The Leader News
BREAKING
Top Ad
පුවත්

අකුරම්බොඩ එකම පවුලේ 07ක් එක තැන වැළලෙයි

T

The Leader Desk

November 30, 2025 • 4:50 PM

අකුරම්බොඩ එකම පවුලේ 07ක් එක තැන වැළලෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකම පවුලේ හත් දෙනෙකු නිවස තුළදීම මිය ගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි.
  • ඉකුත් දා (29) අලුයම 1.30 ට පමණ නිවසට ඉහළින් පිහිටි විශාල ගල් පර්වත කිහිපයක් හා පස් තට්ටු නිවස මත වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
  • මිය ගිය අයවලුන් අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටි දියණියක් මෙන්ම අවුරුදු එකයි මාස දහයක කුඩා දරුවෙකු ද සිටින බව පොලිසිය කියයි.
  • මියගිය පුද්ගලයින් සියළු දෙනාගේ සිරුරු අද (30) දහවල් වන විට ගොඩගත් බව පොලිසිය කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එකම පවුලේ හත් දෙනෙකු නිවස තුළදීම මිය ගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි.

ඉකුත් දා (29) අලුයම 1.30 ට පමණ නිවසට ඉහළින් පිහිටි විශාල ගල් පර්වත කිහිපයක් හා පස් තට්ටු නිවස මත වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

මිය ගිය අයවලුන් අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටි දියණියක් මෙන්ම අවුරුදු එකයි මාස දහයක කුඩා දරුවෙකු ද සිටින බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයින් සියළු දෙනාගේ සිරුරු අද (30) දහවල් වන විට ගොඩගත් බව පොලිසිය කියයි.

පස්චාත් මරණ පරික්ෂණ සිදුකිරිමෙන් අනතුරුව අදාල සිරුරු භුමදානය කිරිමට ද නියමිතය.

මෙලෙස මියගිය අයවලුන් වන්නේ මාතලේ අම්බොක්ක ලිපිනයේ පදිංචිව සිටි ආර්.එම්. රංජිත් රත්නාය - (59) එච්.එම්.විජේලතා මැණිකේ-(55) එම්.ජි.ගුණරත්න මැණිකේ- (55) ආර්.එම්. පත්මකුමාර(78)

ආර්.එම්.ඊ.උදේශිකා රත්නායක- (19) කේ.එස්.පී.ප්‍රීතිමාලි ගුණරත්න (34) ආර්.එම්.මනුරි මිනාරා රත්නායක- අවුරු 01 යි මාස 10 යි) යන අයවලුන්ය.

සිරුරු ගොඩ ගැනීම සදහා මහවෙල පොලිසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක  පාලිත ජයරත්න මහතාගේ උපදෙස් පරිදි ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුනිල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සහ දඹුල්ල විශේෂ කාර්ය බලකා සෙබලු මෙන්ම කොහොලන්වල විශේෂ බලකා සෙබලු මෙන්ම ප්‍රදේශවාසින් පිරිසක් ද එක්ව සිටියහ.

මීට අමතරව ආපදාවට ලක්වු පවුල් හැටක පුද්ගලයින් 160 ක් අම්බොක්ක විහාරස්ථානයේ හා රුසිගම ගල්ලෙන බෝධිරාජාරාම විහාරස්ථානයේ පුද්ගලයින් 149 දෙනෙකු සුරක්ෂිත කදවුරු වල රදවා ඇතැයි ද පොලිසිය කියාසිටියේය.

(lankadeepa | ඉන්දික අරුණ කුමාර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අකුරම්බොඩ එකම පවුලේ 07ක් එක තැන වැළලෙයි | The Leader