BREAKING
Top Ad
Life

වොන්ඩර් වුමන් රංගන ශිල්පිනි ගාල් ගඩොට්ට පැසසුම් - දෝෂාරෝපණ එකවර!

T

The Leader

May 13, 2021 • 10:27 PM

වොන්ඩර් වුමන් රංගන ශිල්පිනි ගාල් ගඩොට්ට පැසසුම් - දෝෂාරෝපණ එකවර!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහස්, සුරක්ෂිත ජාතියක් ලෙස ජිවත් වීමේ අයිතිය අපිට වගේම අපේ අසල්වාසීන්ට ද තිබිය යුතුයි - ගාල් ගඩොට්
  • සිතා ගත නොහැකි මේ හතුරුකම කෙළවරක් වෙන්න කියලා මම යදිනවා.
  • හොඳ කාලයක් වෙනුවෙන් මම යදිනවා."   ඇගේ මේ ප්‍රකාශය පැසසුමට මෙන්ම දෝෂාරෝපණයට ද හේතු වී ඇති බවත් සමහරකු ඊට ඉතා කෝපාන්විත ප්‍රතිචාර දක්වා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
  
ඊශ්‍රායලයේ සහ ගාසා තිරයේ යුද ගැටුම් උත්සන්න වීම ගැන පළ කළ ට්විටර් පණිවිඩයක් මුල් කරගනිමින්, වොන්ඩර් වුමන් රංගන ශිල්පිනි ගාල් ගඩොට් හට සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධයක් එල්ල වී තිබෙනවා. 
 
2004 වසරේ මිස් ඊශ්‍රායල් ලෙස කිරුළු පැළඳි මේ ඊශ්‍රායල් ජාතික රංගන ශිල්පිනිය ට්විටර් සමාජ මාධ්‍ය අවකාශයේ මෙසේ ලියා තිබුණි.
 
"නිදහස් සහ සුරක්ෂිත ජාතියක් ලෙස ජිවත් වීමේ අයිතිය ඊශ්‍රායලයට හිමියි," ඇය ඊට මෙසේ ද එක්කර තිබුණි: "අපේ අසල්වාසීන්ට ද ඒ අයිතියම තිබිය යුතුයි."   
 
"මගේ හිත කැඩෙනවා," 36 හැවිරිදි ඇය කියන්නී ය.
 
"මගේ රට යුද්ධෙක ඉන්නේ. මගේ පවුල, යාළුවො ගැන මම දුක් වෙනවා. මගේ ජනතාව ගැන මම දුක් වෙනවා. ඕනෑවටත් වඩා වැඩි කාලයක් ඇදෙමින් තියෙන දුෂ්ට චක්‍රයක් මේක."
 
"වින්දිතයන් සහ ඔවුන්ගේ පවුලේ උදවිය වෙනුවෙන් මම යදිනවා. සිතා ගත නොහැකි මේ හතුරුකම කෙළවරක් වෙන්න කියලා මම යදිනවා. අපිට සමාදානෙන් ජිවත් වීමට හැකිවෙන විසඳුම අපේ නායකයින්ට හමුවේවා යි මම යදිනවා. හොඳ කාලයක් වෙනුවෙන් මම යදිනවා."
 
ඇගේ මේ ප්‍රකාශය පැසසුමට මෙන්ම දෝෂාරෝපණයට ද හේතු වී ඇති බවත් සමහරකු ඊට ඉතා කෝපාන්විත ප්‍රතිචාර දක්වා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
 
(අවාරා)

Gal Gador.tw

 


 

 THE LEADER TV 

 

පොලිසියේ 'ඝාතන අධිකරණයට ' එරෙහිව නීතිඥ සංගමය දැඩි තීන්දුවකට.!

 

 

ගෝඨාට මහින්දට නොකියා රට ගිය බැසිල් සුරේන්ට කිවූ රහස?

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...