මේ දඩය ෆ්‍රෑන්ක්ස් 3,000ක දිනපතා දඬුවම් 50කින් සමන්විත වන අතර දෙවසරක පරිවාස කාලය තුළ ජැකා නැවත වැරැද්දක් සිදු නොකළහොත් එම දඬුවම ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ. තමා දැනටමත් උසාවි ගාස්තු ගෙවා ඇතැයි එංගලන්තයේ සන්ඩර්ලන්ඩ් වෘත්තීය පාපන්දු සමාජයීය කණ්ඩායමට නායකත්වය දෙමින් ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කරන මේ 34 හැවිරිදි ක්‍රීඩකයා පවසනවා.
“සති කිහිපයකට පෙර මම පෞද්ගලකවම මෙහිදී කතා කරමින් මගේ තීරණය ගැන මම වගකීම බාර ගන්නවා කියලා කිවුවා. මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා” යනුවෙන් ජැකා ජර්මන් භාෂාවෙන් ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කර තිබෙනවා.
“බොරු සහතිකයක් ලබා ගැනීම පිළිබඳව මට දඬුවම් කරමින් වසර දෙකක පරිවාස කාලයක් සමග ස්විස් ෆ්‍රෑන්ක්ස් 3,000 බැගින් වන දිනපතා දඩ මුදල් 50ක අත්හිටවූ දඬුවමක් නියම කර තිබෙනවා. මෙයින් අදහස් කරන්නේ මේ කාලය තුළ මම තව වැරදි සිදු කළේ නැත්නම් ඒ දඬුවම ක්‍රියාත්මක නොවන බවයි. මම දැනටමත් උසාවි ගාස්තු ගෙවා තිබෙනවා.”
මගේ ක්‍රියාවන්ගේ මම වගකීම බාර ගන්නවා

“මේ තීන්දුව පිළිගන්නා මම මගේ ක්‍රියාවන්ගේ වගකීම බාර ගන්නවා. පසුගිය සති කිහිපයේ මට සහයවෙමින් පණිවුඩ එවූ සියලු දෙනාට ස්තූතියි. ඒවා මට ගොඩක් වැදගත් වුණා.”
තමා ව්‍යාජ සහතිකය ලබා ගත්තේ කොවිඩ්-19 එන්නත පිළිබඳව දැඩි අවිශ්වාසයක් තිබූ කාලයක බව ජැකා පසුගිය මාසයේ කියා තිබුණා.
ඒ වකවානුවේ තමා එම එන්නත පිළිබඳව අඩමානයෙන් සිටි බවත් එහෙත් ඉන්පසුව පැමිණිල්ල මෙහෙයවන්නන් සමග සම්පූර්ණ සහයෝගයෙන් කටයුතු කළ බවත් ස්විට්සලන්ත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයා ප්‍රකාශ කළා. 2022 වසරේ ආසනල් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටි ජැකා පසුගිය සැප්තැම්බර් 21 වැනිදා සමාජ මාධ්‍යයේ තැබූ පෝස්ටුවක, තමාට එන්නත පිළිබඳව සැකයක් තිබූ බවත් තමාට කරදර හා අවිනිශ්චිතතාවෙන් බලපෑම් ඇතිකර තිබූ බවත් ලියා තිබුණා.
වරද පිළිගැනීමෙන් පසුව ජැකා මෑතකදී පැවති ජාත්‍යන්තර තරගමාලාව වෙනුවෙන් වූ ස්විට්සලන්ත පාපන්දු සංචිතයෙන් ඉවත් කර තිබූ බව ස්විස් පාපන්දු සංගමය පැවසුවා. ඒ අනුව ස්විට්සලන්තය වෙනුවෙන් වාර්තාගත තරග 152කට ක්‍රීඩා කර ඇති ඔහුට උතුරු මැසඩෝනියාව සමග තරග දෙකක් ද, ස්කොට්ල්තය හා ස්ලොවේනියාව ට එරෙහිව තරගයක් බැගින් ද වශයෙන් නේෂන්ස් කුසලාන තරග හතරක් මඟහැරුණා.




