සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ලේඛක ලේඛිකාවන් ගේ කෘති ඇගයීම අරමුණු කරගනිමින් කැටපත නිර්මාණ හා විචාර කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන ‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මේ මස 27වන දා පස්වරු 3.00ට කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.
ලේඛක ලේඛිකාවන් විසින් රචිත හෝ පරිවර්තිත පළමු කෘති (මෙම සම්මානයට ඉදිරිපත් කරන විෂයට අදාළ නොවන පොතක් පෙර පළ කර තිබීම ගැටලුවක් නැත) සඳහා සම්මාන පිරිනැමීම මෙහි දී සිදු කෙරේ.
සම්මාන සඳහා: කාව්‍ය, කෙටිකතා, නවකතා, යොවුන් සාහිත්‍ය, ළමා සාහිත්‍ය, පරිවර්තන සහ පර්යේෂණ යන අංශවලින් කෘති තෝරා ගෙන ඇත.
මෙම සම්මාන: කාව්‍ය - ලාල් හෑගොඩ සම්මානය, කෙටි කතා - අජිත් තිලකසේන සම්මානය, නවකතා - සයිමන් නවගත්තේගම සම්මානය, යොවුන් සාහිත්‍ය - කේ. ජයතිලක සම්මානය, ළමා සාහිත්‍ය - සිබිල් වෙත්තසිංහ සම්මානය, පර්යේෂණ - ගනනාථ ඔබේසේකර සම්මානය සහ පරිවර්තන - කේ. ජී. කරුණාතිලක සම්මානය ලෙස නම් කර ඇත.
මේ වන විට සම්මානය සඳහා නිර්දේශිත කෘති තුන බැගින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

කාව්‍ය
මඳ සිනා නගන විල් දිය - රුවන්මලී කොඩිකාර, ප්‍රකාශනය කවිවර ප්‍රකාශන
වයින් කළ විට ඈ නටන්නී - රුවනි සිසිජා, ප්‍රකාශනය OPIUMA books
සංස්පර්ශ - ළහිරු දෙද්දුව කුමාර, ප්‍රකාශනය සන්ථව ප්‍රකාශකයෝ
කාව්‍ය අංශය නියෝජනය කරමින්: තිඹිරියාගම බණ්ඩාර, ජයසිරි අලවත්ත සහ රුවන් බන්ධුජීව විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කර ඇත.
කෙටිකතා
නාන් කඩේ සැමොලිනා - සුජිත් ප්‍රසංග, ප්‍රකාශනය සරසවි ප්‍රකාශකයෝ
ලිලිත්ලා - ගයනි ගුරුගේ, ප්‍රකාශනය සීගිරි ප්‍රකාශන
අපි වගේ අය - කියාරා මන්දුලී මෙන්ඩිස්, ප්‍රකාශනය විදර්ශන ප්‍රකාශන
කෙටිකතා අංශය නියෝජනය කරමින්: අනුරසිරි හෙට්ටිගේ, ජයන්ත කළුපහන සහ තරංගා රණසිංහ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කර ඇත.
නවකතා
ආකාස පාළුව - වින්‍යා මැණිකේ ජයසේකර, ප්‍රකාශනය ග්‍රන්ථ (පුද්ගලික) සමාගම
මණිපද්ම - අසංක රුවන් සාගර, ප්‍රකාශනය කෙහෙලි ප්‍රකාශන
අඳුරු ම අඳුරු රැය - රඹුක්කන රුවන් සුදස්සන, ප්‍රකාශනය සුරස ප්‍රකාශන
නවකතා අංශය නියෝජනය කරමින්: විදර්ශන කන්නංගර, ශ්‍රීමතී මුනසිංහ සහ නලින් එක්. කාරියවසම් විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කර ඇත.
යොවුන් සාහිත්‍ය
අලි පොඩ්ඩලාගේ කතාව - රඹුක්කන රුවන් සුදස්සන, ප්‍රකාශනය සරසවි ප්‍රකාශකයෝ
නාගා - දර්ශන අසෝක කුමාර, ප්‍රකාශනය නයින් ප්‍රකාශන
අපටත් කම්පියුටරයක් - නිරංජලා සරෝජනී, ප්‍රකාශනය සරසවි ප්‍රකාහකයෝ
යොවුන් සාහිත්‍ය අංශය නියෝජනය කරමින්: තරංගනී රෙසිකා ප්‍රනාන්දු, කසුන් සමරතුංග සහ නාලක උදය කුමාර විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කර ඇත.

පර්යේෂණ
අතීතයට කවුළුවක් - ඩොනල්ඩ් මැක්ස්වර්ත්, ප්‍රකාශනය සුරස ප්‍රකාශන
ශ්‍රී ලංකාවේ කුරුම්බර දේව සංකල්පය - හර්ෂ වික්‍රමතුංග, ප්‍රකාශනය නබෝ ප්‍රකාශන
සඳැස් කැඩපත - කීඹියේ අනුරුද්ධසිරි හිමි, ප්‍රකාශන විදර්ශන ප්‍රකාශන
පර්යේෂණ අංශය නියෝජනය කරමින්: චින්තක රණසිංහ, චින්තා පවිත්‍රාණි සහ සුදේශ් කවීශ්වර විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කර ඇත.
පරිවර්තන
හදකලාවේ බයිබලය - මනික් කුරුප්පු, ප්‍රකාශනය නයින් ප්‍රකාශන
මෙලී බෙලී - වරුණි කොහොඹන්ගේ, ප්‍රකාශනය අපූර්ව ප්‍රකාශන
වැසි වැටෙන ගඟ අසබඩ - එම්. ඩී. මහින්දපාල, ප්‍රකාශනය විදර්ශන ප්‍රකාශන
පරිවර්තන අංශය නියෝජනය කරමින්: ඩී. එම්. එස්. ආරියරත්න සහ අනුරුද්ධිකා කුමාරි කුලරත්න විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කර ඇත.

ළමා සාහිත්‍ය
බිංදුට කෝ අවුරුදු - ශර්මිලා බන්ධුනී දංවත්ත, ප්‍රකාශනය ග්‍රැෆිකෙයාර් ප්‍රකාශන
හචොං - නිරංජලා හේමමාලි වෙඩික්කාර, ප්‍රකාශනය සදීපා ප්‍රකාශකයෝ
වරා මලේ කතන්දරේ - දමිත් ඒ. පතිරණ, කර්තෘ ප්‍රකාශනයකි
ළමා සාහිත්‍ය අංශය නියෝජනය කරමින්: දයාවංශ ජයසිංහ, සුසිල් සුරවීර සහ ධම්මිකා අක්මීමන විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කර ඇත.
මෙම අංශ හතට අමතරව: දීර්ඝ කාලයක් මුළුල්ලේ ග්‍රණ්ථකරණයෙන් ලාංකීය සාහිත්‍ය පෝෂණය කළ ජ්‍යේෂඨතම ලේඛකයකුට/ ලේඛිකාවකට ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන 'මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍යාභිනන්දන ගෞරව සම්මානය' යන මැයෙන් විශේෂිත සම්මානයක් පිරිනැමීමට ද සංවිධායක මණඩලය කටයුතු සුදානම් කර ඇත.
‘විශ්ව සාහිත්‍යයේ නව ප්‍රවණතා සහ ලාංකේය සාහිත්‍යයේ අද දවස’ යන මැයෙන් වූ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ පරිවර්තක ගාමිණී වියන්ගොඩ විසිනි.



