ඉහල උසාවියේ පවරා ඇති නඩුවලින් හතරෙන් පංගුවකට වැඩි චූදිතයන්ද පොලිසියේ සාමාජිකයන් ය.
2025 ජනවාරි පළමුවැනි දා සිට සැප්තැම්බර් 30 දින දක්වා සිදු කළ වැටලීම් 94 දී සැකකරුවන් 63 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවු අතර වැටලීම් 94 න් 37 ක්ම පලදායි නොවු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැට තුන්දෙනා අතරින් විසි දෙනකු ම පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයෝ වෙති.
දෙවැනියට වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්ව ඇත්තේ අධිකරණ අමාත්‍යාංශය හා සම්බන්ධිත නිලධාරීන්ය. එම ගණන නමයකි.
සිවිල් පුද්ගලයන් හය දෙනකු මෙන්ම ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ද එම කාල සීමාව තුලදී අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලි ලැබීම්
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන ආකාරයට 2025 වසරේ ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුලදී කොමිෂන් සභාව වෙත ලැබී ඇති මුළු පැමිණිලි ගණන 5776 කි.
ඒ අතරින් විමර්ශනය කිරීම සදහා නියෝග ලද පැමිණිලි 365 ක් වන අතර ප්‍රමාණවත් කරුණු නොතිබීම හා පනතට අදාල නොවීම නිසා විමර්ශනය නොකිරීම සදහා නියෝග ලද පැමිණිලි ගණන 1569 ක් බව එම කොමිසම සඳහන් කරයි.
ඉතිරි පැමිණිලි ගණන 1711 කි.
මෙම කාලය තුලදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහාධිකරණයේ පවරා ඇති නඩු සංඛ්‍යාව 71 කි. එම නඩු වලට අදාල චුදිතයන් ගණන 86 කි. ඒ අතුරින් 25 දෙනකුම පොලිස් නිලධාරීන් ය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ 2025 සැප්තැම්බර් 30 වැනිදා වන විට අධිකරණවල විභාග වෙමින් පැවැති නඩු ගණන 276 ක් බවයි. ඒ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 20 ක්, මහාධිකරණයේ නඩු 255 ක් හා ත්‍රිපුද්ගල මහාධිකරණයේ එක් නඩුවක් වශයෙනි.




