The Leader News
BREAKING
Top Ad
පුවත්

මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය 06 වනදිනටත් අඛණ්ඩව - විපක්ෂ නායකත් එක්වේ

T

The Leader Desk

February 10, 2026 • 5:26 AM

මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය 06 වනදිනටත් අඛණ්ඩව - විපක්ෂ නායකත් එක්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් සඳහන් කළේ ජනාධිපතිවරයා යටතේ කමිටුවක් පත් කරන බවට ඊයේ (09) දිනයේ පැවති සාකච්ඡාවේ දී ඔවුන්ට දැනුම් දුන් බවය.
  • කෙසේ වෙතත් ඔවුන් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටින බව ද වැඩිදුරටත් පැවසීය.
  • මේ අතර ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රකාශ කළේ, වින්ච් මාදැල් ධීවරයින් ගොනුකර ඇති නඩුව පෙබරවාරි 27 වැනිදා යළි කැඳවන අතර ඉන් පසු ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවය.
  • ඒ කොරල්පර, මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශ වීම වැළැක්වීමට සහ සමුද්‍රීය සම්පත රැකගැනීම සඳහා බව පවසමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් සඳහන් කළේ ජනාධිපතිවරයා යටතේ කමිටුවක් පත් කරන බවට ඊයේ (09) දිනයේ පැවති සාකච්ඡාවේ දී ඔවුන්ට දැනුම් දුන් බවය.

කෙසේ වෙතත් ඔවුන් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටින බව ද වැඩිදුරටත් පැවසීය.

මේ අතර ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ  ප්‍රකාශ කළේ, වින්ච් මාදැල් ධීවරයින් ගොනුකර ඇති නඩුව පෙබරවාරි 27 වැනිදා යළි කැඳවන අතර ඉන් පසු ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවය.

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව තහනමක් පැනවීය.

ඒ කොරල්පර, මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශ වීම වැළැක්වීමට සහ සමුද්‍රීය සම්පත රැකගැනීම සඳහා බව පවසමිනි.

කෙසේවෙතත් එම තීරණයට විරෝධය පළකරමින් සහ එම තහනම ඉවත් කරන්නැයි ඉල්ලා දිවයිනේ ප්‍රදේශ කිහිපයක වින්ච් මාදැල් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පෙබරවාරි 5 වැනිදා සත්‍යග්‍රහයක් ඇරඹීය.

මේ අතර මුලතිව් මාදැල් ධිවරයින් පිරිසක් ද ඊයේ විරෝධතාවයට එක්ව සිටියේය.

fishermen 750x375
''ධීවරයා අන්දවා බලය ගත් වත්මන් රජය අද ධීවර කර්මාන්තයේ ‘පන්න’ ක්‍රමත් තහනම් කරන්න හදනවා'' - සජිත්

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සෙනසුරාදා උදෑසන මාදැල් ධීවරයින්ගේ උපවසා භූමියට ගොස් ඔවුන් සමග සාකච්ජා පැවැත්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඇතුළු මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුද එම අවස්ථාවට එක්ව සිටියේය.

එහිදී විපක්ෂ නායකවරයාට උණුසුම් පිළිගැනීමක් ලැබී තිබු අතර ධීවරයින් එකිනෙකා තමන්ගේ ප්‍රමුඛ ගැටළු විපක්ෂ නායකයා වෙත ඉදිරිපත් කර තිබිණ.

'' මම බොරු කියන්නේ නෑ, මේ ප්‍රශ්ණ සාකච්ජා කරන්න ඕන.  අපි පරිසරය ආරක්ෂා කරන්නත් ඕන, මුහුදු සම්පත විනාශ නොකරගෙන, අපේ ධීවරයින්ගේ ගැටළු විසඳලා, හොඳ මත්ස්‍ය අස්වැනක් නෙලා ගන්නේ කෙහොමද කියන දේ අපි අලුත් තාක්ෂණයත් යොදාගෙන හොඳම වැඩපිළිවෙල සකස් කරන්න ඕන, මාදැල් විතරක් නෙමෙයි, අපි අනිත් පන්න ක්‍රමවල නිරත ධීවරයින්ගෙන්, කරදිය, මිරිදිය හැම ධීවරයකුගේම ප්‍රශ්ණ වලට හොඳම විසඳුම් අපි සකස් කරන්න ඕන. ඔබතුමාලගේ සංගමයේ නියෝජිතයින් සහ අනිකුත් පන්න ක්‍රමවල ධීවරයින් ඔක්කොම දිනයක් දාගෙන විපක්ෂ නායක කාර්යාලයේදී හමුවෙමු. අපි කේෂ්ත්‍රයේ විද්වතුන් ගේන්නම් අපි කතා කරමු, ජාතික ධීවර ප්‍රඥප්තියක් හදන්නේ කොහොමද කියලා, එක, එක අවස්ථාවලට පැලැස්තර විසඳුම් ලබාදීලා මේ ප්‍රශ්ණ විසඳන්න බෑ'' යයි මෙහිදී විපක්ෂ නායකවරයා  ප්‍රකාශකර ඇත.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...