BREAKING
Top Ad
Life

ඔස්කාර් වේදිකාවේදී විල් ස්මිත්ගෙන් ක්‍රිස් රොක්ට අතුල් පහරක් (වීඩියෝ )

T

The Leader

March 28, 2022 • 4:34 AM

ඔස්කාර් වේදිකාවේදී විල් ස්මිත්ගෙන් ක්‍රිස් රොක්ට අතුල් පහරක් (වීඩියෝ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 94 වැනි ඔස්කාර් සම්මාන උළෙල, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් පුරයේ, ‘ඩොල්බි’ රගහලේදී පැවැත් වුණු අතර, සම්මාන උළෙලේ හොඳම
  • එය සම්මාන උළෙල හරහා සජීවී ලෙස විකාශය කෙරුණි.
  • ඇය එම රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හඳුනා ගැනීම සිදුවූයේ 2018 දීය.
  • තමන් ‘ඇලොපෙසියා’ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ජේඩා පින්කෙට් ප්‍රසිද්ධියට පත් තර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නළුවාට හිමි සම්මානය දිනූ විල් ස්මිත්, වේදිකාවට ගොඩවී, සම්මාන උළෙලේ නිවේදන කටයුතු කරන්න වූ ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට අතුල් පහරක් එල්ල කිරීම සුවිශේෂී සිදුවීමක් විය.

Will Smith hits Chris Rock on Oscars stage - BBC News


විල් ස්මිත් සම්මාන උළෙල සඳහා පැමිණ සිටියේ බිරිඳ මෙන්ම ජනප්‍රිය හොලිවුඩ් නිළියක ද වන ජේඩා පින්කෙට් සමගය.
 
 
ජේඩා හිස කෙසේ ගැලවී යෑමේ රෝගී තත්ත්වයකින් පීඩා විඳින අතර, ඇය හිස බූ ගා සිටියාය. වේදිකාවේ සිටි ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට එය විහිළුවක් විය. ඔහු තොරතෝංචියක් නැතිව, ජේඩා විහිළුවට ගත් අතර එය විල් ස්මිත්ගේ කෝපයට බදුන් විය.
 
 
තවත් බලා සිටිය නොහැකි වුණු විල් ස්මිත්, වේදිකාවට ගොඩ වී, ක්‍රිස් රොක් අසලට ගොස් ක්‍රිස් රොක් ට අතුල් පහර එල්ල කරයි. එය සම්මාන උළෙල හරහා සජීවී ලෙස විකාශය කෙරුණි.
 
Oscars 2022: Stars head to glitzy bashes after CODA wins best picture and Will  Smith and Jessica Chastain bag acting trophies | Ents & Arts News | Sky News
 
ජේඩා පින්කෙට් හිස කෙසේ ගැලවී යෑමේ ‘ඇලොපෙසියා’ නමැති රෝගී තත්ත්වයකින් පෙළෙයි. ඇය එම රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හඳුනා ගැනීම සිදුවූයේ 2018 දීය. තමන් ‘ඇලොපෙසියා’ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ජේඩා පින්කෙට් ප්‍රසිද්ධියට පත් තර තිබේ.
 
Woke Oscars 'Saved' By Award-Winning Meltdown - Hollywood in Toto

එම සිදුවීමෙන් පසු විල් ස්මිත් හැගීම්බරව කඳුළු සලන්න වූ බවත්, ප්‍රවීණ මෙන්ම සම්මානීය නළු ඩෙන්සල් වොෂින්ටන් සහ ටයිලර් පෙරී වේදිකාවේ මුල්ලකට වී, විල් සිමිත් සැනසූ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
 
 
විල් ස්මිත් පසුව කඳුළු සලමින් හොඳ ම නළුවාගේ කතාවේදී සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේ ය.
 
 
Will Smith's Full Oscars Speech for Best Actor - The New York Times
 
 
"මට ඇකඩමියෙන් සමාව ගැනීමට අවශ්‍ය යි. මට මගේ සියලු ම සෙසු නාම යෝජනාකරුවන්ගෙන් සමාව ගැනීමට අවශ්‍ය යි"
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...