පෙරේදා (25) අත්අඩංගුවට ගනු ලැබුවේ එම පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයන් ගේ පෙර ක්‍රියාකාරකම් අනාවරණය වීම වැළැක්වීම ඇතුළු චෝදනා පහක් යටතේ බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කළේය.
යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ සාමාජිකයකු වෙත සැක කටයුතු මුස්ලිම් තරුණයන් හතර දෙනකු යොමු කර මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන පිළිබඳ සංවේදී තොරතුරු රැස්කිරීමට සැලැස්වීම, පාස්කු ප්‍රහාරයෙන් පසු එම ප්‍රහාරයේ ප්‍රහාරකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් තිබූ අවස්ථාවේ ඉතා සුක්ෂම ලෙස අනාවරණය වීම වැළැක්වීම සඳහා අවහිර කිරීමට සෘජු හෝ වක්‍රාකාරව ක්‍රියා කිරීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි අත්අඩංගුවට ගැනීමට හේතු විණි යැයි පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරියෙක් ඊයේ (26) පැවසීය.
මීට අමතරව, පාස්තු ප්‍රහාරකයන්ගේ ඥාතින් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන් විසින් බෝම්බ පුපුරවා ගත් කල්මුණේ සයින්දමරුදු බොලිවේරියන් ගම්මානයේ පිහිටි නිවෙස තුළදී මහේන්ද්‍රන් පුලස්ථනී හෙවත් සාරාජස්මින් නමැත්තිය එම පිපිරීමේදී මියගිය බවට ඒත්තු ගැන්වීමට සෘජුවම දායක වීම, එම තැනැත්තිය පිළිබඳව කරුණු වසන් කරවීම, පාස්තු ප්‍රහාරකයන්ගේ මෙහෙයුම්කරුවන් අනාවරණය වීම වැළැක්වීමට කටයුතු කිරීමෙන් පාස්කු බෝම්බ මාලාවට සෘජුව හෝ වක්‍රාසාරයෙන් ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා ද විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට ගැනීමට බලපෑ හේතු කාරණා බව නිළධාරියා කීය.
රහස් පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (25) පැලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින තුනක් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව රහස් පොලිසිය කියයි. ඔහුගෙන් හෙළිවන තොරතුරු මත තවදුරටත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව පරීක්ෂණ පවත්වාගෙන යන බව ද රහස් පොලිසිය සඳහන් කරයි.
( lankadeepa | ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)




