The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

වසරේ ගෙවුණු මාස 09 තුළ ඩොලර් බිලියන 13කට ආසන්න අපනයන ආදායමක්

T

The Leader Desk

October 23, 2025 • 3:30 PM

වසරේ ගෙවුණු මාස 09 තුළ ඩොලර් බිලියන 13කට ආසන්න අපනයන ආදායමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ ගෙවුණු මාස 9තුළ ඇමරිකානු ඩොලර් බිලියන 13කට ආසන්න අපනයනය ආදායමක් ලබා ඇති බවත් එය අපනයන ආදායමේ 7% ක වර්ධනයක් බවත් ශ්‍රි ලංකා අපනයන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ පවසයි.
  • සභාපතිවරයා මේ බව පැවසුවේ, අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති 2025 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රි ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට අදාළ ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.
  • සැප්තැම්බර් මාසයේ සමස්ථ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1469 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව 12.33%ක වර්ධනයක් බවද හෙතෙම පැවසිය.
  • වෙළෙද භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,240 ක ප්‍රමාණයක් ලබා ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව 7.59% ක වර්ධනයක් වන බවත් සේවා අංශයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2746 ක් බවත් එය පසුගිය වසරට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 306 දක්වා ප්‍රමාණයක ආදායමක් ලබා ඇතැයි ද පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ  ගෙවුණු මාස 9තුළ ඇමරිකානු ඩොලර් බිලියන 13කට ආසන්න අපනයනය ආදායමක් ලබා ඇති බවත් එය අපනයන ආදායමේ  7% ක වර්ධනයක් බවත් ශ්‍රි ලංකා අපනයන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ  පවසයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ, අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති 2025 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රි ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට අදාළ ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.

සැප්තැම්බර් මාසයේ සමස්ථ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1469 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එය පසුගිය වසරට  සාපේක්ෂව 12.33%ක වර්ධනයක් බවද හෙතෙම පැවසිය.

වෙළෙද භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,240 ක ප්‍රමාණයක්  ලබා ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව  7.59% ක වර්ධනයක් වන බවත් සේවා අංශයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2746 ක් බවත් එය පසුගිය වසරට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 306 දක්වා ප්‍රමාණයක ආදායමක් ලබා ඇතැයි ද පැවසිය.

අපනයන ආදායමේ වර්ධනයට සැප්තැම්බර් මාසයේ දී අංශ කිහිපයක ධනාත්මක වර්ධනය බලපා ඇති බවත් විශේෂයෙන් තේ අපනයන අංශය, පපොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රෝනික අංශය, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ලංකාවේ අහාරපාන අංශය, මුහුදු අහාර, එළවළු සහ පළතුරු අංශවල අපනයන අදායම බලපැ බවද සඳහන් කළේය.

සැප්තැම්බර් මාසයේ අපනයන ආදායමේ වර්ධනයට ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය ,බෙල්ජියම, ඔස්ට්‍රේලියාව , නෙදර්ලන්තය, හොංකොං වැනි රටවලවල අපනයන ආදායම බලපැ බවද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම වසරේ ඊලග කාර්තුවේ දී 8% ක 10% අපනයන ආදායමේ වර්ධනයක් ලගා කර ගැනීම ඉලක්කය බවත් ඒ වෙනුවෙන් අපනයන වෙළෙඳපළ විවිධාංගිකරණය කිරීම , අපනයන භාණ්ඩ විවිධාංගීකරණය කිරීම සහ  ඒ වෙනුවෙන් වැදගත් ප්‍රතිපත්ති තීරණ ගැනීම සිදු කරන බවද අවධාරණය කළේය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...