The Leader News
BREAKING
Top Ad
පුවත්

මාර්තු 1 වැනිදා ඉඳන් ලොකු ප්‍රශ්නයක් වෙන්නයි යන්නේ! - බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව

T

The Leader Desk

February 24, 2026 • 7:51 AM

මාර්තු 1 වැනිදා ඉඳන් ලොකු ප්‍රශ්නයක් වෙන්නයි යන්නේ! - බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු පෙන්වා දෙන්නේ මෙතෙක් කාලයක් මීට පෙර ආනයනය කළ ගල්අගුරු ද බලාගාරය සඳහා භාවිත කළ අතර ලබන මස පළමුවන දින සිට පූර්ණ වශයෙන් භාවිතා කිරීමට සිදුව ඇත්තේ නව ආනයනික ගල්අගුරු බවය.
  • මෙමඟින් ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රවලට හානි සිදුවිමේ අවදානමක් පවතින බව ආචාර්ය විදුර රළපනාව සඳහන් කළේය.
  • "තාම පැය 10 - 16ක් වගේ පොඩි ප්‍රමාණයකට විතරයි දකුණු අප්‍රිකාවෙන් ගෙනාපු ගල්අඟුරු පාවිච්චි කරන්නේ.
  • නමුත් නොරොච්චෝලේ බලාගාරයේ කට්ටියගෙන් ඇහුවොත් කියන්නේ, ඒ අයත් සෑහෙන්න බයවෙලා ඉන්නේ මාර්තු 1 වනදායින් පස්සේ, සම්පූර්ණයෙන්ම අලුත් ගල්අඟුරුවලට මාරු වෙන්න සිද්ධවෙනවා මොකද කලින් ගෙනාපු ගල්අඟුරු ඉවර වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු පෙන්වා දෙන්නේ මෙතෙක් කාලයක් මීට පෙර ආනයනය කළ ගල්අගුරු ද බලාගාරය සඳහා භාවිත කළ අතර ලබන මස පළමුවන දින සිට පූර්ණ වශයෙන් භාවිතා කිරීමට සිදුව ඇත්තේ නව ආනයනික ගල්අගුරු බවය.

මෙමඟින් ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රවලට හානි සිදුවිමේ අවදානමක් පවතින බව ආචාර්ය විදුර රළපනාව සඳහන් කළේය.

"තාම පැය 10 - 16ක් වගේ පොඩි ප්‍රමාණයකට විතරයි දකුණු අප්‍රිකාවෙන් ගෙනාපු ගල්අඟුරු පාවිච්චි කරන්නේ. මොකද කලින් සප්ලයර් ගෙනාපු ගල්අඟුරු තාම තියෙනවා බලාගාරයේ. නමුත් නොරොච්චෝලේ බලාගාරයේ කට්ටියගෙන් ඇහුවොත් කියන්නේ, ඒ අයත් සෑහෙන්න බයවෙලා ඉන්නේ මාර්තු 1 වනදායින් පස්සේ, සම්පූර්ණයෙන්ම අලුත් ගල්අඟුරුවලට මාරු වෙන්න සිද්ධවෙනවා මොකද කලින් ගෙනාපු ගල්අඟුරු ඉවර වෙනවා.

මේ ප්‍රමිතියෙන් අඩු ගල්අඟුරු පැය 24ක් පුරා පාවිච්චි කරාම මේ යන්ත්‍රවලට වෙන හානිය තමා මේකට එන ලොකුම ගැටලුව. එතකොට නොරෙච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර දෙක තුනක් ඩැමේජ් වුණොත් මේ වැස්සත් නැති කාලේ. අපි මොකද කරන්නේ. එහෙම වුණොත් ලංකාවේ විදුලිබල පද්ධතියට ඉතා ලොකු පහරක් වෙනවා. කරුණාකරලා ඉංජිනේරුවන් හම්බවෙලා හරි ක්‍රියාමාර්ගයකට එන්න. මුළු රටේම විදුලිබල කෙෂ්ත්‍රයේ සුරක්ෂිතභාවය නැති වෙලා විශාල ප්‍රමාණයකින් විදුලි බිල වැඩිකරන්න වෙනවා මේක හරියට මැනේජ් කරගත්තේ නැත්නම්."




තත්ත්වය භයානකයි - පාඨලී ගෙන් විශේෂ දැනුවත් කිරීමක් !

මේ අතර එක්සත් ජනරජ පෙරමුණ විසින් ඊයේ (23) දින ගල් අඟුරු වංචාව පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ  වැඩසටහනක් සංවිධානය කර තිබිණ.

මෙම වැඩසටහන පැවැත්වුයේ එම පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක විසිනි.

ආන්දෝලනාත්මක ගල් අඟුරු වංචාව සහ වත්මන් තත්වය පිළිබඳවත්, එම ක්‍රියාවලිය පිළිබඳවත් ඔහු මෙහිදී සම්පුර්ණ විග්‍රහයක් සිදුකල අතර, විවිධ කණ්ඩායම් විසින් එල්ල කරන මඩ, අවලාද චෝදනා සඳහාද මෙහිදී පිළිතුරු ලබා දිය.




 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාර්තු 1 වැනිදා ඉඳන් ලොකු ප්‍රශ්නයක් වෙන්නයි යන්නේ! - බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව | The Leader