(''අපේ මාතෘභූමිය ලෝක සිතියමේ ස්ථානයක් පමණක් නොවේ. එය අප විසින් බෙදාගන්නා සංස්කෘතිය, ඉතිහාසය සහ අනන්‍යාවයේ පිළිබිඹුවකි.''
මෙම අදහස අනුව යමින් ශ්‍රී ලාංකීය අනන්‍යාව, ශ්‍රී ලාංකික හැඟීම ඔවුන් අතර ස්ථාපනය කිරීමට පර්ත් සිංහල පාසල වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවයි.
ඒ අතර සංගීත, නර්තන සහ විව්ධ ක්‍රියාකාරකම් ආශ්‍රය කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ශිල්පීන් ගේ ඇසුර නිරතුරුවම ලබා දෙමින් ඔවුන් හදවතින් මවු පොළොවේ රඳවා තබාගැනීමේ වෑයම අඛණ්ඩව ඉදිරියට රැගෙන යමින් සිටී.
එහි අභිමානවත් ඉදිරි පියවරක් ලෙස 2026 වසර අරඹමින් ජනවාරි 3 වෙනිදා සවස 6.30ට "ප්‍රභාෂ්වරී" නමින් නර්තන ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රගහලට රැගෙන එන්නේ පර්ත් දරුවන් 35 දෙනකු ගේ සහභාගීත්වයෙනි.
අධික්ෂණයෙන් සහභාගි වන්නේ කථිකාචාර්ය රවිබන්දු විද්‍යාපති ය.





