මෙහිදී මෙම ගල් අඟුරු වංචාව පිළිබඳව ඕනෑම ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබාදීම සඳහා ප්‍රශ්නෝත්තර සැසියක්ද පවත්වනු ලබන බවද 'මහජන හඬ' මෙහෙයුම් කමිටුව විසින් දන්වා ඇත.
මේ වනවිට තත්වයෙන් බාල ගල් අඟුරු ගෙන්වීම නිසා සිදුවූ පාඩුව බිලියන ගණනක් බව 'මහජන හඬ' මෙහෙයුම් කමිටුව විසින් පෙන්වා දී ඇත.
ඒ අනුව අද (මාර්තු 09) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පස්වරු 3.00ට මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.
ගල්අඟුරු ඇත්ත කතාව හොයන්න “කෝප්” වැඩට බහී!
ලක්විජය බලාගාරයට ගෙන ආ ගල් අඟුරු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ලබන සතියේ දී ආරම්භ කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) තීරණය කර ඇත.
එම විමර්ශනයෙන් අනතුරුව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර ඇතුළු කණ්ඩායමක් එහි මූලික පියවරක් ලෙස එම බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක පසුගිය 6 වැනි දා සිකුරාදා නිරතවිය.
එම සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වන මන්ත්‍රී නිශාන්ත සමරවීර පවසන්නේ, ගල් අඟුරු නිසි ප්‍රමිතියක් තිබේදැයි සොයා බැලීමට රටේ විධිමත් රසායනාගාරයක අවශ්‍යතාව පෙනී ගිය බවයි.
ගල් අඟුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කියපු සියල්ලම ඇත්ත නොවේ යැයි එහිදී තේරුම් ගිය බවද ඔහු ප්‍රකාශ කළේය
රුවන් මාපලගම සහ සුනිල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද එම සංචාරයට එක්වූහ
| lankalokaya




