The Leader News
BREAKING
Top Ad
පුවත්

ගෙවල් කුලී පනත ගැන අදහස් විමසීම මාර්තු 04 තෙක්

T

The Leader Desk

February 9, 2026 • 3:54 AM

ගෙවල් කුලී පනත ගැන අදහස් විමසීම මාර්තු 04 තෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම මහජන අදහස් ලිඛිතව ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව සලකා බැලීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් සිදුකරන බවද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය දන්වා සිටියි.
  • මෙම පනත් කෙටුම්පත් දෙක විශේෂඥ කමිටුවක් මගින් සකස් කරන ලදුව, විධිමත් කාර්ය පටිපාටිය අනුගමනය කිරීමෙන් අනතුරුව 2025 සැප්තැම්බර් 18 වැනිදා ගැසට් පත්‍රයේ පළ කළ බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
  • මහජන අදහස් විමසීම සඳහා වෙන්කර තිබූ කාලය තුළදී අදාළ පනත් කෙටුම්පත් පිළිබඳව ලැබී ඇත්තේ ලිඛිත අදහස් දැක්වීම් 02ක් පමණක් බවද අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය පැවැසුවාය.
  • එම ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව අදාළ පනත් පිළිබඳව තවදුරටත් මහජන අදහස් විමසීම සඳහා මෙම මස 03 වැනිදා සිට මාසයක කාලයක් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන වැඩිදුරටත් දන්වා සිටියාය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම මහජන අදහස් ලිඛිතව ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව සලකා බැලීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් සිදුකරන බවද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය දන්වා සිටියි.

1972 අංක 07 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත හා පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව අදහස් දැක්වීමට අපේක්ෂිත පාර්ශ්ව සිය අදහස් ලිඛිතව අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමුකරන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන ඉල්ලා සිටියා ය.

මෙම පනත් කෙටුම්පත් දෙක විශේෂඥ කමිටුවක් මගින් සකස් කරන ලදුව, විධිමත් කාර්ය පටිපාටිය අනුගමනය කිරීමෙන් අනතුරුව 2025 සැප්තැම්බර් 18 වැනිදා ගැසට් පත්‍රයේ පළ කළ බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන් අනතුරුව පනත් කෙටුම්පත් දෙක 2025 නොවැම්බර් 04 වැනිදා සිට 2026 ජනවාරි 15 වැනිදා දක්වා කාලය තුළ මහජන අදහස්, යෝජනා සහ නිර්දේශ සඳහා අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේත්, පුවත්පත්වලත් පළ කරන ලද බවත් අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි

ඊට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙතද 2025 ඔක්තෝබර් 27 වැනිදා ලිපියක් මගින් අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් සිය අදහස්, යෝජනා, නිර්දේශ ඉදිරිපත් කරන ලෙස දන්වා යැවූ බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය සඳහන් කළාය.

මහජන අදහස් විමසීම සඳහා වෙන්කර තිබූ කාලය තුළදී අදාළ පනත් කෙටුම්පත් පිළිබඳව ලැබී ඇත්තේ ලිඛිත අදහස් දැක්වීම් 02ක් පමණක් බවද අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය පැවැසුවාය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් 2026 ජනවාරි 29 දිනැතිව ලිපියක් මගින් මෙම පනත් කෙටුම්පත් පිළිබඳව අදහස් දැක්වීමට අවශ්‍ය බව අමාත්‍යාංශය දැනුවත් කර තිබෙන බවත්, ඊට අමතරව තවත් සංවිධාන ගණනාවක් ද මේ පිළිබඳව අදහස් දැක්වීමට තවදුරටත් කාලය අවශ්‍ය බව දැනුම් දී ඇතැයි ද අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය පැවැසුවාය.

එම ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව අදාළ පනත් පිළිබඳව තවදුරටත් මහජන අදහස් විමසීම සඳහා මෙම මස 03 වැනිදා සිට මාසයක කාලයක් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන වැඩිදුරටත් දන්වා සිටියාය.


(aruna | ඉෂාර රත්නකාර)


වැඩිදුරටත් විස්තර :

බදු කුලී නීතිය: දේපළ හිමියන් දැනගත යුතු කරුණු 05ක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...