The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●
Top Ad
පුවත්

අප්‍රේල් 02 'ජාතික බදු දිනය' මහත් අභිමානයෙන් පැවැත්වීමට යයි

T

The Leader Desk

March 9, 2026 • 10:04 AM

අප්‍රේල් 02 'ජාතික බදු දිනය' මහත් අභිමානයෙන් පැවැත්වීමට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය තව දුරටත් වර්ධනය කර ගනිමින් ඉදිරියට සෑම වසරකම ඉහළ බදු ආදායමක් ලබා ගැනීමට උපාය මාර්ගික වැඩපිළිවෙලක් යෙදීම සහ ඊට දායක වූවන්ට ආශීර්වාද කිරීම මෙහි අරමුණවී තිබේ.
  • මෙවර ජාතික බදු දින (National Tax Day) තේමාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වසර 94 ක අභිමානය ඉහළ නංවාලීමයි.
  • යහපත් අනාගතයක් කරා බදු ආදායම් වැඩිකර ගැනීම ("Taxes - for a Better Future" ) අරමුණ ඇතිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලයේ බදු පිළිබඳ විශේෂ ඒකකය මෙය සංවිධානය කරයි.
  • තම දෙපාර්තමේන්තුව ස්ථාපිත කර වසර 94ක් සපිරීම නිමිත්තෙන් බදු ගෙවන්නන් ඇගයීම සහ බදු සාක්ෂරතාවය ඉහළ නැංවීම ජාතික දිනය දා සිදු කිරිමට අපේක්‍ෂා කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දෙවි ප්‍රනාන්දු කිවාය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 94වෙනි උපන්දිනය යෙදෙන ලබන අප්‍රේල් 02දා සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙය පැවැත්වේ.‍

මුදල් හා ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන ඇමැතිවරයාද වන  ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙරට ඉතිහාසයේ වැඩිම බදු ආදායමක් එකතු කළ වසර ලෙස 2025 පත්විණි.

එය තව දුරටත් වර්ධනය කර ගනිමින් ඉදිරියට සෑම වසරකම ඉහළ බදු ආදායමක් ලබා ගැනීමට උපාය මාර්ගික වැඩපිළිවෙලක් යෙදීම සහ ඊට දායක වූවන්ට ආශීර්වාද කිරීම මෙහි අරමුණවී තිබේ.

කම්කරු ඇමැති හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය  ඇමැති  අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවිර ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වේ.

මෙවර ජාතික බදු දින (National Tax Day)  තේමාව දේශීය  ආදායම් දෙපාර්තමේන්තුවේ වසර  94 ක අභිමානය  ඉහළ  නංවාලීමයි.  

යහපත් අනාගතයක් කරා බදු ආදායම් වැඩිකර ගැනීම  ("Taxes - for a Better Future" ) අරමුණ  ඇතිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලයේ බදු පිළිබඳ විශේෂ ඒකකය මෙය  සංවිධානය කරයි.

තම  දෙපාර්තමේන්තුව ස්ථාපිත කර වසර 94ක් සපිරීම නිමිත්තෙන් බදු ගෙවන්නන් ඇගයීම සහ බදු සාක්ෂරතාවය ඉහළ නැංවීම ජාතික දිනය දා සිදු කිරිමට අපේක්‍ෂා කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දෙවි ප්‍රනාන්දු කිවාය.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...