The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනවාරි 01 දා සිට මහනුවර නගරයේ පදික වේදිකා වෙළඳාම තහනම් !

T

The Leader Desk

December 28, 2025 • 9:46 AM

ජනවාරි 01 දා සිට මහනුවර නගරයේ පදික වේදිකා වෙළඳාම තහනම් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහනුවර මහ නගර සභාවේ සියලුම මන්ත්‍රී වරුන්ගේ එකඟතාවයෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර පදික වේදිකාවේ වෙළඳාම් කිරීමට මින් ඉදිරියට කිසිවෙකුට ඉඩ ල⁣බා නොදෙන බවද මහනුවර පුරපති වරයා කීය.
  • පදික වේදිකාවල ගමන් කරන මහජනතාව නිතර නිතර පදික වේදිකා අවහිර කොට කෙරෙන අනවසර වෙළඳාම් නිසා තමන්ට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදව ඇතැයි නගර සභාවට කරන ලද පැමිණිළි සහ නගර සභාවේ සියලුම සභිකයන් එක්ව කරන ලද ඉල්ලීම මත මෙම තීරණය ගත් බවද පුරපති වරයා පැවසීය.
  • වසර ගනනාවක් තිස්සේ මහනුවර නගරයේ පදික වේදිකාවල වෙළඳාම් කල වෙළඳුන්ට අසාධාරණයක් නොවන පරිදි ,ඔවුනට විකල්ප ස්ථාන ලබාදී ඔවුන්ව පදික වේදිකාවලින් ඉවත් කිරීම කරන බවද ,මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක විශේෂයෙන් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


දළදා වීදීය යටිනුවර වීදීය, කොළඹ වීදීය, කොටුගොඩැල්ල වීදීය,  මහනුවර මාර්කට් එක ඉදිරිපිට පදික වෙළඳාම තහනම් කර ඇතිබවත් එම ස්ථාන වල වෙළඳාම් කල පිරිස් සඳහා රෝහලට යන මාර්ගයේ ස්ථාන කීපයක් සහ මහනුවර දුම්රිය ස්ථානයට යාබද විදුලිබල මණ්ඩල කාර්යාලය ආසන්නයේ පිහිටි නගර සභාව සතු වානිජ ගොඩනැගිල්ලේ වෙළඳාම් කිරීම⁣ට  ඉඩ ලබා දෙන බවද මහනුවර පුරපති වරයා පැවසීය.

මහනුවර මහ නගර සභාවේ සියලුම මන්ත්‍රී වරුන්ගේ එකඟතාවයෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර පදික වේදිකාවේ වෙළඳාම් කිරීමට මින් ඉදිරියට කිසිවෙකුට  ඉඩ ල⁣බා නොදෙන බවද මහනුවර පුරපති වරයා කීය.

පදික වේදිකාවල ගමන් කරන මහජනතාව නිතර නිතර පදික වේදිකා  අවහිර කොට කෙරෙන අනවසර වෙළඳාම් නිසා තමන්ට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදව ඇතැයි නගර සභාවට කරන ලද පැමිණිළි සහ නගර සභාවේ සියලුම සභිකයන් එක්ව කරන ලද ඉල්ලීම මත මෙම තීරණය ගත් බවද  පුරපති වරයා පැවසීය.

වසර ගනනාවක් තිස්සේ මහනුවර නගරයේ පදික වේදිකාවල වෙළඳාම් කල වෙළඳුන්ට අසාධාරණයක් නොවන පරිදි ,ඔවුනට විකල්ප ස්ථාන ලබාදී ඔවුන්ව පදික වේදිකාවලින් ඉවත් කිරීම කරන බවද ,මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක විශේෂයෙන් සඳහන් කළේය.

(සටහන | ජේ ඒ එල් ජයසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...