The Leader News
BREAKING
මහ බැංකුවේ 5% උද්ධමන ඉලක්කය සහ බිම් මට්ටමේ ඇත්ත●ශිරන්ති රාජපක්ෂ යළි රිමාන්ඩ්: ඇප නියෝගය 16 වැනිදාට  ●'කිරිල්ලියක් හැඩ වෙනවා' සුභාවිත ගීත ගණයට ඇතුළත් කළ නොහැකි ද…?●ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ජාත්‍යන්තර සැලසුමක්●තරුණ විරැකියාව ආර්ථික පුනරුදයට බරපතළ අභියෝගයක්●එයාර් බස් නඩුවේ නාමල් 27 තෙක් යළි රිමාන්ඩ්  ●ජොන්ස්ටන්ගේ හිටපු ලේකම් රක්ෂිත බන්ධනාගාරයට  ●ශිරන්තිට විවෘත හදවත් සැත්කමක්? අධිකරණයෙන් වහාම වාර්තාවක් කැඳවයි●රග්බි පරිපාලනයට එරෙහිව ෆසිල් මරීජාගෙන් නීතිමය අනතුරු ඇඟවීමක්●දීපචෙල්වම් ගේ කෘති සියල්ල නිදහස් කළ යුතුයි; ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කරයි●
Top Ad
සාහිත්‍ය - කලා

'කිරිල්ලියක් හැඩ වෙනවා' සුභාවිත ගීත ගණයට ඇතුළත් කළ නොහැකි ද…?

Awara

Awara

October 13, 2026 • 3:09 PM

'කිරිල්ලියක් හැඩ වෙනවා' සුභාවිත ගීත ගණයට ඇතුළත් කළ නොහැකි ද…?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගීත රසිකයකු හෝ රසිකාවක ගීතයක් රසවිඳින ආකාරය විවිධාකාර ය.
  • එක් රසිකයෙක් හෝ රසිකාවක් ගීතයේ තනුවට සහ සංගීතයට වැඩි රුචිකත්වයක් දක්වන විට තවත් රසිකයෙක් හෝ රසිකාවක් ගීතයේ පද රචනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.
  • එවන් අවස්ථාවල දී ශ්‍රවණය කර ඇති ඇතැම් ගීතයක තනුව සහ සංගීත සංකලනය ඉතා කන්කලු ය.
  • ඇතැම් ගීතයක මේ පාර්ශ්ව ද්විත්වය කෙතරම් කන්කලු වුව ද පද රචනය කිසිදු රසයක් නොමැත; ඒවායේ ගීතයක අඩංගු විය යුතු, ගීතයක් රසවත් විය යුතු සාහිත්‍යමය ලක්ෂණ කිසිවක් ම අන්තර්ගත නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගීත රසිකයකු හෝ රසිකාවක ගීතයක් රසවිඳින ආකාරය විවිධාකාර ය. එක් රසිකයෙක් හෝ රසිකාවක් ගීතයේ තනුවට සහ සංගීතයට වැඩි රුචිකත්වයක් දක්වන විට තවත් රසිකයෙක් හෝ රසිකාවක් ගීතයේ පද රචනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත. තවත් රසිකයෙක් හෝ රසිකාවක් මේ සියලු අංග කෙරෙහි අවධානය යොමු කරමින් ගීතයක් විඳිනු ඇත.

මේ විවිධාකාර රසික ප්‍රජාව අතුරිනි මා අයත් වන්නේ අවසන් හඳුන්වා දීමට ය. එනම්, මා ගීතයක් රස විඳීමේ දී මෙම අංශ සියල්ල කෙරෙහි අවධානය යොමු කරයි.

එවන් අවස්ථාවල දී ශ්‍රවණය කර ඇති ඇතැම් ගීතයක තනුව සහ සංගීත සංකලනය ඉතා කන්කලු ය. ඇතැම් ගීතයක මේ පාර්ශ්ව ද්විත්වය කෙතරම් කන්කලු වුව ද පද රචනය කිසිදු රසයක් නොමැත; ඒවායේ ගීතයක අඩංගු විය යුතු, ගීතයක් රසවත් විය යුතු සාහිත්‍යමය ලක්ෂණ කිසිවක් ම අන්තර්ගත නොවේ.

මගේ පුද්ගලික හැඟීම අනුව නම් ගීතයක රසය පූර්ණ වීමට නම් එහි එහි: අර්ථපූර්ණ භාෂා භාවිතයක් සහ පද සුසංයෝගයක් අන්තර්ගත විය යුතු ය. රූපක සහ උපමා අන්තර්ගත විය යුතු ය. චිත්තරූපී බව පැවතිය යුතු ය. ධ්වනි පූර්ණ බව මෙන් ම ශ්‍රවණේන්ද්‍රයට මිහිරි නාද මාලාවක් අන්තර්ගත විය යුතු ය. පද රචනයේ පරිසරයට සහ අවස්ථාවට අනුව සංගීත සංකලනය භාවිත කර තිබිය යුතු ය.

ඇතැම් ප්‍රබුද්ධ යැයි සම්මත ගීතවල වුව ද මේ සියලු ලක්ෂණ අන්තර්ගත නොවන අවස්ථ දක්නට ලාබෙන අතර ප්‍රබුද්ධ ගණයට අයත් නැතැයි පවසන ඇතැම් ගීතවල යට සඳහන් කළ ලක්ෂණ දැකිය හැකි ය.

මානසික විවවේකයක් අවැසි නිමේෂයක දී Yoy tubeහි අන්තර්ගත ගීත ශ්‍රවණය කරන අවස්ථාවක දී අසන්නට ලැබුණ ගීතයක් මගේ ශ්‍රවණේන්ද්‍රිය රසයෙන් පුරවාලුයේ ය.

මතු දැක්වෙන්නේ එම ගීතයෙහි පදමාලාව ය.

කිරිල්ලියක් හැඩවෙනවා කන්නාඩිය ගාව

කුරුලු හඬක් සැරින් සැරේ තාර පාර ගාව

වරෙන් කියා නොකීවාට

සැරින් සැරේ විසිල් ඇසෙනවා

කිරිල්ලි මහ කලබලයක් කන්නාඩිය ගාව

කිරිල්ලි මහ කලබලයක් කන්නාඩිය ගාව

 

කුරුල්ලන්ට තහනම් නෑ - ඉගිල්ලෙන්න ආකාසේ

අත්තටු සිඳ ගන්න හදයි - කිරිල්ලියක් හොර රහසේ

වසන්ත මල් හිනා උණා - විතරයි මේ ගේ ඇතුලේ

කුරුල්ලො ගේ වටකරගෙන - කලබල කරනා විලසේ

 

කිරිල්ලියක් හැඩවෙනවා කන්නාඩිය ගාව

කුරුලු හඬක් සැරින් සැරේ තාර පාර ගාව

වරෙන් කියා නොකීවාට

සැරින් සැරේ විසිල් ඇසෙනවා

කිරිල්ලි මහ කලබලයක් කන්නාඩිය ගාව

කිරිල්ලි මහ කලබලයක් කන්නාඩිය ගාව

 

අනන්තයක් සොයන පැතුම් - අතර මගදි බිඳ වැටේවි

වසන්තයට ඇසෙන ගීත - නුඹේ සිතේ නතර වේවි

දුරින් ඉඳන් විසිල් ගගහ - ඉන්නෙ නැතිව පේවි පේවි

උඹ හොඳ නම් ගෙදර ඇවිත් - අහන්න කියලා කියාවි

 

කිරිල්ලියක් හැඩවෙනවා කන්නාඩිය ගාව

කුරුලු හඬක් සැරින් සැරේ තාර පාර ගාව

වරෙන් කියා නොකීවාට

සැරින් සැරේ විසිල් ඇසෙනවා

කිරිල්ලි මහ කලබලයක් කන්නාඩිය ගාව

කිරිල්ලි මහ කලබලයක් කන්නාඩිය ගාව

මෙම ගීතයේ: පද රචනය, තනුව සහ සංගීතය ශාන්ත ජයලත් තිසේරාගෙනි; ගීතය ගායනා කරන්නේ දමිත් අසංක (ඔහු ගයන මෙබඳු ගීත කිහිපයක් ම ශ්‍රවණය කරන්නට අවස්ථා ලද බව ද මේ මොහොතේ සිහිපත් කළ යුතු ය) ය.

ගීතයේ කථකයා එහි අන්තර්ගත යෞවනිය ගේ වැඩිමහල් සොයුරකු බව රසිකයාට වටහා ගැනීමට අපහසු නැත.

මා ඉතා ආශාවෙන් රස වින්ද ද ඇතැම් රසිකයකුට හෝ රසිකාවකට මෙහි කිසිදු රසයක් නොදැනෙන්නට හැකි ය. ඒ, එක් එක් පුද්ගලයා ගේ බින්න රුචිකත්වය අනුව සිදුවන්නකි.

ගීතයේ ස්ථායි කොටසින් (Chorus / Song) ම පද රචකයා රසිකයාගේ මනසෙහි කිසියම් චිත්ත රුප පෙළක් මවාලන්ට සමත් වී තිබේ.

පද රචකයා නව යෞවනියක් කැඩපත ඉදිරියේ සිට සිය සිරුරෙහි හැඩ බලන ආකාරය සහ කිසියම් යෞවනයෙක් ආසන්න මාර්ගයෙහි සිට යෞවනියට සංඥා කරන ආකාරයත් ඉතා මැනවින් ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේ දී යෞවනිය ගේ නොසන්සුන් බව පිළිබිඹු කරන චිත්ත රුප පෙළක් ද ඉතා මැනවින් රසික ප්‍රජාව ගේ මනසෙහි තැන්පත් කරන්නට පද රචකයා සමත්ව තිබේ.

කිරිල්ලියක් හැඩවෙනවා කන්නාඩිය ගාව

කුරුලු හඬක් සැරින් සැරේ තාර පාර ගාව

වරෙන් කියා නොකීවාට

සැරින් සැරේ විසිල් ඇසෙනවා

කිරිල්ලි මහ කලබලයක් කන්නාඩිය ගාව

කිරිල්ලි මහ කලබලයක් කන්නාඩිය ගාව

අනතුරුව ගීතයේ පළමු අන්තරා කොටසට (Verse) එළඹෙන රචකයා සමස්තයක් ලෙස සමාජය තුළ කාන්තාවකට සහ පුරුෂයකුට පවත්නා නිදහසෙහි පරස්පරතාව පිළිබිඹු කරමින් යෞවනිය සිය ජීවිතය අනර්ථකාරී මාවතකට රැගෙන යන්නට දරන උත්සාහය ද ප්‍රකට කරයි.

අනතුරුව යෞවනිය ඉතා ම ආසන්න කාලයක දී මල්වර වු යෞවනියක් බවට ද ඉඟි සපයන අතර ම එබඳු යෞවනියන් කෙරෙහි ආසක්ත වන යෞවනයින් ගේ චර්යා රටාව ද ඉතා මැනවින් ස්ඵුට කරයි.

පද රචකයා මේ කිසිවක් ඍජුව ප්‍රකාශ නොකිරීම ම ගීතයේ 'ගීතවත් භාවය' ඔප්නංවන්ට උපස්තම්භක වී තිබේ.

කුරුල්ලන්ට තහනම් නෑ - ඉගිල්ලෙන්න ආකාසේ

අත්තටු සිඳ ගන්න හදයි - කිරිල්ලියක් හොර රහසේ

වසන්ත මල් හිනා උණා - විතරයි මේ ගේ ඇතුලේ

කුරුල්ලො ගේ වටකරගෙන - කලබල කරනා විලසේ

ගීතයේ දෙවන අන්තරා කොටසට එළඹෙන විට පද රචකයා යෞවනියට අවවාදාත්මක යමක් පවසන්නටත්, ඇය කෙරෙහි ආසක්තව සිටින යෞවනයාට සිය නිවසට පැමිණ යෞවනිය පිළිබඳව විමසන ලෙසත් පවසයි.

එහි දී ද පද රචකයා ව්‍යංගාර්ථ මෙන් ම වක්‍රෝක්ති ද ඉතා සියුම් ආකාරයෙන් භාවිත කරන්නට සමත් වී තිබේ.

අනන්තයක් සොයන පැතුම් - අතර මගදි බිඳ වැටේවි

වසන්තයට ඇසෙන ගීත - නුඹේ සිතේ නතර වේවි

දුරින් ඉඳන් විසිල් ගගහ - ඉන්නේ නැතිව පේවි පේවි

උඹ හොඳ නම් ගෙදර ඇවිත් - අහන්න කියලා කියාවි

සමස්ත ගීතය තුළ භාවිත කර ඇති වදන්: සරල ය; සුගම ය. උපමා රූපක හ සංඛේත යනාදිය ද එසේ ම ය. ව්‍යංගාර්ථ සහ වක්‍රෝක්ති ද ඊට සමපාත ය. එහෙත් ඒ සරල සුගම බාවය ගිතයේ යටි පෙළ කියවා ගැනීමට, ගීතය රස විඳීමට කිසිදු බාධාවක් ඇති නොකරයි. ඒ අනිකිසිවක් නොව පද රචකයා ගේ ගී පද රචනා ශක්‍යතාව යි.

බොහෝ විට මෙම ගීතය 'සුභාවිත ගීත' ගණයට ඇතුළත් කර නොගන්නවා ඇත. ඒසේ වුව ද යට සදහන් කළ ආකාරයේ ගීතයක (විහේෂයෙන් ම පද රචනයක) අන්තර්ගත කාව්‍යමය භාවය මෙම ගිතියෙහි නොඅඩුව ම පවතින බව යළි යළි අවධාරණය කළ යුතු ය. එසේ නම් මෙම ගීතය 'සුභාවිත ගීත' ගණයට ඇතුළත් කළ නොහැකි ද යන්න විමසුමට ලක් විය යුතු ය.

ජයසිරි අලවත්ත

නිදහස් ලේඛක

jayasirialawatta11@gmail.com

View all stories by ජයසිරි අලවත්ත
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...