The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය කාටද? තීන්දුව හෙට (07)

T

The Leader Desk

November 6, 2025 • 3:32 AM

 ශ්‍රී දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය කාටද? තීන්දුව හෙට (07)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී මහා සංඝරත්නය ඇතුළු 267 ක පමණ නිලධාරීන් පිරිසක් දියවඩන නිලමේවරයකු පත්කර ගැනීම සඳහා ඡන්දය ලබා දීමට සුදුසුකම් සපුරා ඇත.
  • උඩරට රාජධානිය ඉංග්‍රීසින් අතට පත්වීමේ සිට මේ දක්වා දියවඩන නිලමේ ධුරයේ පුද්ගලයින් 19 දෙනකු කටයුතු කර තිබේ.
  • මෙවර පත්වන දියවඩන නිලමේවරයාට විහාර දේවාලගම් ආඥා පනතට අනුව 2035 වසර දක්වා ධුරයේ කටයුතු කිරීමට ඉඩ ලැබේ.
  • උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත්ව තිබූ දේවාල 31 ක් සඳහා මෙහිදී ඡන්ද හිමිකම ලැබෙන අතර දමින්ද බණ්ඩාර උඩුරාවණ හා ඒ.ඩබ්ලිව්.එස්.
අකුරු ප්‍රමාණය (Font Size):

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී මහා සංඝරත්නය ඇතුළු 267 ක පමණ නිලධාරීන් පිරිසක් දියවඩන නිලමේවරයකු පත්කර ගැනීම සඳහා ඡන්දය ලබා දීමට සුදුසුකම් සපුරා ඇත.

උඩරට රාජධානිය ඉංග්‍රීසින් අතට පත්වීමේ සිට මේ දක්වා දියවඩන නිලමේ ධුරයේ පුද්ගලයින් 19 දෙනකු කටයුතු කර තිබේ. මෙවර පත්වන දියවඩන නිලමේවරයාට විහාර දේවාලගම් ආඥා පනතට අනුව 2035 වසර දක්වා ධුරයේ කටයුතු කිරීමට ඉඩ ලැබේ.


Dalada 860x680.jpg
මෙවර දියවඩන නිලමේ ධුරය සඳහා වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සමග මහනුවර කතරගම මහා දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියකු වන ගාමිණි කළුහෙන්දිවල, පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන බදුල්ල සෝනුත්තර රජමහා විහාරස්ථානයේ හා සතර මහා දේවාල මහ නිලමේ රොෂාන් ප්‍රියදර්ශන හා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන නන්ද මඩුගල්ලේ මේ වනවිට ඡන්දය සඳහා ඉදිරිපත් වන බවට නම් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම, පැරණි උඩරට රාජධානියට අයත්ව තිබූ බල ප්‍රදේශයේ පිහිටි රජමහා විහාරස්ථානවල පැවිදි හා ගිහි භාරකාරවරුන් 157 දෙනකු, එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 71 දෙනකු හා විහාර දේවාලගම් ආඥා පනතට යටතේ ගැසට් කර තිබෙන දේවාලවල බස්නායක නිලමේවරුන් 29 දෙනකු මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත්ව තිබූ දේවාල 31 ක් සඳහා මෙහිදී ඡන්ද හිමිකම ලැබෙන අතර දමින්ද බණ්ඩාර උඩුරාවණ හා ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක දේවාල දෙකක බස්නායක නිලමේ ධුර හොබවන බැවින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙන්නේ එක් දේවාලයක් නියෝජනය කරමින් පමණි. මේ නිසා මෙවර බස්නායක නිලමේවරුන්ගේ ඡන්ද සංඛ්‍යාව 29 කට සීමාවී ඇත.

රැස්වීම් ශාලාවට ඇතුළු වීම සඳහා අවසර ලැබෙන්නේ අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කර තිබෙන පුද්ගලයින්ට හා ඡන්ද දායකයින්ට පමණි. ඡන්ද හිමිකමක් නොමැති අපේක්ෂකයකුගේ නම යෝජනා ස්ථිරත්වයෙන් සම්මත නොවුණහොත් ඔහුට රැස්වීම් ශාලාවේ රැඳී සිටීමට අවසර ලැබෙන්නේ නැත.

පෙර රජ දවස සිට පැවත එන දියවඩන නිලමේ ධුරය පෞරාණික බවත් ඉතිහාසය යළි කියවීම සංස්කෘතිය සමග බද්ධ කර ගනිමින් අනාගතය දක්වා ගෙන යන ඓතිහාසික බැම්මත් බවත් විශ්වාස කෙරේ.

(divaina | සමන්ති වීරසේකර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...