමට ලලිත් සේනානායක සමත් වී තිබෙනවා.

ලංකාවේ ඔහු නිර්මාණය කළ විශාල මූර්ති කිහිපයක්ම දැකගන්න පුළුවන්. ගංගාරාම විහාරය අබියස නිර්මාණය කර ඇති විශාල හස්ති රුව ද නිර්මාණය කර ඇත්තේ ලලිත් සේනානායක විසින්. මූර්ති කලාව තුළින් ලංකාවට අභිමානයක් ගෙනදුන් කලාකරුවකු ලෙස ඔහු හඳුන්වාදෙන්න පුළුවන්. Lalith Senanayake

 

 {gallery}Lalith Senanayake{/gallery}

 

ලෙස්ටර් පෙරේරා

ලාංකීය චිත්‍ර ශිල්පීන් අතර වනජීවී චිත්‍ර ශිල්පීන් සිටින්නෙ බොහොම පුංචි ප්‍රමාණයක්. ඒ අතරිනුත් වනජීවී චිත්‍ර ශිල්පීන් ලෙස ප්‍රකට වන්නෙ කිහිපදෙනෙක් පමණයි. ලෙස්ටර් පෙරේරා මේ අතර සුවිශේෂී චිත්‍ර ශිල්පියෙක්. ඔහු වනජීවී චිත්‍ර තුළින් ඉදිරිපත් කරන්නෙ කුරුලු සිතුවම්.
 
කුඩා කාලයේ සිටම කුරුලු සිතුවම් නිර්මාණය කිරීමට කැමැත්තක් දැක්වූ ලෙස්ටර් ශ්‍රී ලංකාවේ පැරණි කුරුලු සිතුවම් ඇදි ශිල්පීන්ගේ සිතුවම් අධ්‍යයනය කර තිබෙනවා. ඒ අතරින් G.M. Henry‍ විශේෂයි. පසු කාලයේදී ලෝකයේ ප්‍රවීණ වනජීවී චිත්‍ර ශිල්පීන්ගේ අධ්‍යයනය කිරීම තුළ තමාටම ආවේණික සිතුවම් ශෛලියක් ගොඩනගා ගනු ලබනවා.
 
ලෙස්ටර් ඔහුගේ පළමු කුරුලු සිතුවම් ප්‍රදර්ශනය පවත්වන්නෙ 1990 වසරේ දී. දියසායම්, ඇක්‍රලික්, තෙල් සායම් වැනි මාධ්‍ය කිහිපයක් ඔහු සිතුවම් නිර්මාණය කිරීමට යොදාගන්නවා. Lester Perera
 
{gallery}Lester Perera{/gallery}

  

ඡායාරූප  - උපුටා ගැනීම - World of Wildlife Artists 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...